ගොඩාක් බැංකු Google Pay යන්නැත්තේ ඇයි?

PolSambol.exe

Junior member
  • May 1, 2026
    38
    50
    18
    බැංකු වලින් ජාත්‍යන්තර කතායි, නව්‍යකරණ බයිලයි ගැහුවත් තවමත් Google Pay ගිහින් තියෙන්නේ බැංකු හතරයි.

    අනිත් බැංකු ටික Google Pay එන්න කොච්චර කාලයක් යාවිද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    ගුගල් පේ වලින් ලංකාවෙ ශොප් වලට ගෙවද්දි ෆොරීන් කාර්ඩ් එකකින් ගෙවනවා කියලා වැටෙන්නෙ.
    එතකොට 3% නෙවෙ කැපෙන්නෙ, 5% ද කොහෙදැ කැපෙනවා...
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,353
    8,857
    113
    image.png


    https://support.google.com/wallet/answer/12059326?hl=en&co=GENIE.CountryCode=LKa


    HNB denne visa debit witharai.. hari haman competiton ekakwath denna behane munta..
     
    • Sad
    Reactions: PolSambol.exe

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63
    එතකොට 3% නෙවෙ කැපෙන්නෙ, 5% ද කොහෙදැ කැපෙනවා...
    ඒක තමා ඇත්ත ප්‍රශ්නෙ බං. ලංකාවෙ card එකකින් ගෙවද්දි ඒක cross border එකක් විදියට තමා settle වෙන්නෙ, ඒක නිසා 5% කැපෙනවා. අනිත් බැංකු දාන්නෙ නෑ, දැම්මත් ගාණ අපි ගෙවනවා යකෝ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    Pay නෙවෙයි මුන් ඇප් හදලා ඒව use කරනවට වඩා ලේසියි පෝලිමේ ගිහිං වැඩක් කරගන්නවා. පුදුම වදයක් දෙන්නේ security features කියලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    ඔව්. බැංකු උන්ම Tap & Pay පටන් ගන්න යන්නේ. ඒවා සාර්ථක ලබ්බවල් නෙවේ. මේ වගේ දේකට ආවා නම්...
    Boc එකේ නන් දැක්ක මම enable කරේ නෑ. Google wallet එකට card එක add කරන එක දැනට use කරනවා. We pay එකෙන් QR payment තිබ්බොත් කරනවා. Direct access දෙන්න තරං ෂුවර් එකක් නෑ.

    සිරාවටම ......
    අර com Bank එකේ වෙන browser එකකින් ගියත් ලොක් උනා. මම දැන් app එක තියාගෙන ඉන්නවා balance බලන්න විතරක්. නැත්තං ආයේ පොලිම් ගානේ ඉදලා active කරගන්න ඕනි.
    ------ Post added on Oct 25, 2026 at 8:08 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    ඔය බැංකු හතර විතරක් Google Pay ඇවිත් තියෙන එක තමයි ලොකුම අවුල, මගෙ එකත් තාම නෑ. Google Wallet එකේ support list එකේ ඔයාගෙ බැංකුව තියෙනවද කියලා එක පාරක් check කරලා බලන්න, නැත්තං බැංකුවට කතා කරලා tokenization enable කරලද කියලා අහන්න – එතකොටවත් කවදද එන්නේ කියලා අදහසක් ගන්න පුළුවන් වෙයි.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,073
    1,956
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    anith un oka karanne naththe ai kiyana eka poddak hoyanna oni themai.

    meka commercial bank eken kare wallet share , CASA wadi karaganna. meka thiyeddi godak aya savings account eke wadipura balance ekak maintain karanawa. wena banks wala cards, savings account use karana ayath meka use karanna oni nisa combank shift wenawa. oka bank ekata sahena laabai.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    ඒක තමා ඇත්ත ප්‍රශ්නෙ බං. ලංකාවෙ card එකකින් ගෙවද්දි ඒක cross border එකක් විදියට තමා settle වෙන්නෙ, ඒක නිසා 5% කැපෙනවා. අනිත් බැංකු දාන්නෙ නෑ, දැම්මත් ගාණ අපි ගෙවනවා යකෝ
    :sorry: :sorry:කේස් එකක් තමයි
    එහෙම තියන් ලොවෙත් ලංකාවෙ කරන්න අමාරුයි..
    3% නිසාත්, මර්චන්ට්ලා කොච්චර පහු බහිනවද...
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,928
    1,023
    113
    LankaQR එක හරහා හැමෝටම භාවිත කරන්න පුළුවන් පොදු wallet app එකක් හදලා, NFC හරහාත් payment කරන්න පුළුවන් විදිහට පද්ධතිය දියුණු කළා නම් ඔය මල ඉලව් transaction fees ප්‍රශ්න ගොඩක් විසඳගන්න තිබුණා.

    කොහේද ඉතින්, ලංකාවේ LankaPay කියලා ජාතික payment network එකක් තිබුණට, ඉන්දියාවේ UPI පද්ධතිය දිහා බලලා ඉගෙන ගන්න තරම්වත් උනන්දුවක් හෝ දැක්මක් මෙහේ බලධාරීන්ට තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ.

    ඉන්දියාව UPI එක විදේශීය payment networks එක්ක සම්බන්ධ කරලා, විදේශ රටවලදී පවා තමන්ගේම payment infrastructure එක හරහා ගනුදෙනු කරන්න පුළුවන් විදිහට පද්ධතිය පුළුල් කරගෙන යනවා. ඒ හරහා හැම ගනුදෙනුවකටම Visa, Mastercard වගේ ජාත්‍යන්තර card networks මත යැපීම අඩු කරගන්නත් ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා.

    අපිටත් LankaQR සහ LankaPay පදනම් කරගෙන, පොදු digital wallet එකක්, NFC payments සහ විදේශීය payment networks සමඟ සම්බන්ධතා ඇති ශක්තිමත් දේශීය payment ecosystem එකක් හදාගන්න බැරි ඇයි? හැකියාවක් නැති නිසාද, නැත්නම් එහෙම කරන්න තරම් දැක්මක් සහ උනන්දුවක් නැති නිසාද?

    update 1

    දැන් තමයි දැනගත්තේ LankaPay එකෙන් Smart Wallet payment system එකක් දැනටමත් හඳුන්වා දීලා තියෙනවා කියලා. එහෙනම් දැන් බලන්න ඕනේ මේක කොච්චර දුරට ජනප්‍රිය වෙලා තියෙනවද, අනෙකුත් payment systems එක්ක සම්බන්ධ වෙලා තියෙනවද, සහ NFC payments සඳහා සහය දක්වනවද කියන එකයි.

    දැනට තියෙන මේ පද්ධතිය තවදුරටත් දියුණු කරලා, QR සහ NFC හරහා පහසුවෙන් ගෙවීම් කරන්න පුළුවන්, හැමෝටම භාවිත කරන්න පුළුවන් පොදු wallet ecosystem එකක් හදන්න පුළුවන් නම්, ගනුදෙනු ගාස්තු අඩු කරගන්නත් ජාත්‍යන්තර card networks මත තියෙන යැපීම අඩු කරගන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා.

    තාක්ෂණය දැනටමත් තියෙනවා නම්, දැන් වැදගත් වෙන්නේ ඒක කොච්චර ප්‍රායෝගිකද, ජනතාවට කොච්චර පහසුවෙන් භාවිත කරන්න පුළුවන්ද, සහ ගනුදෙනු කොච්චර අඩු වියදමකින් කරන්න පුළුවන්ද කියන එකයි. අලුත් දේවල් හදන්න කලින් දැනට තියෙන දේවල්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්ද කියලත් බලන්න ඕනේ.
    ------ Post added on Oct 26, 2026 at 9:27 AM
     
    • Like
    Reactions: ob_server

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63
    LankaQR එක හරහා හැමෝටම භාවිත කරන්න පුළුවන් පොදු wallet app එකක් හදලා, NFC හරහාත් payment කරන්න පුළුවන් විදිහට පද්ධතිය දියුණු කළා නම් ඔය මල ඉලව් transaction fees ප්‍රශ්න ගොඩක් විසඳගන්න තිබුණා
    ලංකාපේ එකේ smart wallet එකක් තියෙනවා යකෝ, කවුරුත් පාවිච්චි කරන්නෙ නෑ. ප්‍රශ්නෙ දැක්ම නෙවෙයි, සල්ලි. UPI වැඩ කළේ NPCI එකේ MDR බිංදුව නිසා, ලංකාවෙ බැංකු තාම ඉන්ටර්චේන්ජ් එකේ සල්ලි හොයනවා. app එකකින් ඒක වෙනස් වෙන්නෙ නෑ.