ගොනා වික්කා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ගොනා වික්කා



පස්සටම අඩියක්
ගියා මම නුඹ නිසා
ආපසු නොබලාම
නුඹේ විසකුරු හිත





ඒත් දැන් ටික ටික
වැටහෙන්න පටන්ගෙන
නොබලාපු වරදම
නුඹේ විසකුරු හිත





නුඹේ සිත හිනැහෙන්නේ
දුක සඟවගෙන වුවත්
ඒ දුකට පිහිටට දැන් මහද නොපතත්
මගේ දුක හිනැහෙන්නේ
දුක සඟවගෙන බවක්
කාට නම් කියම්දෝ ඇයි මෙලෙස සරදම්





ගං දෑළ පිරිලා මගේ කඳුලින් තෙමී
වක්කඩේ පාව යයි පැතූ පෙම ඉහිරී
මල් මාවතේ නුඹ ගියත් හෙට හිනැහිලා
බලාගෙන කටුවලට රිදුම් දෙයි සිතුණා





නුඹ නිසා ඊයේ ගියත් මම පස්සට
අද මගේ අදිටන අඩි දෙකක් ඉස්සරහට
හැබැයි හෙට මගේ හද පෙළන්නට නුඹ පැමිණ
යදින්නට එපා යළි මාව වළලා ඇත





මාලන් විදානපතිරණ:love: