ඔය බැසිල් කියන්නේ ගොටාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කාලේ හමුදාවට අන දුන්නේ රනිල් කියල. එතනත් ගොටට කැපිල්ල දාලා.![]()


Yako mu tawa tika dawasakin kiyayida dannena..prabakaran maruwet ranil kiyala.


ඔය බැසිල් කියන්නේ ගොටාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කාලේ හමුදාවට අන දුන්නේ රනිල් කියල. එතනත් ගොටට කැපිල්ල දාලා.![]()





umba niwadu dawase monawada karanne ethakota me thread wala?
![]()


බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත මෙන්න…. පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ
2016 වසරෙහිදී හෙළිදරව් වූ බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂට කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගම වූ CICT මගින් ගෙවන ලද රුපියල් එක්කෝටි අනූ ලක්ෂය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට රනිල්-සිරිසේන ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරණය විමත් සමග ඒ සම්බන්ධයෙන් සාක්ෂී නොමැති බවට ඇතැම් අය කරන ප්‍රකාශ වලට නිසී පිළිතුරු වශයෙන් අදාළ ගෙවිම් වලට අදාළ සාක්ෂී ලංකා ලික්ස් වෙබ් අඩවිය හරහා ආනාවරණය කරන්නෙමු.
කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චයිනා හාබර් සමාගමට(Wrong: Hyundai Engineering & Construction Company built it. China Merchants Port Holdings(CM Port) built the terminals. CICT is a JV between CM Port and SLPA - monson) අයත් චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ මුදලක් ආධාර මුදලක් වශයෙන් HSBC බැංකුවේ චෙක්පතකින් 2012 05 මස 21 වැනිදින ගෙවා ඇති අතර ඊට අදාළ ගෙවිම් කරන ලද චෙක්පතහී ඡායා පිටපත පහත දක්වා තිබේ.
ඒ අනුව පුෂ්පා රාජපක්ෂ පදනමට අයත් මහජන බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයේ ඇති ගිණුමට (19,410,000) මුදල බැරකර තිබේන අතර එම ගෙවිම කර ඇත්තේ Colombo International Container Terminals (LTD) ගිණුම හරහාය.
![]()
CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 – 1 – 001 – 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබේ.
නමුත් කුප්‍රකට රාජපක්ෂවරු මෙන්ම එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග කල බවට පෙන්නුම් කලද සැබෑවටම ය ජනතාවගේ කරමත පටවා ඇත්තේ දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක ලෙස ගිණුම් ගත කර කිරිම හරහාය.
ඒ අනුව එම් සම්පූර්ණ මුදල පමණක් නොව ඊට අදාළ විවිධ වියදම් සියල්ලම් ජනතාවගේ කර මත පැටවිමට රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර් වු බැසි රාජපක්ෂ හීන් නුලේම කටයුතු කර තිබේ.
![]()
මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.
දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
එම මෙහෙයුම් අතර 2012 මැයි 21 දින පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට රුපියල් මිලියන 19,49410 මුදලක් ගෙවීම් කර තිබේ.
එසේ මුදල් එම ගිණුමට බැර කර ඇති බවද රාජ්‍ය විගණනය මගින් තහවුරු කරගෙන ඇත.
![]()
වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.
එහෙත් වරාය අධිකාරියේ කිසිදු ඉල්ලීමක් මත මෙම මුදල් අදාළ සමාගම විසින් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී ඇති බවත් එම සමාගම සහ වරාය අධිකාරිය අතර වූ සංවර්ධන ගිවිසුම අතරට පැමිණි අතරමැදියකු විසින් එතරම් විශාල මුදලක් එම සංවිධානයට ලබාදී ඇති බවත් කියැවේ.
මෙහිදී මෙරට මෙතරම් ස්වේච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයක තිබියදී මෙම සංවිධානයට මෙතරම් මුදලක් බැර කර ඇත්තේ කුමන අරමුණක් සඳහාද යන්න විගණනය සිය විගණන විමසුමෙන් විමසා ඇත.
![]()
එපමණක් නොව වසර 35කට පසු CICT සමාගම සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව ඇති එහි 62/8 වගන්තිය ප්‍රකාරව සහ අනුවගන්ති ප්‍රකාරව එම ගිවිසුම කල්පිරී අවසන් වූ පසු CICT වංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයෙහි වැය කළ මුදල්වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතු මුදල්වලට එකතු කර මෙම මුදලද ආපසු එම සමාගමට රජය හෙවත් වරාය අධිකාරිය විසින් ගෙවිය යුතු වෙයි.
එම නිසා දකුණු වරාය සංවර්ධන කටයුතුවල වියදමට එකතු කරමින් මෙතරම් විශාල මුදලක් මෙම චීන සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට ලබාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් බවද විගණනය පෙන්වා දී ඇත.”
![]()
![]()
![]()
- http://www.lankaleaks.net/2018/07/06/1601
Me malwane gei idamai katawath ayithi naththam apita gihin padinchi wenna barida ban![]()

den moko hetenne besil gena?![]()
ඇයි මේ කෑල්ලක් අඩු?
ඇත්තටම ප්‍රින්ට් කරපු එකේ ඉතුරු ටික නැද්ද නැත්නම් හිතලම අයින් කරලද?
http://epaper.ada.lk/images/flippingbook/2018/06/29/09.jpg