රජය විසින් පනවා ඇති අසික්කිත වෙබ් අඩවි නියෝග වල පරම අරමුන මේ රටේ සිදුවන දූෂිත දේශපාලන තත්වය වසන් කිරීමයි.මේ වෙනවිට පුවත් පත්, රූපවාහිනි, ගුවන් විදුලි වලට මුකවාඩම් වැටී ඇත.මීට වසර 6,7 කට පෙර ලංකාවේ පුවත් ප්‍රකාශ කිරීමට තිබුන නිදහස දැන් දක්නට ඇත.බොහෝ මාධ්‍ය ජාලයන් දූෂිත මුදල් යොදවමින් හිතවතුන්ට මිලදී ගෙන ඇත.මේවා දැන් පක්කාලි පත්තර, ගුවන් විදුලි, රූපවාහිනි බවට පත්ව ඇත.දැන් තියෙන එක අභියෝගය වෙබ් අඩවිය.මෙයට පිලියමක් ලෙස ලංකාවේ අන්තර්ජාලය මන්ද ගාමී කර ඇත.දකුනු ආසියාවේ තියෙන බාලම සහ වේගයෙන් අඩු අන්තර්ජාලය ලංකාවේ ඇත.
දේශපාලන නායකයන් දූෂනය කරන්නේ නැත්නම්, හොරකම් කරන්නේ නැත්නම්, මිනීමරන්නේ නැත්නම්,අවනීතිය රජ කරවන්නේ නැත්නම් කාටවත් ඔවුන්ට මඩ ගහන්න බැරිය.දෙවියන්ටවත් ඔවුන්ට මඩ ගහන්න බැරිය.ඔවුන්ගේ චරිතය කෙලසන්න බැරිය.හොඳම උදාහරන, ජේ.ආර්. ඩීබි විජේතුන්ග, සහ රනිල්ය.මේ අය දූෂිතයන්, සල්ලි හොරකම් කල බව කවුරුත් කියන්නෙත් නැතිය.කීවත් පිලිගන්නෙත් නැතය. ඩීබි විජෙතුන්ග මිනීමරුවෙක් කියා හංවඩු ගහන්න කාටවත බැරිය.ඒ නිකලැල් චරිතය නිසාය. එස් ඩ්බ්.බන්ඩාරනයක සේසතම නැති කර ගත්තේ දේශපාලනයෙනි.රාජපක්ෂලා බිලියන් ගනන් ධනය රැස් කරේ දේශපාලනයෙනි.චෞර රැජිනියන් බිහි කරේ දේශපාලනයෙනි. චරිතය කෙලසා ගත් මිනීමරු අවනීතිය රජ කරවන මිනිහෙක් බිහිවන්නේ කට කතා තුලින් සහ බොරු තුලින් නොව ඔහුගේ සැබෑ ක්‍රියා කලාපය තුලිනි.එය ඉතිහාසය සාක්ෂි දරයි.ලංකාවේ හොරකම් සිදුවේ.දේශපාලකයන් දූෂිතය.නායකයා දුෂිතය.මේක තමයි ඇත්ත.අද ලංකාවේ නීතියක් නැත.මහ දවල් මිනීමරපු කුඩු ජාවරම් කරු සිංගප්පුරුවට යවා ඇත. කුඩු ජාවරමට ඉහල පෙලේ නායකයන් සම්බන්ධ බවට සාධක ඇත.මේවා මර්ධනය කරනු වෙනුවට වෙබ් අඩවි වලට මුකවාඩම් දාන්නේ ඒවා හොර රහසේ කරගෙන යාමටය.පරම්පරා ගානකට ධනය රැස්කිරීමටය.අවනීතිය රජ කරවීමටය.එම නිසා දූෂිතයන් විසින් කරවන මුකවාඩම්වලට සහයෝගය දක්වන්නේ මොලයක් නැති අමනයන්ය. මුකවාඩම් දා ගත්තොත් වෙන්නේ ජනතාවට තවදුරටත් හොරුන් සහ අවනීතිකයන් යටතේ දුක් විඳින්නටය.පාලකයන්ට හොරා කමින් සැප විඳින්නටය.ලංකාව මෙක්සිකෝවක්,මත් කුඩු ගහන කොලොම්බියාවක් වීමටය.