ගොනෝරියා කියන්නේ ලිංගාශ්‍රිත රෝගයක් ද ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගොනෝරියා කියන්නේ ලිංගාශ්‍රිත රෝගයක් ද ?

ගොනෝරියා කියන්නේ ලිංගාශ්‍රිත රෝගයක් ද ?


පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම් අනාරක්ෂිතව කොන්ඩමයක් භාවිතා නොකර කරන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වෙන ලිංගික රෝගයක් වන ගොනෝරියා ( Gonorrhea ) කියන ලිංගික රෝගය පිළිබඳවයි.

කොන්ඩමයක් නොමැතිව අනාරක්ෂිතව කරන ලිංගික සම්බන්ධතාවයක් නිසා ආසාධිත අයෙකු විසින් ආසාධිත නොමැති පුද්ගලයෙකුට බෝ වෙන්නට පුළුවන්. මෙතැනදී අපි විශේෂයෙන් සාකච්ජා කරන්නේ බහුලවම පවතින ලිංගික රෝග පිළිබඳවයි. බහුලවම පවතින එක රෝගයක් තමයි ගොනෝරියා රෝගය එහෙමත් නැත්නම් සුදු බිංදුම. එය වැළඳෙන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන ප්‍රතිකාර මොනවද? සහ ප්‍රතිකාර කල පසුව මෙම රෝගය සුව වෙනවාද යන වග.



මොකක්ද ගොනෝරියා ( Gonorrhea ) රෝගය කියන්නේ
ගොනෝරියා නැත්නම් සුදු බිංදුම යන රෝග තත්වය ඉතාම දීර්ඝ කාලයක් ලෝකය තුල එහෙමත් නැත්නම් එක් එක් ප්‍රදේශ තුල පැතිරෙන්නට පුළුවන්. එය විශේෂයෙන්ම කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික සම්බන්ධතා නිසා පැතිරෙන රෝගයක්.



Gonorrhea



කෙසේද මේ ගොනෝරියා ( Gonorrhea ) රෝගය වැළඳෙන්නේ
කලාතුරකින් පිරිමින් පිරිමින් අතර අතර පවතින ලිංගික සම්බන්ධතාවය නිසා මෙම රෝගය පැතිරෙන්නට පුළුවන්. විශේෂයෙන් යෝනි සංසර්ඝයේදී කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන්නට පුළුවන්. එතැනදී අපි දකිනවා කාන්තාවන්ට මෙම රෝගය තිබුනත් රෝග ලක්ෂණ පෙන්වනවා අඩුයි. පිරිමින්ට රෝගය තිබුනොත් රෝග ලක්ෂණ පෙන්වනවා වැඩියි. කෙනෙකුට උපතින් ම මෙම රෝගය තිබෙනවා නම් එය බැක්ටීරියා මඟින් ඇති වෙන රෝග තත්වයක්.



කෙනෙක් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පැවැත් වුවොත් තවත් කෙනෙකු සමඟ, ඒ කියන්නේ කොන්ඩම් එකක් භාවිතා නොකර ලිංගික සම්බන්ධතාවයක් පැවැත් වුවොත් දින 05ක් වගේ කාලයක් තුල රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්.



ඔබට මුලින් සඳහන් කළා කාන්තාවන්ට මෙම රෝගය තිබුනත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි පිරිමි යට මේ රෝග ලක්ෂණ පෙන්වනවා. මුලින්ම අපට මෙම රෝගය හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් නැහැ.



මුඛ සංසර්ඝයේදී උගුරේ මෙම ආසාධනය ඇති වෙන්නට පුළුවන්. එම නිසා කෙනෙකුගෙන් කෙනෙකුට රෝගය පැතිරෙන්නට ඉඩකඩක් තිබෙන්නේ විශේෂයෙන්ම පිරිමි පිරිමි ලිංගික සම්බන්ධතා පවත්වන අයට. ගුද සංසර්ඝයේදී රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. නමුත් වැළඳෙන ප්‍රවනතාවය අඩුයි.



gonorrhea



ගොනෝරියා රෝගය වැළඳුනු පිරිමි අයෙකුගේ රෝග ලක්ෂණ
දින පහක් වැනි කෙටි කාලයක් ඇතුලත විශේෂයෙන් පිරිමි අයට ඇතිවෙන්නේ මුත්‍රා දැවිල්ල.

සුදු පාට දියරයක්, එහෙමත් නැත්නම් සැරව ලිංගය කෙලවරින් වහරෙන්නට පටන් ගැනීම.



මේ තමයි පිරිමි පුද්ගලයෙකුට මෙම ගොනෝරියා රෝගය වැළඳුනොත් ඇතිවිය හැකි මුලික රෝග ලක්ෂණ.



ගොනෝරියා වැළඳුන කාන්තාවකට ඇති විය හැකි රෝග ලක්ෂණ
මුත්‍රා දැවිල්ල.

යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිට වීම.

කහ පැහැති දුගඳ හමන ශ්‍රාවයක් පිට වීම.

පුද්ගලයෙක් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පවත්වා දින පහක් ( 05 ) ඇතුලත දී හෝ ඉන් පසුව මෙම රෝග ලක්ෂණ ආවොත් එය ගොනෝරියා රෝග ලක්ෂණ වේ.



ගොනෝරියා රෝගයට ප්‍රතිකාර තිබෙනවා ද
ගොනෝරියා කියන රෝගය නිසි ආකාරව පරික්ෂා කර බලා නිසි ප්‍රතිකාර ගතහොත් 100%ක්ම සුව කල හැක. එබැවින් කාට හෝ මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් කල යුතු හොඳම දේ තමයි ලඟම ලිංගාශ්‍රිත සායනයකට ගොස් ඒ සම්බන්ධව සිටින වෛද්‍ය වරයෙකුගෙන් හෝ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ( FPA ) මඟින් මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලිංගික සම්බන්ධතාවය පැවැත්වූ පුද්ගලයා ද පරික්ෂා කර ප්‍රතිකාර ලබා ගත යුතුයි. මන්ද මේ රෝග වලින් ප්‍රතිකාර වලින් නිට්ටාවට සුව කරන්න පුළුවන් වගේම ඒ යට සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පුළුවන්. ඉන් පසුව ඔවුන් දැනගත යුතුයි තමන් කොයි විදිහටද මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්නේ එහෙමත් නැත්නම් ලිංගික සම්බන්දතාවයක් පැවැත් විය යුත්තේ කෙසේද පිළිබඳව.



ගර්භනී මවකට ගොනෝරියා රෝගය වැළඳුනොත් කුමක් කල යුතුද
විශේෂයෙන්ම ගර්භනී කාලය තුලදී විශේෂයෙන් මවකට මෙම රෝග ලක්ෂණ මතු වුනොත් සහ මෙම රෝගය වැළඳී තිබුනොත් ඇයගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවෙනවා ම විශේෂයෙන්ම කහ පාට ශ්‍රාවයක් නම් දුගඳ හමනවා නම් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර ගත යුතුයි. මොකද දරුවකු බිහිවන වෙලාවේ මවට මෙම රෝගය තිබුනොත් දරුවා යෝනි මාර්ගයෙන් බිහි වන විට දරුවාගේ ඇස් වල මෙය තවරෙන්නට පුළුවන්. කෙසේ නමුත් යම්කිසි කාන්තාවක් ගර්භනී නම් ඇයට එම රෝගය තිබෙනවා නම් ලිංගාශ්‍රිත සායනයකට ගොස් සුදුසු ප්‍රතිකාර ගත හොත් එය වලක්වා ගත හැකියි.

ගොනෝරියා කියන්නේ ප්‍රතිකාර වලින් සුව කල හැකි රෝගයක්. බැක්ටීරියා රෝගයක්. දින කිහිපයක් ඇතුලත රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. සහකරුවන් / සහකාරියන් විශාල ප්‍රමාණයක් සිටින පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමට බොහෝ ඉඩකඩක් ඇති බැවින් සෑම විටම ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවා නම් සසම විටම ආරක්ෂාකාරී ලෙස කොන්ඩමයක් කොන්ඩමයක් භාවිතා කිරීමත් මෙවැනි රෝග ලක්ෂණ දුටු වහාම ලගම තියන ලිංගාශ්‍රිත රෝග සායනයකින් ප්‍රතිකාර ලබා ගත යුතුමයි.

ගොනෝරියා රෝගය වැළඳෙන ආකාරය පහත විඩියෝවෙන් නරඹන්න.



source http://thewoman.lk/gonorrhea-socail-disease-prevent-society/
 

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
nishiGirl වැදගත් ලිපියක්. මට රෙප් දෙන්න නම් නෑ . මුන් ඔක්කොම මගේ කපලා. :lol:
 
  • Like
Reactions: nishi_gurl

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
swyan vindanaye yedeemen gonoriya waladiya hakida waidya thumani?

එසේ විය නොහැකියි සර්... නමුත් ගොනෝරියා වැළඳුනු රෝග කාරක ස්ත්‍රියකගේ පෑන්ටියක් අතේ ගැසීම සඳහා යොදා ගන්නේ නම් එය වැළඳිය හැකිය සර්..
 

Djsash

Member
Jun 1, 2018
274
9
0
එසේ විය නොහැකියි සර්... නමුත් ගොනෝරියා වැළඳුනු රෝග කාරක ස්ත්‍රියකගේ පෑන්ටියක් අතේ ගැසීම සඳහා යොදා ගන්නේ නම් එය වැළඳිය හැකිය සර්..


:shocked::shocked::shocked:
 

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
එසේ විය නොහැකියි සර්... නමුත් ගොනෝරියා වැළඳුනු රෝග කාරක ස්ත්‍රියකගේ පෑන්ටියක් අතේ ගැසීම සඳහා යොදා ගන්නේ නම් එය වැළඳිය හැකිය සර්..

danuwath una sir.
obata jaya