ගෝඨාභය මහතාගේ අතුරු කතා 1.1
මගේ නෙළුම්මාවත මිතුරා අද සුබ ආරංචියක් කිව්වා. ඔබට මතක ඇති ගෝඨාභය මහතාගේ කිරිබත්ගොඩ රැළියේ යකඩ වැටට බර දීලා දේශණ අහං හිටපු සීයා. ඒ සීයා අද ගෝඨාභය මහතා හමුවෙලා. හැබැයි ඉතා කෙටි වේලාවකට. ප්‍රසන්න රණවීර මන්ත්‍රිතුමා තමයි ඒ සීයාව ගෝඨාභය මැතිතුමාගේ නිවසටම එක්ක ගිහින් තිබුණේ. සීයාව දැකපු ගමන් ගෝඨාභය මැතිතුමා එයාව හදුනගෙන තිබුණා. ඒ එක්කම සීයා ළගට ගිය ගෝඨාභය මහතා සීයාව තදින් වැළදගෙන තිබුණේ මහත් සෙනෙහසකින්.
"ප්‍රසන්න මේ ඔයාගේ කෙනෙක්ද?"
ගෝඨාබය මැතිතුමා ඇහුවා.
"අපොයි ඔව් සර්... මගේ හොද යාළුවෙක්.. මෙයාලගේ මුළු පරම්පරාවම අපේ... සීයගේ පුතාලා දෙන්නත් මට වැඩකරන්නේ...."
"ඔව්...සර්......." සීයා පිළිවදන් දීලා තිබුණේ දෙනෙත් වල කදුළු පුරවගෙන.
"ඉතින් ඇයි මේ හදිස්සියේ ආවේ? කෝල් එකක් දීලා නිවාඩු වෙලාවක සීයව එක්ක එන්න එපැයි ප්‍රසන්න... මම හරි ආසාවෙන් උන්නේ මෙතුමා එක්ක නිවිහැනේ ටිකක් කතාබහ කරන්න...."
"මේ දවස්වල සර්ට කොහෙද නිවාඩු?"
ප්‍රසන්න මන්ත්‍රිතුමා උත්තර දුන්නා.
"ඒකත් ඇත්ත තමයි... තාම ප්‍රතිපත්ති ප්‍රකාශණේ වත් හරියකට හදාගන්න බැරිවුනානේ... දැනුත් මේ කෝට්ටේ යන්න කියලා.. නාලකලා දැං පැයක් තිස්සේ එහේ... අපේ රජයේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් අළුත් විදිහට හදන්නයි හිතා ඉන්නේ...."
"ඒකනං හොදයි සර්... ලොකු වෙනසක් වෙන්න ඕනේ හැම අතින්ම...."
"ඔව් ප්‍රසන්න... අළුත් අදහස් තමයි රටට ඕනේ... ම්... ප්‍රසන්න.. ඒ සාකච්ඡාවේ ඔයත් හිටියොත් හොදයි කියලා හිතෙනවා....."
"පුළුවන් සර්... හැබැයි මේ සීයා මාත් එක්කයි ආවේ... ම්................"
"සීයව ධනුක එක්ක යවමු.. ඔයා මාත් එක්ක යං... ධනුකට කියන්න සීයව ගෙදරටම ගිහින් ඇරලවලා එන්න කියලා....."
"හොදයි සර්...."
එහෙම කියපු ප්‍රසන්න මන්ත්‍රිතුමා රියදුරු ධනුකට කතාකරන්න ගියා.
"ඉතින් සීයේ.... මට මෙහෙම හමුවෙලා බෑ... මම ජනාධිපති වුනාට පස්සෙ හරි දවසක එන්න ඕනේ ටිකක් කතාබහ කරන්න... අනික සීයට කෙරෙන්න තියෙන ඕනෙම දෙයක් ප්‍රසන්න මන්ත්‍රිතුමා හරහා මට දන්වන්න..."
"හොදමයි සර්......."
"සීයගේ වයස කීයද දැන්?"
"74 ක් සර්......"
සතුට වැඩිකමට සීයගේ කටහඩත් වෙවුලනවා.
එතකොටම ප්‍රසන්න මන්ත්‍රිතුමා රියදුරු ධනුකවත් එක්කගෙන ආවා.
"බලන්න ප්‍රසන්න.... අපේ මිනිස්සු වැඩිදෙනෙක් අවුරුදු හැටපහ හැත්තෑව පැන්න ගමන් සේරම අතෑරලා බණ භාවනා කරන්න ගන්නවා... ඒකෙන් වෙන්නේ ඒ අයගේ පරිණත අත්දැකීම් රටේ සංවර්ධනයට යොදාගන්න බැරිවෙන එක.... මේ වගේ සීයලා පණහක් හිටියනං මේරට ගොඩක් වෙනස් වෙන්න තිබුණා.... එහෙනම් ප්‍රසන්න අපි යං... ධනුක මේ සීයව පරිස්සමින් ගෙදරට ඇරලවන්න.... වේගෙන් යන්න එපා හරිද? හෙමින්...."
ධනුක හිස සැළුවා.
සීයා ඉදිරියට ආවේ ගෝඨාභය මැතිතුමාට ආචාර කරන්න.
"මට වදින්න එපා සීයේ... මමයි ඔබතුමාලට වදින්න ඕනේ... ඔබතුමාලගේ යෝධ ශක්තිය නිසා තමයි මේ රට මේ තරමින් හරි රැකිලා තියෙන්නේ... හොදයි සියේ... පරිස්සමින් යන්න... තෙරුවන් සරණයි..."
ගෝඨාභය මැතිතුමා මහත් සෙනෙහසකින් සීයාගේ හිස අතගාමින් කිව්වා.
මිතුරාගේ කතාව ඇසූ මට මතක්වුනේ 'වැඩිහිටි වියට ගරු කිරීම යනු පරිණත කමට ගරුකිරීමයි' යන ලෝක ප්‍රසිද්ධ ටිබෙට් කියමන. දෘශ්‍යමානයෙන් මිනිස්සු තේරුම් ගැනීම කොච්චර මුලාවක්ද?
මේකේ ඉන්න ගොඩක් යාලුවෝ මට බනිනවා මම unp එකට කඩේ යනව කියල
එකේ නිසා මම තීරණය කරා රට වෙනුවෙන් කඩේ යන්න
ඒ කියන්නේ මමත් මේකේ ඉන්න එරෝසන් අයියලා වගේ ගොටබයට කඩේ ... සොරි ගොටබය ගැන තියෙන ත්‍රෙඩ් දාන්න .
දැන් මමත් රටට ආදරය කරන කෙනෙක්

මොංගල උබව අතඇරල වෙන කොල්ලෙක් සැට්කොර ගත්තදැ