ගෝඨාගෙන් විශේෂ නිවේදනයක්

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨාගෙන් විශේෂ නිවේදනයක්

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායම අද (12) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවන බවට විවධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් ලැබී නැති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය බවත් මාධ්‍යයෙන් ප්‍රචාරය වූ ආකාරයට ශ්‍රීලනිප 16 කණ්ඩායම අතර නිල හමුවක් නොපැවැත්වෙන බවද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එම නිවේදනය පහතින්,

2018.06.11

ප්‍රවෘත්ති කර්තෘ / ප්‍රවෘත්ති කළමනාකරු

මාධ්‍ය නිවේදනය

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ජුනි 12 වන අඟහරුවාදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුණද එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් තමා වෙත ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වෘත්තිකයින්,ව්‍යාපාරිකයින්,අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින් තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවත් එහෙත් මාධ්‍ය වලින් ප්‍රචාරය වු ආකාරයේ නිල හමුවක් 12 දා නොපැවෙත්වෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය ඒකකය
ගෝඨාභය රාජපක්ෂ
හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    OK තැන්ක්ස් අපිව apdate කරාට අපි මේ බයේ හිටියේ මුන් ටිකත් මේකට එකතු වයි කියල .
     

    Similar threads