ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔය බැසිල් කියන්නේ ගොටාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කාලේ හමුදාවට අන දුන්නේ රනිල් කියල. එතනත් ගොටට කැපිල්ල දාලා. :lol:

    :lol::lol:

    Yako mu tawa tika dawasakin kiyayida dannena..prabakaran maruwet ranil kiyala.:lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    ඉන්න බැරිනම් යනවා…. මහින්දගෙන්,විමල්ට අවසන් නිවේදනය නිකුත් වෙයි…

    ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම නම්කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින විමල් වීරවංශ හට මහින්ද බැණ වැදි ඇති බව ලංකා ලීක්ස් දේශපාලන වාර්තාකරු අනාවරණයි කළා.

    පසුගිය දිනකිහිපයේම විමල් සිය සහචරයන් යොදා ගනිමින් මහින්දට දැඩි ලෙස පහරදුන් අතර ඒ හරහා මහින්ද බීතියටම හේත්තු කිරිමට විමල් උත්සහ කර ඇත්තේ එම මෙහෙයුම අවසානයේ මහින්ද භාවිතා කර ගෝඨා 2020 අපේක්ෂකයා ලෙස නම්කර ගැනිමටයි.

    කෙසේවෙතත් ඊයේ සවස දුරකතනයෙන් මහින්ද අමතා ඇති විමල් ගෝඨා අපේක්ෂකයා ලෙස නම් කිරිමට මහින්ද කටයුතු නොකරන්නේ නම් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කර තිබේ.

    “තවත් පරක්කු කරන්න එපා.. ජනාධිපති අපේක්‍ෂකයා වහා නම් කරන්න.. නැත්නම් මම තව් කට්ටිය අරන්ම් ඉවත් වෙනවා… යනුවෙන් මහින්දට තර්ජනය කර තිබේ.

    එයට පිලිතුරු දෙමින් මහින්ද විමල්ට බැණ වැදි ඇති අතර ජනාධිපතිවරණයක් කැදවනු තුරු විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් නොකරන බවත් එතෙක් ඉවසාගෙන ඉන්නට බැරි ඔනෑම අයෙකු ඉවත් ව යැම ගැන තමන් කලබල නොවන බවද මහින්ද පවසා තිබේ.

    ජනාධිපති අපේක්ෂකයෙකු මැතිවරණයක් කැදවා නැති අවස්ථාවක නම් කිරිම හරහා ඔහුට එරෙහිව පාලක බලයේ සිටින කණ්ඩායම් විසින් චොදනා සහ ඔහුගේ චරිතය ඝාතනය කිරිමට ඉඩක් ලැබෙන බවත් පවසා ඇති මහින්ද විමල්ට අද අවශ්‍යව ඇත්තේ එය බවද පවසා තිබේ.

    ඒකාබද්ධයේ අලුත් අර්බුදය …..

    “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” යනුවෙන් අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් දක්වා ඇති අදහස සම්බන්ධයෙන් මේ වනවිට ඒකාබද්ධය අභ්‍යන්තර උග්‍ර අර්බුදයක් හටගෙන් ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න.


    - http://www.lankaleaks.net/2018/07/01/1559

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    බැසිල්ගේ හමුදා පාවාදිමේ කතාවෙන් ඒකාබද්ධය දෙදරයි…. විමල් නටවන් නාඩගම කරන්නේ රනිල්…

    rajapaksa-statement-261x300.jpg


    2020 ජනාධිපතිවරණය ජයගැනිම සදහා අනිවාර්යයෙන්ම රාජපක්ෂලා වටේ සිටින Army කාරයන් ඉවත් කිරිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින බව මහින්ද පිළ නියෝජනය කරන හමුදාවේන් විශ්‍රාම ගොස් ගෝඨා දිනවිමට කටයුතු කරමින් සිටින කණ්ඩායම් අනාවරණය කර තිබේ.

    2020 ජනාධිපතිවරණයේ මෙහෙයුම දියත් කරමින් සිටින පොහොට්ටුවේ නායකයා වන බැසිල් රාජපක්ෂ පසුගියදා බැසිල්ගේ ලගම න්‍යායචාරයන් සමග පැය ගණනක හමුවක් පවත්වා ඇති අතර එහිදි න්‍යායාචාරවරුන් බැසිල්ට පෙන්වා දි ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරිමේ යාන්ත්‍රනය සකස් කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

    මේ වනවිට බැසිල් විසින් නිර්මාණය කරන යාන්ත්‍රනයේ ප්‍රයෝජන ගෙන මහින්ද සහ ගෝඨාභය රට වටේ තමන්ගේ බලය තහවුරු කිරිමට කටයුතු කරමින් සිටින බවත් බැසිල් පක්ෂය තුල වැඩ්ඩෙක් ලෙස නම්වි තිබුනද එලියේ බැසිල් සම්බන්ධයෙන් හොද දැක්මක් ජනතාව තුල නොමැති බවද ඔහුන් පෙන්වා දි තිබේ.

    ගෝඨාභය වටා සිටින හමුදා කණ්ඩායම් හේතුවෙන් උතුරේ ඡන්ද පමණක් නොව ඉන්දිය සහ ඇමරිකානු සහය ලබ ගැනිමටද නොහැකි තත්වයක් උදාවෙමින් තිබේන බව එම කණ්ඩායම බැසිල්ට පෙන්වා දි ඇති අතර පසුගියදා උතුරේන් හමුවු යුධ උපකරණ සම්බන්ධයෙන් ගෝඨාගේ ගොලයෙකු වන කමල් ගුණරත්න මාධ්‍ය හමු පැවැත්විම පිළිබඳවද එහිදි දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

    බදුයුදින් බැසිල්ට කී රහස …..

    එහිදි බැසිල් අලුත් රහසක් ද තම සගයන හමුවේ අනාවරණය කල අතර …බැසිල් එහිදි කියා සිටියේ …

    “මට මේ ලගදි රීෂාඩ් බදුයුදින් හමුවුනා….එයාලා පැහැදිලිවම කිව්වා මේ පළාත් සභා මැතිවරණයෙන් පස්සේ තින්දුවක් ගන්නවා කියලා… එයාගේ ඉල්ලිම උනේ සර් (බැසිල්) ආවොත් අපේ සහය දෙනවා නමුත් අපිට ගෝඨාභය වෙනුවෙන් නම් සහය දෙන්න බෑ ” යනුවෙනි…

    ඒ සමගම බැසිල්ගේ න්‍යායාචාර වරුන් පෙන්වා දි ඇත්තේ “දැක්කානේ සර් කවුරුත් කැමති සර්ට …ගෝඨාභය කරන්නේ මේ හැදෙන එකමුතුව විනාශ කරන එක ..එක ලොක්කාත් දන්නවා (ලොක්කා යනු මහින්දය)”

    ඒ සමගම බැසිල්ගේ සමිපතම මහාචාර්ය දැනුම ඇති න්‍යායාචාරවරයා සදහන් කර ඇත්තේ

    “විමල් නටවන් නාඩගම කරන්නේ රනිල්… එක සාක්ෂි සමග් දැන් එලියට ඇවිල්ලා තියෙන්නේ ..ඒ කණ්ඩායමේ ගම්මන්පිලත් හිටිය පස්සේ මිනිහා නිහඩ උනා… විමල්ට ඔනේ ගෑණීයි එයාටයි බෙරේන්න එකට කරනන් ඔන දේ තමයි ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කරලා දෙන එක.”

    ඒ අනුව බැසිල්ගේ න්‍යායාචාර වරුන් අලුත් මෙහෙයුමක් දියත් කරන ලෙසට බැසිල්ට උපදෙස් දුන් අතර ඉදිරියේදි බැසිල් යන රැස්විම්වලදි අනාගත ජනාධිපති ලෙස බැසිල් වෙනුවෙන් කැ ගැසිමට, වෙනම Team එකක් සකස් කිරිමටද ඔහු උපදෙස් ලබාදි තිබේ.

    පසුව එම් සතියේම අම්පාරේ රැස්විම සම්පාදනය කර තිබු අතර බැසිල් එම රැලියට සහභාගි විම සදහා පොඩි පඩ ෂෝ එකක්ද එකතු කිරිමට මෙහෙයුමක් දියත් කර තිබිනි.

    බැසිල්ට එදාම FCID යට යැමට තිබුනි.බැසිල් එය දැන දැනම අම්පාර රැස්විමද සම්පාදනය කර තිබිනි. ව්‍යාපාරිකයේකුගේ අනුග්‍රහයයෙන් ලැබුන හෙලිකොප්ටරයකින් පෙරවරු 9.33 FCID පෙනී සිටි බැසිල් කෙසේ හෝ පෙරවරු 11.55 වන විට අම්පාරට ලග වූ යේ සංවිධායක මඩුල්ලත් රැස්ව සිටි පිරිසත් පුදුම කරමින්ය.

    බැසිල් ගේම් එක පටන් ගත්තේ අම්පාරෙනි.අම්පාර රැස්විම සංවිධානය කිරිමට භාර දි තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක.මන්ත්‍රීවරයා හා බැසිල් රාජපක්ෂ අතර සුළු විරසකයක් පැවතියත් මන්ත්‍රීවරයා තම සමීපතමකුට පවසා ඇත්තේ රාජපක්ෂලාගෙන්න් වැඩක් කරනවා කිවුවොත් ඉටියෙන් හරි මැටියෙන් හරි කරන්නේ බැසිල් විතරක් බවය. වැඩේ හරි බව බැසිල් එම කතාවෙන් තහවුරුකර ගත් අතර අම්පාරේ මහින්දලා වෙනුවෙන් මහත් සේවයක් කල සරත් වීරසේකර කුණු මාලු කැල්ලක් මෙන් අහක දැමු බැසිල් සරත් සමග වචන 5කට වඩ කතා නොකර සිටිමට කටයුතු කර තිබේ.

    කවදත් රාජපක්ෂලාට ඔන විදියට ගොනාට අදින විමල්ලා එදිනද ඇද ගත් අතර එකෙන්ම බැසිල් රාජපක්ෂ ජනාධිපති කලයුතු බවට කැ මොර දෙමින් බැසිල්ගේ ජනාධිපති ගමනට පාර කපා දුන් අතර එම රැස්වීම අමතමින් කලගුණ දැක්වු බැසිල් අම්පාරට සිටින එකම නායකයා විමලවීර දිසානායක කියමින් සරත් විරසේකර එක පහරින් කපා දමා තිබේ.

    රාජපක්ෂලාගේ කොම්ඩම් තියරියට යටවු සරත්

    මේ වනවිට රාජපක්ෂලාගේ කොම්ඩම් තියරියට යටවු සරත් දින දෙකකට පසුව හෙළ උරුමයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු හමුවි ඇති අතර එහිදි ඔහු පවසා ඇත්තේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට අවසාන මොහොත දක්වා පෙන්වා පසුව් ඒ වෙනුවට බැසිල් ඉදිරිපත් විමට මේ වනවිට මෙහෙයුම් දියත් වෙමින් තිබෙන බවයි.

    ” බැසිල් හදන්නේ අපිව පාවාදෙන්න …..මිනිහා කරන්න හදන්නේ කොහොම හරි ඡන්ද ටික … ගන්න ඒ වෙනුවෙන් මිනිහා (බැසිල්) හමුදාව උනත් පාවා දෙනවා… කොහොමත් ඔය 10 percent කාරයෝ එක්ක ජාතිකවාදී දේශපාලනය කරන්න බෑ … දැක්කා නේ එදා පත්තරයට කරලා තිබුන කතාව “

    අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ,

    “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත.

    එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්‍රාකාර සැකයක් එවක රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

    උතුරේ ඡන්දය ලබා ගැනිම සදහා මානබලමින් සිටින බැසිල් මීට මාසයකට පමණ පෙර 20 දෙනෙකුගෙන් යුත් දමිළ කණ්ඩායමක් කොළඹදි විශේෂ පුහුණුවකට ලක්කොට උතුරේ දේශපාලන හැසිරවිම සදහ යවා ඇති එම කණ්ඩායම බැසිල්ට හිතවත් දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානයේ නායක වී.රුද්‍රකුමාරන්ගේ සහචරයෙකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සමග එම කණ්ඩායම සම්බන්ධ කර තිබේ.


    - http://www.lankaleaks.net/2018/07/02/1563
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත මෙන්න…. පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ

    2016 වසරෙහිදී හෙළිදරව් වූ බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂට කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගම වූ CICT මගින් ගෙවන ලද රුපියල් එක්කෝටි අනූ ලක්ෂය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට රනිල්-සිරිසේන ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරණය විමත් සමග ඒ සම්බන්ධයෙන් සාක්ෂී නොමැති බවට ඇතැම් අය කරන ප්‍රකාශ වලට නිසී පිළිතුරු වශයෙන් අදාළ ගෙවිම් වලට අදාළ සාක්ෂී ලංකා ලික්ස් වෙබ් අඩවිය හරහා ආනාවරණය කරන්නෙමු.

    කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චයිනා හාබර් සමාගමට(Wrong: Hyundai Engineering & Construction Company built it. China Merchants Port Holdings(CM Port) built the terminals. CICT is a JV between CM Port and SLPA - monson) අයත් චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ මුදලක් ආධාර මුදලක් වශයෙන් HSBC බැංකුවේ චෙක්පතකින් 2012 05 මස 21 වැනිදින ගෙවා ඇති අතර ඊට අදාළ ගෙවිම් කරන ලද චෙක්පතහී ඡායා පිටපත පහත දක්වා තිබේ.

    ඒ අනුව පුෂ්පා රාජපක්ෂ පදනමට අයත් මහජන බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයේ ඇති ගිණුමට (19,410,000) මුදල බැරකර තිබේන අතර එම ගෙවිම කර ඇත්තේ Colombo International Container Terminals (LTD) ගිණුම හරහාය.

    HSBC.png


    CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 – 1 – 001 – 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබේ.

    නමුත් කුප්‍රකට රාජපක්ෂවරු මෙන්ම එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග කල බවට පෙන්නුම් කලද සැබෑවටම ය ජනතාවගේ කරමත පටවා ඇත්තේ දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක ලෙස ගිණුම් ගත කර කිරිම හරහාය.

    ඒ අනුව එම් සම්පූර්ණ මුදල පමණක් නොව ඊට අදාළ විවිධ වියදම් සියල්ලම් ජනතාවගේ කර මත පැටවිමට රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර් වු බැසි රාජපක්ෂ හීන් නුලේම කටයුතු කර තිබේ.

    Ltter01.jpg


    මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.

    දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

    එම මෙහෙයුම් අතර 2012 මැයි 21 දින පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට රුපියල් මිලියන 19,49410 මුදලක් ගෙවීම් කර තිබේ.

    එසේ මුදල් එම ගිණුමට බැර කර ඇති බවද රාජ්‍ය විගණනය මගින් තහවුරු කරගෙන ඇත.

    Ltter02.jpg


    වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.

    එහෙත් වරාය අධිකාරියේ කිසිදු ඉල්ලීමක් මත මෙම මුදල් අදාළ සමාගම විසින් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී ඇති බවත් එම සමාගම සහ වරාය අධිකාරිය අතර වූ සංවර්ධන ගිවිසුම අතරට පැමිණි අතරමැදියකු විසින් එතරම් විශාල මුදලක් එම සංවිධානයට ලබාදී ඇති බවත් කියැවේ.

    මෙහිදී මෙරට මෙතරම් ස්වේච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයක තිබියදී මෙම සංවිධානයට මෙතරම් මුදලක් බැර කර ඇත්තේ කුමන අරමුණක් සඳහාද යන්න විගණනය සිය විගණන විමසුමෙන් විමසා ඇත.

    Ltter03.jpg


    එපමණක් නොව වසර 35කට පසු CICT සමාගම සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව ඇති එහි 62/8 වගන්තිය ප්‍රකාරව සහ අනුවගන්ති ප්‍රකාරව එම ගිවිසුම කල්පිරී අවසන් වූ පසු CICT වංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයෙහි වැය කළ මුදල්වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතු මුදල්වලට එකතු කර මෙම මුදලද ආපසු එම සමාගමට රජය හෙවත් වරාය අධිකාරිය විසින් ගෙවිය යුතු වෙයි.

    එම නිසා දකුණු වරාය සංවර්ධන කටයුතුවල වියදමට එකතු කරමින් මෙතරම් විශාල මුදලක් මෙම චීන සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට ලබාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් බවද විගණනය පෙන්වා දී ඇත.”

    Ltter04.jpg


    Ltter05.jpg


    Colombo-_International-_Container-_Terminals-_Ltd.png


    - http://www.lankaleaks.net/2018/07/06/1601

    mr-gotabaya_1000px.jpg
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Maha Bankuwa kolla kapu paduwa oita wada godak wedi ban. Umba thamath munta kade yanawa neda?

    Anna adath Anuradhapure manussayek wa pathale ewun kapala marala dala.

    'Sadaranawa' jeewath wena minihekta den rate jeewath wenna widiyak na.

    Api 2015 munta chande deela karagathu winasayak.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    අයිති නැති දේපළකට බැසිල් වුන මහන්සිය : අධිකරණයේ හෙළිවේ !

    DSC_1313.jpg


    දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්‌කර 16 ක ඉඩමක්‌ මිලට ගෙන එහි නිවසක්‌ සහ පිහිනුම් තටාකයක්‌ ඉදිකර සත්ව ගොවිපළක්‌ පවත්වාගෙන යමින් රුපියල් මිලියන 203ක රජයේ මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාති සොයුරු ව්‍යාපාරික තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කළ නඩුව ඊයේ (06) ගම්පහ මහාධිකරණයෙදී විභාගයට ගැනිණ.

    මුදිතගේ සාක්ෂිය

    එහිදී ප්‍රධාන සාක්ෂිකරුවන මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ හිමිකරු, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් පරික්ෂා කර එහි නිවසක් ඉදිකිරීමට සුදුසු දැයි දන්වන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බවය.

    එමෙන්ම තමා විසින් හඳුනා ගත් ඉඩම මිලදී ගැනීමට අදාලව කටයුතු කරන ලෙස දැන්වූ බැසිල් රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තීරු නඩේසන් මහතා සමග සාකච්ජා කරන්නැයි දැනුම් දුන් බවද සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සඳහන් කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන් දුරකථන අංකයට කතාකර තීරු නඩේසන් මහතා හමුවූ බවත් එහිදී සාකච්ජා කල පරිදි මෙහි නීතිමය කටයුතු සම්බන්ධීකරණය නීතිඥ රාජකරුණා නමැති අයට පැවරීමට එකඟ වූ බවත් සඳහන් කර ඇත.

    අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ඉඩමේ හිමිකරුවන් වූ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ඔවුන්ගේ සැමියන් සමග හමුවූ බවත් අනතුරුව මාස කිහිපයක් එම ඉඩමට අදාළ ඔප්පු නිරවුල් කිරීමට කටයුතු කල බවත් ඔහු පවසා තිබේ.

    එකී කටයුතු නිමා වීමෙන් පසු ගම්පහ බැංකුවකදී මිලියන 10 බැගින් වූ තීරු නඩේසන් මහතාගේ චෙක් පත් තුනක් ඉඩම හිමි කාන්තාවන්ට බාර දුන් බව හා ඉතිරි මුදල මුදලින් ගෙවූ බවත් මිදිත මහතා සාක්ෂි දෙමින් සඳහන් කර ඇති අතර මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් එසේ චෙක් පත්වලට පරිබාහිරව කල ගෙවීම් ගැන සඳහන් කිරීමට විරෝධය පල කළ බවද වාර්තා වෙයි.

    ඉඩම පවරා ගැනීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව ඉඩමේ ගොවිපලක් පවත්වාගෙන යාම සඳහා CIC සමාගමේ නියෝජිතයින් සමග සාකච්ජා කල බවත් ඉඩමට හා ගොවිපලට ආරක්ෂාව ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පෞද්ගලික ආරක්ෂක සමාගමක් සමග සාකච්ජා කර එම සමාගමේ සේවය ලබා ගැනීමට කටයුතු කල බවත් මුදිත මහතාගේ සාක්ෂියේ සඳහන් බවද දැනගන්නට ඇත.
    මෙම ඉඩම තමාගේ නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුන පුනා කියා සිටියද ඊට ඔහුගේ ඇති සම්බන්ධතාවය ඊයේ මෙසේ අනාවරණය විය.


    පකිස්ථාන අධිකරණය නවාස් ෂරීෆ් ට දුන් දඬුවම

    මේ අතර මීට සමාන නඩුවක තීන්දුවක් පසුගිදා පකිස්ථාන අධිකරණය ලබා දී ඇත. ඒ නිවසක් මිලදී ගැනීමේ දුෂණ චෝදනාවකට වැරදිකරු වීම නිසා පකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට වසර 10 ක සිරදඬුවමක් නියම කරමින්ය.

    මෙහිදී හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වූ මර්යාම් ශරිෆ්ට එරෙහි චෝදනාව වන්නේ ලන්ඩනයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක හිමිකාරිත්වය සම්බන්ධවය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලන්ඩනයේ සිට ඊට ප්‍රතිචාර දක්වමින් නවාස් ශරීෆ් කියා සිටියේ තමා නිර්දෝෂී බැවින් පකිස්ථානයට පැමිණ සිරගත වී අඛණ්ඩව අරගලයේ නිරත වන බවය.

    කරුණු කිහිපයක් මත මේ සිදුවීම අපේ රටටද ඉතා වැදගත්ය.

    පලමු කරුණ කොතරම් වරප්‍රසාද විඳි, කොටින්ම රටේ හිටපු නායකයා වීම පවා නොසළකා දුෂණ චෝදනා ඇත්නම් ඒ විභාගකොට පොතේ හැටියට දඬුවම් කරන්නට තරම් ධෛර්යයක් පකිස්ථානයට තිබීමය. ඒ හරහා යුක්තිය ඉටුවීමට අදාළ ජනතා විස්වාසය පළුදු නොකිරීමය.
    දෙවැන්න චෝදනාව එල්ලවීමට අදාළ දේපල තමන්ට අයත් බව නවාස් ෂරීෆ් පිළිගැනීම සහ ඒ වෙනුවෙන් ධෛර්යයක් ඔහුට තිබීමය. තීන්දුවට එරෙහිව තමන් අඛණ්ඩ අරගලයක නිරත වන බවට නවාස් ෂරීෆ් පැවසුවත් අධිකරණ තීන්දුව පිළිගෙන සිරගතවීමට තරම් ධෛර්යයක් ඔහුට තිබීමය.

    අනෙක් වැදගත් කරුණ නම් රටේ හිටපු ප්‍රධානියා කියා විශේෂ සහනයක් නවාස් ෂරීෆ් වෙත හිමිනොවීම සහ වැරැද්දේ හැටියට නියමිත දඬුවම දීමට තරම් ධෛර්යයක් පකිස්ථාන අධිකරණයටත් විනිසුරුවරුන්ටත් තිබීමය.

    අති දුර්ලභ රාජපක්ෂ පවුල

    එතැන් සිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට සඳහන් පුගොඩ මල්වානේ අක්කර 16 ඉඩම සහ නිවස ගැන අවධානය යොමුකරන විට පෙනී යන්නේ වෙනස්ම තත්ත්වයක්ය. මෙම අධිකරණ කටයුත්ත ආරම්භයේම බැසිල් පැවසුවේ එම දේපල තමන්ගේ නොවන බවය. මාධ්‍ය වෙත පමණක් නොව බැසිල් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයාද අධිකරණයට ඒ බව පැවසීය.

    ඊට පෙර මෙම නඩුවේ සාක්ෂිදුන් එහි ජෝතිෂ කටයුතු සිදුකල සුමනදාස අබේගුණවර්ධන සඳහන් කර සිටියේ තමන් ඊට සම්බන්ධ වූයේ බැසිල් මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂගේ දැනුම්දීමකට බවය.

    ඉතින් මේ බැසිල් මහතා ප්‍රතික්ෂේප කරන්නේ එතරම් මැදිහත්වීමක් සිදුකල දේපලක අයිතියය. මොණර පැටියෙකු බිහිකරන්න සෙබඩ ගැබ් ගන්නා ආකාරය අප අසා ඇත. එහෙත් තැන තැන ඉඩම් මිලදී ගෙන ඒවායේ මාලිගා තනවා අයිතිය ප්‍රතික්ෂේප කරන අය ගැන අප අසා ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්ෂගේ කතරගම මාලිගය ගැන පමණය.

    නවාස් ෂරීෆ් ගේ සිදුවීමත් සමඟ බලන විට නම් පෙනී යන්නේ ඒ අතින්ද රාජපක්ෂලාද මිනිස්සු වුවත් හරි දුර්ලභ පවුලක් බවය.


    - https://newstube.lk/news/2798-malawana-basil-house
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy