ගොඩක් ලේසි Forex ස්ට්‍රැටජි එකක්

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    iQM - Ignored Quasimodo Pattern

    මුලින් බලමු ක්වසිමෝඩෝ කියන්නේ මොකක්ද කියලා
    හරි කතාව මෙහෙමයි. මේ ස්ට්‍රැටජිය එන්නේ ප්‍රයිස් ඇක්ශ්න් වලින්. සමහර අය අහලා ඇති ක්වසිමොඩෝ පැටන් එක ගැන. අන්න ඒකේ විලෝමය වගේ දෙයක් තමයි මේක. ක්වාසිමොඩෝ කියන්නේ මේ වගේ දෙයක්. ප්‍රයිස් එක මුලින්ම හයි(High) එකක් හදනවා. ඊට පස්සේ ලෝ(Low) එකක් හදනවා. ඊට පස්සේ කලින් හදපු හයි එකට වඩා හයි (Higher high) එකක් හදනවා. පස්සේ කලින් හදපු ලෝ එකට වඩා පහලින් ලෝ(Lower low) එකක් හදනවා. ඊට පස්සේ මුලින්ම හදපු හයි එක ලෙවෙල් එකට ප්‍රයිස් එක ආවම අපි සෙල්(sell) කරනවා. ඕක තමයි ක්වාසිමෝඩො(Quasimodo/QM) පැටන් කියන්නේ. එච්චර සරල නෑ.. නමුත් සරලව කිව්වොත් එහෙම තමා. පලවෙනි රූපෙන් පෙන්නලා තියෙන්නේ ක්වසිමොඩෝ පැටන් එක.
    GBPJPY.....M1.png

    මේ පැටන් එකේ වැඩේ තියෙන්නේ මේකයි. හරියට අදුරගත්තේ නැත්තම් ලොස් වෙනවා. ඉතින් මම අද මේ දාන ස්ට්‍රැටජිය(Strategy) ටිකක් හුරු නැති වෙන්න පුලුවන්.. හැබැයි ඇස හුරු කරගත්තොත් වරදින්නෙ නැ. මම ඇදපු රූපයක් දාලා තියෙනවා. දෙවනි රූපෙ. ප්‍රයිස් එක කොහොමද කියලා පෙන්නන්න. පස්සේ දාලා තියෙන්නේ ඇත්ත චාට් එකක ප්‍රයිස් එක.
    iqm.png


    ඔහොම මම පෙන්නුවට ඇත්තටම ට්‍රේඩ් කරන්න යන්නේ ඔහොම නෙවෙයි. පහල තියෙනවා ට්‍රේඩ් කරන්න ඇනලයිස් කරන විදිය.

    1. මුලින්ම පැටන් එක හොයන්න ඔන ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකක. හෙතුව තමයි. අපිට අඩු තරමේ පිප්ස් 20ක්වත් ට්‍රෙඩ් කරන්න එපයි. නැත්තම් වැඩක් නැ. (පිප්ස් ගානෙන් ට්‍රෙඩ් මනින්න එපා. මම නිකන් කිව්වෙ) ටයිම් ෆ්‍රේම් එක ලොකු වෙන තරමට ට්‍රේඩ් එකත් ලොකුයි. higher high බ්‍රේක් වෙලා ප්‍රයිස් එක උඩට යනකන් ඉන්න ඔන. ඊට පස්සේ තමයි අපි high ලෙවෙල් එකෙන් බයි ලිමිට් එක දාන්නේ. *** දාල පෙන්නලා තියෙන්නෙ එක තමයි. තුන් වෙනි ඉමේජ් එක.
    highTF.png


    2. දැන් අර හොයාගත්ත පැටන් එකේ හයි ලෙවෙල් එක මාර්ක් කරලා තිරස් ඉරක් අදින්න. එතකොට පේනවා ඔයාලට ඒ තිරස් ඉර අන්තිමට කැපෙන තැන ඩිමාන්ඩ් සෝන් එකක් හැදිලා තියෙනවා කියලා. මම පහල මාක් කරලා තියෙනවා. පේන්නෙ නැත්තම් ටයිම් ෆ්‍රේම් එක අඩු එකකට ගිහින් බලන්න. 4වෙනි රූපෙ.
    AUDUSD.....H1.png


    3. දැන් එ ඩිමාන්ඩ් සෝන් එකේ යට කෙලවර ඔයාලගේ එස්.එල් එක දාන්න. උඩ කෙලවරේ බයි ලිමිට් ඕඩර් එක දාන්න. උඩ කෙලවර උඩ වැඩි හිතෙනවනම් හයි ලෙවෙල් එක මාර්ක් කරපු ඉර ලගින් දාන්න බයි ලිමිට් එක. පිප්ස් 10ක් 20ක් වගේ නම් ගොඩක් හොදයි. මොකද ලොකු අනලයිසිස් කරන්නේ නැතිව ලෙසියෙන් ට්‍රේඩ් කරන්න යන නිසා. හොදට ඇනලයිස් කරලා ‍රිස්ක් රෙවෝඩ් එක ගොඩක් වැඩි ට්‍රෙඩ් ගන්න විදිය පස්සේ කියන්නම්. 4වෙනි රූපෙ ම තමා.

    පහල කරුනු ගැන අවදානය දෙන්න ඔන මේ ක්‍රමේ අනුගමනය කරද්දි.

    1. බොහො වෙලාවට මේ ට්‍රෙඩ් ප්‍රොෆිට් වෙනවා. හැබැයි පූර්න සන්ක්‍යා ලගදි ස්ටොප් හන්ට් වෙන්න පුලුවන්. එ නිසා පිප්ස් 10ක් 20ක් වගෙ අරන් ට්‍රෙඩ් එක ක්ලොස් කරන්න. එහෙම නැත්තම් පූර්න සන්ක්‍යා ලගදි ට්‍රෙඩ් නොගෙන ඉන්න.

    2. මුලින්ම පැටන් එක හුරු කරගන්න ඇසට. එතකොට ඉක්මනට හැමතැනම මෙ පැටන් එක ඔයාල දකිවි.

    3. මම හයි කියලා මාක් කරන එක ස්පයික් එකක් එහෙම නැත්තම් කැන්ඩල් එකක වික් එකක් වෙනවානම් වඩා හොදයි. ඇයි කියලා කියන්න වෙනමම පොස්ට් එකක් දාන්න වෙනවා. දැනට මතක තියාගන්න එහෙම.

    ප්‍රශ්න තියෙනවානම් අහන්න. මම මේත් එක්ක සාම්පල් ට්‍රේඩ් චාර්ට් ටිකක් දැම්මා.

    5 වෙනි රූපෙ GBPUSD
    trade1.png



    6 වෙනි රූපෙ USDJPY
    trade2.png


    7 වෙනි රූපෙ GOLD එකම චාට් එකේ ට්‍රේඩ් දෙකක්.
    trade3.png


    Note: 6 වෙනි ඉමෙජ් එකෙ තියෙන්නේ සෙල් කරන විදිය බයි කරන විදියේම අනිත් පැත්ත. හිතලා බලන්න. වෙනම ලියන්න ඔනෙ නෑ එ ගැන.
    පුලුවන් නම් කට්ටිය මේ වගේ සාම්පල් ටිකක් හොයලා දාන්න. මට පුලුවන් හරි වැරදි කියන්න.
     

    Night_Fury

    Junior member
  • Mar 13, 2011
    68
    3
    18
    skrill account eka ta salli daganna whidiak tiyanwa da?
    wena widihak tiyannwa da ?
    dann kenak help ekka denna
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    kawda machan umba trade karana broker? umbawa follow karanna puluwanda? social trading platform profile mukuth thiyenawada?
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    kawda machan umba trade karana broker? umbawa follow karanna puluwanda? social trading platform profile mukuth thiyenawada?
    @piyals facebook innawa.. https://www.facebook.com/profile.php?id=100006269087640

    6 වෙන් රූපෙ විදිහට එතන sell එකක් නේද වෙන්න ඕන ?
    ඔව් ඔව් මම පෙන්නලා ත්‍යෙන්නෙත් sell එකක් තමා
    ------ Post added on Feb 10, 2021 at 5:57 PM

    @Candid-B මට වැරදිලා මචන්. buy කියල දාල තියෙන්නේ..
    ------ Post added on Feb 10, 2021 at 5:59 PM
     
    • Like
    Reactions: Candid-B

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    Ow machan.. quasimodo kiyana dema thawa widiyataka (candlestick walin) dekapu kenek thama me strategy eka hoyagena thiyenne kiyala matath hithuna :)
    Mokakda ethakota meke wenasa quasimodo eken?

    Quasimodo ekak fail weema ne methana wela tiyenne? Fail unata passe ignored quasimodo ekak hadenna loku chance ekak tiyenawada? Diamond ekak hadennath chance ekak tiyenawa neda?
     
    • Like
    Reactions: fdx