ගෝඨයිම්බර යෝධයා

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ගෝඨයිම්බර යෝධයා

    ගෝඨයිම්බර යෝධයා


    නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්.
    ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්. මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි. ඒ නිසා
    ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට
    ඔහුට සිදුවුණා. උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත්
    කාය ශක්තිය අතින් නම් ‍ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට
    සමත් වුණා. ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා.
    මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි
    හුගක්ම කැමති. ඔහුට තිබුණේ අලස ගතිගුණ.


    එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය
    ගෝඨට කරන්න කියලා පැවරුවා. ඉතින් ඔහු ගස් උදුරා
    පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා. ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු
    ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා.


    කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට
    පටන් ගත්තා. පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ
    පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය
    සාමනේර හිමි මොහුට බැණ වැදුනා. ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම
    ඇදගෙන ගියා. ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි.
    පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා.


    විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට
    පහර පිට පහර එල්ල කලා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක්
    ලැබුණා. පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා
    ආරූඩ වුණා. ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා.
    සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ.


    ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස
    කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව
    රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ.
    එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව
    රහත් බව ලබාගත්තා.

    http://sithuwilisuwadakakulu.blogspot.com/2011/09/05.html
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mun normal minissuda ban?nattan real yodayoda.giantslada?nikan kiyawanna wale kiyawata mewata background ekak tiyenna epaye.pol gahak uduranawa kiyanne ese mese size ekek wenna bene.nattan normal minissu but liyana aya warnana wediyen dala liyala ehemada?
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Mun normal minissuda ban?nattan real yodayoda.giantslada?nikan kiyawanna wale kiyawata mewata background ekak tiyenna epaye.pol gahak uduranawa kiyanne ese mese size ekek wenna bene.nattan normal minissu but liyana aya warnana wediyen dala liyala ehemada?

    ඒ කාලෙ ඔය වගේ අරුම පුදුම දේවල් වෙලා තියනවා. දැන් ලෝකෙ යන්නෙ විනාශය කරානෙ.
    අනික දැන් මිනිස්සු මොනව කරත් කරන්නෙ සල්ලි හොයන්න, බලය අල්ලන්න. ඒකෙන් බොහෝවිට තව ටික කාලෙකින් යුද්දයක් ඇවිත් මේ ලෝකෙ විනශ වෙයි..
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට හිතෙන්නෙ නම් මෙහෙමයි.යෝදයො යෝදයො කිවිවට මුන් ශක්තිවන්ත මිනිස්සු වෙන්න ඇති.ප්‍රමානයෙන් wවිශාල වෙන්න බෑ.ඔය පොල්ගස් උගුලන ඒව අතිශෝක්තියෙන් කියන කතා වෙන්න ඕන ඉතිහාසය රසවත් කරන්න.යෝදයො හිටියනම් මොනවහරි සාක්ශි හම්බවෙන්න එපයි.දන්න කෙනෙක් දාපන් විස්තර.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Mun normal minissuda ban?nattan real yodayoda.giantslada?nikan kiyawanna wale kiyawata mewata background ekak tiyenna epaye.pol gahak uduranawa kiyanne ese mese size ekek wenna bene.nattan normal minissu but liyana aya warnana wediyen dala liyala ehemada?
    ඔය නොර්මල් මිනිස්සු වෙන්න ඕනි. දැන් ඔය කොච්චි අදින අය එහෙම ඉන්නේ බන්. ඒ වගේ හොදට හයිය තියෙන අය.. ඔය සිද්දි කටින් කට ගිහිල්ලා ටික ටික වැඩි වෙලා වෙන්න ඇති..
    කොහොමත් අතිනුත් දාලා ටිකක් ලියන්නේ ඕවා රසය වැඩි කරගන්න. :D
    ...
    මම ගාව ඉස්සර පොතක් තිබ්බා. එකේ හෙන සෙට් එකගේ කතා තිබ්බා.
    tfs ++
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane manda ban.. lankawe ithihase idanma thiyenne henama moda katha..
    Kakule sulagillakin kohomada balapanko minihek thawa ekekuta payin gahanne.. modama hukannala gothapu katha thamai owa ithin..