ගොරකා (Garcinia cambogia)
ගොරකා ගස අඩි 50 - 60 උසට වැඩේ. මෙහි ස්‌ත්‍රී පුරුෂ ලෙස මල් වෙන වෙනම හට ගනි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරකා වර්ග තුනකි. එනම් මළ ගොරකා රතු ගොරකා සහ එළ ගොරකා යනුයි. මෙහි රතු ගොරකා සහ එළ ගොරකා පරිභෝජනයට ගන්නා දෙවර්ගයයි. ගෙඩි පියළි ලෙස බෙදී ඇත. පෙබරවාරි - මාර්තු මල් හට ගනී. ගෙඩිය ඉතා ඝණ බික් 6- 8 ක් අතර මාංසයෙන් යුක්‌ත වන අතර බීජද තිබේ. මළගොරකා ගෙඩිය දොඩම්, ගෙඩියක් මෙන් ගෝලාකාරය. ඉඳුනු ගෙඩිය තද ඇඹුල් රසයෙන් යුක්‌ත වන අතර පලතුරක් ලෙසට කෑමට ගත හැකිය. එම වර්ගය රට ගොරකා ලෙසද හඳුන්වයි.
ඖෂධ සඳහා ගොරකා පලු, කොළ, පොතු, මල් භාවිතයට ගැනේ. ගොරකා මදය ද පලතුරක් ලෙස ඇතැම් අය කෑමට ගනී. එය රසවත්ය. ගොරකා බික් වියලා කුළු බඩුවක් ලෙස සහ ඖෂධ සඳහා භාවිතයට ගනී. ආයුර්වේද පොත පතෙහි සඳහන්ව ඇති අයුරින් ගොරකා සැහැලුයි, උෂ්ණයි, බඩගින්න වැඩි කරයි, හදවතට හිතකරයි. බිඳුණු හස්‌ථි සවි කිරීමට යෝග්‍යයි. එසේම මළ පිට කිරීමට පහසුකරයි. වෑංජනයට දැමූ ගොරකා බික ඉවත් නොකර ආහාරය සමග අනුභව කිරීමෙන් ද, අමු හෝ බාගෙට ඉදුණු ගොරකා භාවිතා කරමින් සාදාගන්නා ගොරකා චට්නි ආහාරයට ගැනීමෙන් ද රුධිරයේ මේදය පාලනය වේ. ප්‍රතිශ්‍යාව හා සෙම් ගෙඩිවලදී ඇතිවන උගුරේ වේදනාවට ගොරකා පලු සහ ගම්මිරිස් ඇට දියලුණු සමව ගෙන අඹරා පොට්‌ටනියක් බැඳ හක්‌කේ තබා කෙළ ගිලීමෙන් සෙම ඉවත් වේ. වේදනාව අඩුවේ. ඇඟිලි කරු වනවීමට ගොරකා පලු තැම්බූ වතුරට ලුණු දමා සේදීමෙන් කැසීම නැවතී ඇඟිලිකරු වණ වීම සුවවේ.
FB