ගෝඨාගෝහෝම් දිගටම කරගෙන යන්න - නව අගමැති කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද දින අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ වාලුකාරාමයේ ආගමික වතාවත් වලට සහභාගීවූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම මාධ්‍ය ප්‍රශ්න කිරීම් වලට ලක්විය.

    ආර්ථික අර්බුධයන්ට ඉතාමත් කෙටි කලකින් විසදුම් ලබා දී ජනතාව විඳින පීඩාවන්ගෙන් මුදා ගන්නා බව ඔහු කීය.පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ කෙසේද යනුවෙන් විමසූ පැනයට බහුතරය පෙන්වීමට අවශ්‍ය වූ විට එය පෙන්වන බව කියා සිටියේය.

    ආණ්ඩුවේ සහයෙන් බහුතරය පෙන්වන්නේද ඇසූවිට ඔහුට තරමක් කේන්ති ගියේය. එහිදී උත්තර දෙනු වෙනුවට ප්‍රශ්න අසන්නට වූ අගමැතිවරයා මාධ්‍ය ජනතාව දුකෙන් මිදෙනවාට අකමැතිද කියා ප්‍රශ්න කරන ලද අතර දිගින් දිගටම ජනතාව මේ පීඩනයේ සිටීම මාධ්‍යයේ අවශ්‍යතාව දැයි
    විමසීය. දැන්වත් පටු දේශපාලනය කිරීම නතර කරන ලෙස කියා ප්‍රහ්න ඇසූ කෙනාට උත්තර නැති කළේය.



    ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි විමසද්දී අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් තමාට ගෝඨාගෝගමට කිසිවක් කරන්නට උවමනා නැතැයි කීය.

    යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු
    විමසද්දී පිළිතුරු දෙමින් තමන්ගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර රනිල් ගෝ හෝම් කියා ගියත් තමන්ට ගාණක් නොවූ බවත් මේ ලෙසින් සියලු දෙනාට ගෝ හෝම් කියන්න ගියොත් රටපාලනය කිරීමටවෙලාවක් ක්‍රමයක් නැතැයිද ඔහු කීය.
     
    • Like
    Reactions: Rumeshzoysa