Ranil pawule kenek wage kiyala neda
ප්‍රශ්නය - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්‌වී බැසිල් රාජපක්‌ෂ මහතා, ඔබව හිරේ දැමීම සඳහා උත්සාහ කිරීම හේතුවෙන්, ආරක්‌ෂාව සඳහා ඔබ රටින් පිටත ගොස් ඇති බව බස්‌නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය සඳහන් කළා... එහෙම කුමන්ත්‍රණයක් තිබ්බාද...?
පිළිතුර -බැසිල් රාජපක්‌ෂ මහතාට එහෙම කිසිම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. "සහෝදර එකමුතුව" කියලා මේ අයම එක වෙලාවකට කියනවා, තව වෙලාවකට සහෝදර ගැටුම් කියනවා. ඔය වගේ බොරු කියලා තමා, මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරලුවේ... ඒ අය ආණ්‌ඩුව කරගෙන යන්න හදන්නෙත් එහෙම තමයි. අපේ පවුල හොඳ එකමුතුකමක් තියෙන සමඟියක් තියෙන පවුලක්. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා. අපි එකිනෙකා ගහගන්න සහෝදර පිරිසක් නෙමෙයි. පවුලක් හැටියට සමාදානයෙන් ජීවත්වීම, එකට වැඩ කිරීම අපේ රටේ සංස්‌කෘතියෙන් අගය කරන දෙයක්. අපි හැමදාම එකට හිටිය සහෝදර පිරිසක්. අපි සියලු දෙනා රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කළා. ඒක ආදර්ශවත් දෙයක්.