ගෝඨයිම්බරගේ ඉන්දියා ගමන

hpalpola

Well-known member
  • ගෝඨයිම්බරගේ ඉන්දියා ගමන

    කුරුණෑගලින් පසුව ලංකාවේ රාජධානිය පිහිටුවා ගනු ලැබුවේ ගම්පොල ය. ක්‍රි.ව.1345 දී ස්ථාපිත වූ ගම්පොල රාජ්‍යය ක්‍රි.ව.1406 දී අහෝසි විනි. ගම්පොල යුගයේ දී ලියැවුන විශිෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්මලංකාරය හැඳින්විය හැක. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලංකාවාසීන් තුළ ඇත්තේ අඩු අවබෝධයකි. අනෙක් අතට මේ කෘතිය තුළ ජම්බුදීපය යනු ලංකාව නොවේය යන්න පෙන්වීමට සාධක ඇතුළත් ව ඇත්තේ ය. එනිසා ද මේ කෘතිය වර්තමානයේ මහජනයාගෙන් ඈත් කිරීමට යම් පිරිසක් උත්සාහ දරන බව පෙනී යයි. සද්ධර්මලංකාරය ද එතෙක් ලංකාවේ තිබූ වෙනත් සාහිත්‍ය කෘති හැදෑරීම තුළින් සම්පාදනය කර ඇති කෘතියක් බව නොකියනු මනා වේ. මේ කෘතිය රචනා කළ බව සැලකෙන්නේ ජයබාහු ධර්මකීර්ති මහාස්ථවිරයන් විසිනි.

    පෙර කී ලෙස මේ කෘතිය රචනා කරන කාලයේ දී ජම්බුදීපය යනු ලංකාව නොවන බවත්, එය ලංකාව වටා තිබූ මුහුදින් එතෙර තිබූ රටක් වන බවටත් වන දැනුම ලංකාවාසීන් තුළ තිබී ඇත. එකී තත්ත්වය හඳුනාගත හැකි අවස්ථා කීපයක් ම කෘතිය තුළ අන්තර්ගත ව තිබේ. මෙයින් එක් අවස්ථාවක් ලෙස දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් අයකු වන ගෝඨයිම්බර යෝධයාගේ කාවීරපට්ටන ගමන හැඳින්විය හැක.

    එළාර සමග යුද්ධයෙන් පසු දුටුගැමුණු රජතුමා දසමහා යෝධයින්ට ගම්වර ලබා දී පදිංචිව සිටීමට ඉඩ ලබා දී තිබිණි. ඒ අනුව ගෝඨයිම්බර යෝධයා ද එක්තරා ප්‍රදේශයක තම පවුල සමගින් ජීවත්ව සිට තිබේ. ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ දුටු රිටිගල ජයසේන ඒ බිරිඳට කළ විහිලුවක් දුරදිග යාමේ අවසන් ප්‍රතිඵලය වූයේ ගෝඨයිම්බරත් ජයසේනත් අතර ද්වන්ධ සටනක් නිර්මාණය වීම ය. මේ සටනින් ජයසේන පරයා ගෝඨයිම්බර ජයග්‍රහණය කරන ලදි. එකී ජයග්‍රහණයෙන් පසුව ගෝඨයිම්බර යෝධයා රා පානය කර ජය සමරමින් රජු බැහැදැකීමට පැමිණි බව සද්ධර්මාලංකාරයේ දැක් වේ. මෙසේ පැමිණි යෝධයා රා බී සිටි නිසා රජු විසින් මාළිගයට ඇතුල් කර නොගැනීමට තීරණය කළේ ය. මේ නියමය නිසා රජු සමග කිපෙන යෝධයා මින් මතු රජු සමග සම්බන්ධයක් නැති බව සපථ කොට ආපසු තමුන්ගේ නිවසට ගොස් පවුලේ අයවලුන්ට කළ යුතු දේ සිදු කොට එදිනම මණිනාග දිවයිනට ගොස් මුහුදට පැන කාවීරපට්ටනයට ගොඩ නැගී එහි වසන මිනිසුන්ගෙන් සංඝයා වහන්සේලා වාසය කරන්නේ කොයිබදැයි අසනු ලැදුව හිමාලයේ බව දැනගෙන එදෙසට ගමන් කරන්නට වූ බවත්, පසුව රහතන්වහන්සේ නමක් සම්මුඛ වී පැවිදිභාවයට පත්ව රහත් වූ බවත් සද්ධර්මාලංකාරයේ වැඩිදුරටත් දැක් වේ. මේ කියන්නා වූ කාවේරි පටුන සහ හිමාලය ඇත්තේ ඉන්දියාවේ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු කාවේරි පටුනට යන්නේ මණිනාග දිවයිනෙන් එනම් නාග දීපයෙන් මුහුදට පැන පීනීමෙනි.

    ඉන්දියාව ගැන සද්ධර්මලංකාරයේ සඳහන් තවත් අවස්ථාවකි චූළතිස්ස යෝධයාගේ කථාවස්තුව. ඒ පිළිබඳව සඳහන් කරන සද්ධර්මලංකාර කතුවරයා චූළතිස්ස යෝධයා මරණෙන් පසු අඹවිටි ගමේ උපත ලබා වැඩිවියට පැමිණ මහණ වී ප්‍රතිපත්තිසාර තිස්ස නම් වූ බවත්, ජයමහා බෝධීන්වහන්සේ වඳනා පිණිස යන්නා වූ භික්ෂූන් වහන්සේ හා උපාසකවරුන් හා සමග නැවු නැගී නික්මුණු බවත්, උන්වහන්සේ විසින් කරදිය බීමට හැකි මිහිරි දියරක් බවට පරිවර්තනය කර තමුන් සමග ගිය පිරිසට පැන් පිණිස ලබා දුන් බවත්, ඒ පිරිස ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඳීමට යන ගමනේත් ආපසු එන ගමනේත් ඒ පැන් පාවිච්චි කළ බවත් සඳහන් කර තිබේ. මේ කතාවේ දැක්වෙන ශ්‍රී මහා බෝධීන්වහන්සේ යනු ඉන්දියාවේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නොවන්නට නැව් නැග යාමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත. ගම්පොල යුගය වන විට ශ්‍රී මහා බෝධීන්වහන්සේ වන්දනා කිරීමට ලංකාවාසීන් වන්දනා ගමන් ගිය බව දැන සිටි බව මෙයින් පෙනේ.

    සද්ධර්මලංකාරය තුළ ජම්බුදීපය යන පාඨයම සඳහන්ව ඇත. එය කිසිඳු විටක ලංකාවට සමාන පාඨයක් ලෙසින් සද්ධර්මලංකාර කතුවරයා භාවිතා කර නැත. එයින් පෙනී යන්නේ ගම්පොල යුගයේ දී ජම්බුදීපය යනු ලංකාව යැයි මතයක් නොතිබූ බවයි. කෙසේවෙතත් වර්තමානයේ එවැනි මතයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන අතර ඒ උත්සාහ දරන පිරිසට මේ සද්ධර්මාලංකාරය අගතිදායී වනු ඇත.
     
    • Like
    Reactions: Honey Bunch

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රනිල්ගේ මිඩියා ගොට්ටෙක් ඇවිත්.

    අපි මලිමාවට.