ගොඩනැගිලි සැලසුම අනුමත කරවා ගැනීමට උදව්ව
මචන් ලා අමාරුවෙන් හරි හම්බ කරපු සල්ලි වලින් ලෝන් එකකුත් දාල ඉඩමක් ගත්තා ගෙයක් හදන්ට කියලා. ඉතින් ගොඩනැගිලි සැලසුමත් අන්දවා ගත්තා අදාළ නීති වලට අනුකුලව. සැලසුම ඇන්දේ වරලත් ගොඩනැගිලි සැලසුම් ශිලිපියෙක්. අන්ධ බිත්ති (blind wall) තියෙන නිසා ඒක තව වරලත් ඉන්ගිනේරුවරයෙක් ලවා සහතික කරගෙන කස්බාව නගර සභාවට දුන්නා අදාල ගාස්තුත් ගෙවලා. පලවෙනි පාර ප්‍රතික්ෂේප කරලා තිබුනා. කිසිම හේතුවක් නැහැ. බොරු හේතු මවා පෙන්වල තිබුනා. කෝකටත් මම සැලසුම ඇඳපු වරලත් ශිල්පියා හමුවී කිව්වා ඇඳපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙලා කියල. ඔහු ඇහුවා පෙන්වල තියෙන වැරදි මොනවද කියලා, මම ඒකෙ පිටපතක් ඔහුට දුන්නා. ඔහු ඒක බලලා කිව්වා ඔවුන් කියන ආකාරයේ වැරද්දක් නැති බව. එනමුදු නැවත නගර සභාව කියන ආකාරයටම තව සවිස්තරව දක්වල නැවත සැලසුම ඇඳලා මට දුන්නා, මුලින් දක්වපු වැරදි කියා පෙන්වන ලද ඒවාට පිළිතුරු ලිපියකුත් සමග. මම නැවත සැලසුම අනුමත වීම සඳහා බාරදුන්නා. දැන් නැවත එය ප්‍රතික්ෂේප වී ඇති බව සතුටින් දැනුම් දෙන ලදී.
මචන්ලා මට නම් එපා වෙලා. උන් කියන විදියට කොහොම අපි ලංකාවේ හොඳම ගෘහනිර්මාණ ශිල්පියෙකු ලවා ඇන්දත් අනුමත කරන්නේ නෑ. ඉතින් ඕක අනුමත වෙන්නේ එහි තාක්ෂණික ශිල්පියාගේ (TO) අභිමතය අනුව බව මම අසා තිබේ. මම සැලසුම මුලින්ම භාර දෙනවිට ඉඩම බලන්න යන්න දවසක් TO මහත්තයගෙන් අහල යොදාගන්න කිව්වා. ඉතින් ඔහු මුණගැහුණු විට මුලින්ම ඇහුව සැලසුම ඇන්දාද කියල මගෙන්, ඔහු කීවා ඔහුටද සැලසුමක් කරදිය හැකි බව. මම කිව්වා දැනටමත් ඇඳලා තියෙන්නේ අනුමතවිම සඳහා බාරදුන්න කියා. ඇයි බන් මෙහෙම වෙන්නේ. මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි විධිමත් පියවර කුමක්ද? පැමිණිලි කල යුතුද? මිතුරනි මට උදව් කරන්න මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම විසඳුම. මට ඕන ඉක්මනින් අනුමත කරවා ගන්න.

Last edited: