ගෝඨාට දේශපාලනය බෑ..! – බැසිල් රාජපක්ෂ
කවුරු ආවත් මමයි ආණ්ඩුව කරන්නේ..! ගෝඨාට දේශපාලනය බෑ..! – බැසිල් රාජපක්ෂ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ අතර මේ වනවිට මහින්ද පිල තුල කදවුරු දෙකක තරගයක් ආරමභ වී තිබේ. එහිදී දෙපාර්ශ්යවය අතර එළිපිටම මත ගැටුම් නිර්මානයවී ඇති අතර එකිනෙකාට චෝදනා කරගැනීම්ද ඒ අතරවේ. මේ අතර බැසිල් රාජපක්ෂ විසින් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ජාවකදී මේ පිලිබදව මෙලෙස විස්තර කර තිබුණි.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තමයි අපේක්ෂකයා නම් කරන එකේ අයිතිය තියෙන්නේ.එතුමාට තමයි දිනන්න පුළුවන්.ඇත්තම කතාව කිව්වොත් මහින්ද ඉන්නවට වඩා ගෝටාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ.එයා දේශපාලනය කරලා නැ.යම් යම් නිවැරදි වෙන්න ඕනේ තැන් තියෙනවා.නිවැරදි වෙන්න ඕනේ තැන් සකාච්ජා නොකර අපි නිකං දිනනවා කියලා ගොන්කමට කියාගෙන ගිහිල්ලා පරදින්න බැ.”
“අපි දන්නවා සුළු ජාතින් අතර අපට තවමත් විරෝධයක් තියෙනවා.ඒක කොහොමහරි දිනාගන්න ඕනේ,රතුපස්වල ගමට ගිහිල්ලා මම සමාව ඉල්ලුවා.ඒ වැඩ වලින් මරුනේ ඉස්කෝලේ යන ළමයි.පල්ලි වල බිත්ති වෙඩි පහරවල් වලින් විනාශ වෙලා.හමුදාව කකුල් 21 ක් ඒ ජනතාවගේ කඩලා තිබුනා.එතකොට මට හිතුනා මේවුන් කොහොම උතුරේ යුද්දේ කරාද කියලා.අදත් ප්රශ්නයක් එතනට හමුදාව එව්වේ කවුද කියලා.”
“කොහොම නමුත් ඉදිරියේදී අපි දෙන්නගෙන් ඉදිරිපත් වෙන්නේ කවුද කියන එක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා .” යනුවෙන් ප්රකාශකර ඇත.
Last edited: