ගොඩනැගිලි සැලසුම අනුමත කරවා ගැනීමට උදව්ව

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    108
    43
    ගොඩනැගිලි සැලසුම අනුමත කරවා ගැනීමට උදව්ව

    මචන් ලා අමාරුවෙන් හරි හම්බ කරපු සල්ලි වලින් ලෝන් එකකුත් දාල ඉඩමක් ගත්තා ගෙයක් හදන්ට කියලා. ඉතින් ගොඩනැගිලි සැලසුමත් අන්දවා ගත්තා අදාළ නීති වලට අනුකුලව. සැලසුම ඇන්දේ වරලත් ගොඩනැගිලි සැලසුම් ශිලිපියෙක්. අන්ධ බිත්ති (blind wall) තියෙන නිසා ඒක තව වරලත් ඉන්ගිනේරුවරයෙක් ලවා සහතික කරගෙන කස්බාව නගර සභාවට දුන්නා අදාල ගාස්තුත් ගෙවලා. පලවෙනි පාර ප්‍රතික්ෂේප කරලා තිබුනා. කිසිම හේතුවක් නැහැ. බොරු හේතු මවා පෙන්වල තිබුනා. කෝකටත් මම සැලසුම ඇඳපු වරලත් ශිල්පියා හමුවී කිව්වා ඇඳපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙලා කියල. ඔහු ඇහුවා පෙන්වල තියෙන වැරදි මොනවද කියලා, මම ඒකෙ පිටපතක් ඔහුට දුන්නා. ඔහු ඒක බලලා කිව්වා ඔවුන් කියන ආකාරයේ වැරද්දක් නැති බව. එනමුදු නැවත නගර සභාව කියන ආකාරයටම තව සවිස්තරව දක්වල නැවත සැලසුම ඇඳලා මට දුන්නා, මුලින් දක්වපු වැරදි කියා පෙන්වන ලද ඒවාට පිළිතුරු ලිපියකුත් සමග. මම නැවත සැලසුම අනුමත වීම සඳහා බාරදුන්නා. දැන් නැවත එය ප්‍රතික්ෂේප වී ඇති බව සතුටින් දැනුම් දෙන ලදී.

    මචන්ලා මට නම් එපා වෙලා. උන් කියන විදියට කොහොම අපි ලංකාවේ හොඳම ගෘහනිර්මාණ ශිල්පියෙකු ලවා ඇන්දත් අනුමත කරන්නේ නෑ. ඉතින් ඕක අනුමත වෙන්නේ එහි තාක්ෂණික ශිල්පියාගේ (TO) අභිමතය අනුව බව මම අසා තිබේ. මම සැලසුම මුලින්ම භාර දෙනවිට ඉඩම බලන්න යන්න දවසක් TO මහත්තයගෙන් අහල යොදාගන්න කිව්වා. ඉතින් ඔහු මුණගැහුණු විට මුලින්ම ඇහුව සැලසුම ඇන්දාද කියල මගෙන්, ඔහු කීවා ඔහුටද සැලසුමක් කරදිය හැකි බව. මම කිව්වා දැනටමත් ඇඳලා තියෙන්නේ අනුමතවිම සඳහා බාරදුන්න කියා. ඇයි බන් මෙහෙම වෙන්නේ. මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි විධිමත් පියවර කුමක්ද? පැමිණිලි කල යුතුද? මිතුරනි මට උදව් කරන්න මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම විසඳුම. මට ඕන ඉක්මනින් අනුමත කරවා ගන්න.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,500
    113
    ජරාවෙන් තොරව ඔය වැඩේ ලංකාවෙ කරන්න බෑ.
    මට 15 000 ක් දෙන්න උනා ප්ලෑන ඇප්රුව් කර ගන්න.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මහ ජරා සත්තු බන් ඔකේ ඉන්නේ..මගේ ඉඩමත් තාම පාස් කරේ නැහැ.දැන් අවුරුද්දක් වෙනවා..ඔය ගාණක් කඩා ගන්න හදන්නේ.ඒක කියන්නෙත් නැහැ.අපෙන්ම වචනේ එනකන් ඉන්නවා බොරුවට වැරදි හොය හොයා..ඔකුන්ගේ පවුලේ උන්ටත් සාප වෙන්න ඕන අහිංසක අපිව මෙහෙම රස්තියාදු කරනවට.පාහරයෝ..:angry::angry::angry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    තොත්ත බබා;20595410 said:
    ජරාවෙන් තොරව ඔය වැඩේ ලංකාවෙ කරන්න බෑ.
    මට 15 000 ක් දෙන්න උනා ප්ලෑන ඇප්රුව් කර ගන්න.

    ඔය දෙන හින්දා තමා උන් අපෙනුත් ඒවා බලාපොරොත්තුවෙන්නේ.ප්ලෑන් එක අවුලක් නැත්නම් සල්ලි උන්ට දෙන්නේ මොන බම්බුවටද..අනේ අපේ රටේ හරි නායකයෙක් බිහිඋනේ නැහැනේ ඕකුන් කොනක ඉදන් සුද්ද කරලා දාන්න.:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,339
    113
    යකෝ මේක මහ පුදුම වැඩක්නේ.මගේ ඉඩමත් ඔය කැස්බෑව ප්‍රාදේශීය එකේ උන් පාස් කරන්නේ නැහැ.එක එක හේතු කියනවා..මම දැන් ගේ ප්ලෑන් එකත් ඇදලා තියෙන්නේ.ඉඩම පාස් කරගන්න මෙහෙමනම් ගේ කොහොම වෙයිද කියලා හිතාගන්න පුළුවන්.මම මීට කලිනුත් ත්‍රෙඩ් දෙකක් වගේ දැක්කා කැස්බෑව ප්‍රාදේශීය එකට බැනලා දාපු.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය වගේ පගා කාරයන්ගේ දරුවොන්ටත් හරියන්නේ නෑ බන්. උඹල තියන දෙස් ටිකම ඇති ඔය සල්ලි උන්ට යාදෙන්නේ නෑ.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක් TOල ඔහොම තමයි බන්.. එපාවෙනවා සැලසුමක් පාස් කරගන්න ගියහම. ඇතුලේ කවුරුහරි අඳුරන එකෙක් ඉන්නවනම් වැඩේ ශේප් එකේ ගොඩගන්න පුළුවන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ප්ලෑන ඇඳපු එකාවත් එක්කගෙන පලයන් නගර සභාවට.සමහර විට ප්ලෑන් එකේ අවුලක් තියෙන්න පුලුවන්.කිවුවට උඹට තේරෙන්න නැති.ප්ලෑන් එක ඇඳපු එකාව එක්කන් ගියාම ඌ දන්නවා කථාකරන්න ඕනි විදිය.
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    වරලත් ගොඩනැගිලි සැලසුම් ශිලිපියෙක් කිවුවේ මොකෙක්ද බන්?

    වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු (Chartered Architect) බවට නිවැරදි විය යුතුයි. මට හිතෙන්නේ වූ පුරුදු වෙන්න ඇඳපු එකක් වගේ.

    :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    nirnamikawa ot ta lipiyak yawapan kari wada karanna epa kiyala. wade hariyanne nattan crossbow ekakin thiyala dapan. mun hitiyat wadak nane