ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

    මේ දිනවල ක්‍රියාත්මක වන අසාධාරණ මෙන්ම සමාජ විරෝධී දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා ලංකාවේ ජනජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට බලවත් පහරක් වැදී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

    තම ඉල්ලීම් සාධාරණ ලෙස දිනා ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ගයන් ගැනීම සේවක අයිතිවාසිකමක් වූවත් එය කළ යුතු සාධනීය ක්‍රමයක් තියෙනවා. ලෝකයේ දියුණු රටවල කටයුතු සිදු වන්නෙ එහෙමයි.

    එහෙත් ලංකාව නම්වූ 2500 ක ඉතිහාසයක් තියෙන රටේ මෙවැනි දේ සිදු කරන්නේ මහ ජනතාව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් කරමින්ය. විෂම සමාජයක තත්වය මෙසේය.
    මෙවැනි තත්වයක් නැති කිරීමට නම් දැඩි පාලනයකින් යුතු පුද්ගලයෙකු රටේ නායකයා විය යුතුය. මැති ඇමති වරුන් සියලු දෙනාම (කට වාචාලයන් ඇතුලුව ) නිසි අයුරින් පාලනය කිරීමේ හැකියාව මොහුට තිබිය යුතු අතර ඉදිරිය ගැන දැකීමකින් (future vision) යුතු පුද්ගලයෙකු විය යුතුය.

    මම දකිනා ආකාරයට අද කරලියේ සිටින මෙවැනි එකම පුද්ගලයා (පක්ෂ පාට බේද අමතක කර) ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.
    ____________

    1980 වර්ෂයේ සිංගප්පූරුවේ ගුවන් සේවයේ නියමුවන් (Singapore Airlines) සමාජ සහ නීති විරෝධී වැඩ වර්ජනයක් දියත් කලා. මේ තත්වය නිසා එරටේ පවත්නා නීතිය අනුව ගුවන් සේවකයන් හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු සම්පාදනය කෙරුනා.
    උසාවියේ පෙනී සිටීමට ප්‍රථම මෙම ගුවන් නියමුවන්ට තවත් පුද්ගලයෙකු හමු වීමට සිදු වුනා.

    එම පුද්ගලයා නම් එවකට සිංගප්පූරුවේ අගමැති ලි ක්වාන් යූ මහතාය. එදා දිනය 1980 දෙසැම්බර් 1 වනදාය.

    ලී කවාන් යූ මහතා ඔවුනට මෙසේ පැවසූවා.

    "මම ඔබලා අද හමුවන්නේ දුරකථනය ඔස්සේ නෙමෙයි... මම ඔබලා හමු වන්නෙ මුහුණට මුහුණ දීලා... මම වැඩ කරන්නෙ එහෙමයි...
    මම ඔබලාට විකල්ප දෙකක් ලබා දෙනවා...
    පළවෙනි එක... කරුණාකරලා මෙම අසාධාරණ වැඩ වර්ජනය නවත්තලා ඔබලාගේ ඉල්ලීම නියම විදියට ඉදිරිපත් කරන්න... බලන්න... මේ වැඩ වර්ජනය හින්ද අපේ ගුවන් සේවයට මිලියන ගාණක පාඩුවක් වෙලා තියෙනවා... රටේ කීර්ති නාමය පලුදු වෙලා... ඒ හින්ද රට ගැන හිතලා වැඩට එන්න...
    දෙවෙනි විකල්පය.. ඔබලා එසේ වැඩ එන්න සුදානම් නැත්නම් කරුණාකරල ගෙදර යන්න.... මම Singapore Airlines ගුවන් සමාගම වහලා දාලා අලුතෙන්ම ගුවන් සේවයක් ආරම්භ කරනවා... මම ඒකට අලුතෙන්ම ගුවන් නියමුවන් ලෝකයෙන් හොයා ගන්නවා... මට ඒක අමාරු දෙයක් නෙමෙයි...
    පළමු තීරණය ඔබ අතේ... දෙවැනි සහ අවසාන තීරණය මගේ අතේ..."

    කිසිදු වචනයක් නොපවසා ලී ක්වාන් යූ මහතාගේ කාර්යාලයෙන් නික්ම ගිය වෘත්තීය සමිති නායකයන් මිනිත්තු 65 කාලයක් තුලදී නැවත සේවයට පැමිණීමට තීරණය කරා !!!
    ඇයි ඔවුන් එසේ සේවයට පැමිණීමට තීරණය කලේ? ඔවුන් දන්නවා අන්තිමේදී පරදින්නේ ඔවුන් කියලා. ලී ක්වාන් යූ මහතාගේ නායකත්වය ගැන ඔවුන් හොඳට දන්නවා.

    වැඩ වර්ජනය සාර්ථකව අවසාන කිරීමෙන් පසු ලී ක්වාන් යූ මහතා මෙසේ ප්‍රකශ කලා.

    "ඔවුන් දැන ගෙන හිටියා මම ගුවන් සේවය වහලා දාන්න සූදානම් කියලා... ඒ එක්කම ඔවුන් දන්නවා ඔවුන් නොමැතිව මට අලුත් ගුවන් සේවයක් පටන් ගන්න පුලුවන් කියලා... හොඳට මතක තියා ගන්න... සිංගප්පූරුවට ඕන යකඩ හස්තයක් තියෙන පාලකයෙක්... මම සිංගප්පූරුව හැදුවෙ මුලු ජීවිතයම කැප කරලා... මම ඒක කාටවත් නැති කරන්න දෙන්නෙ නෑ..."

    මේ දේශාභිමානී ලී ක්වාන් යූ මහතාගේ කියමනයි.
    _________________

    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    (වෙනත් විකල්ප පුද්ගලයෙකු සිටී නම් කරුණාකර ඒ කවුරුන්දැයි පවසන්න )
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    G3qFVsK.gif
     
    • Haha
    Reactions: The Kingslayer

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොහෙද ඉතින් අර නිවට මයිත්‍රිව ගෙනාව නෙහ් ආයෙ.ගෝටා සර්ට මේ කාලකන්නි ටික චන්දෙ දුන්නෙ නෑනෙහ් රට හදන්න නැත්තන් බලාගන්න තිබ්බ අපේ සිංහලයන්ගෙ බලේ. නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනවා.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    "ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත."

    lol....:P:lol::LOL::ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    "ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත."

    lol....:P:lol::LOL::ROFLMAO:
    කරුණාකර ඒ කවුරුන්දැයි පවසන්න
     
    • Haha
    Reactions: mmrizmy

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
    ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
    ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
    බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි

    කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි. මගෙ රටට දළදා හිමි සරණයි .
    කොහොමද අනාවැකි බ්‍රෝ.. තාම අවුරුද්දයි ගියේ..කළ කි දේ මදැයි 😆😆😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    :yes::yes::yes:
    එහ්හෙනං... යකඩ හස්තෙ පුකේ ගහන් ඉන්න එක තමයි අවුලකට තියෙන්නෙ 🤣🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: Mandalorian

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    කොහොමද අනාවැකි බ්‍රෝ.. තාම අවුරුද්දයි ගියේ..කළ කි දේ මදැයි 😆😆😆

    මේ අනාවැකි සේරම වැරදියි නේ.නිකන් හැම තැනම බොරු කිව්වම ඇත්තක් කිව්වත් විශ්වාස කරන්නේ නෑ.

    ඔබගේ ආකල්ප වෙනස් කරගෙන 43 සේනාංකය හා එක්වන්න.UNP ,JVP,SJB, පොහොට්ටු හැමෝටම එකම නිවහනක්.අලුත් ආරම්භයක් .
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

    මේ දිනවල ක්‍රියාත්මක වන අසාධාරණ මෙන්ම සමාජ විරෝධී දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා ලංකාවේ ජනජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට බලවත් පහරක් වැදී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

    තම ඉල්ලීම් සාධාරණ ලෙස දිනා ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ගයන් ගැනීම සේවක අයිතිවාසිකමක් වූවත් එය කළ යුතු සාධනීය ක්‍රමයක් තියෙනවා. ලෝකයේ දියුණු රටවල කටයුතු සිදු වන්නෙ එහෙමයි.

    එහෙත් ලංකාව නම්වූ 2500 ක ඉතිහාසයක් තියෙන රටේ මෙවැනි දේ සිදු කරන්නේ මහ ජනතාව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් කරමින්ය. විෂම සමාජයක තත්වය මෙසේය.
    මෙවැනි තත්වයක් නැති කිරීමට නම් දැඩි පාලනයකින් යුතු පුද්ගලයෙකු රටේ නායකයා විය යුතුය. මැති ඇමති වරුන් සියලු දෙනාම (කට වාචාලයන් ඇතුලුව ) නිසි අයුරින් පාලනය කිරීමේ හැකියාව මොහුට තිබිය යුතු අතර ඉදිරිය ගැන දැකීමකින් (future vision) යුතු පුද්ගලයෙකු විය යුතුය.

    මම දකිනා ආකාරයට අද කරලියේ සිටින මෙවැනි එකම පුද්ගලයා (පක්ෂ පාට බේද අමතක කර) ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.

    ____________

    1980 වර්ෂයේ සිංගප්පූරුවේ ගුවන් සේවයේ නියමුවන් (Singapore Airlines) සමාජ සහ නීති විරෝධී වැඩ වර්ජනයක් දියත් කලා. මේ තත්වය නිසා එරටේ පවත්නා නීතිය අනුව ගුවන් සේවකයන් හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු සම්පාදනය කෙරුනා.
    උසාවියේ පෙනී සිටීමට ප්‍රථම මෙම ගුවන් නියමුවන්ට තවත් පුද්ගලයෙකු හමු වීමට සිදු වුනා.

    එම පුද්ගලයා නම් එවකට සිංගප්පූරුවේ අගමැති ලි ක්වාන් යූ මහතාය. එදා දිනය 1980 දෙසැම්බර් 1 වනදාය.

    ලී කවාන් යූ මහතා ඔවුනට මෙසේ පැවසූවා.

    "මම ඔබලා අද හමුවන්නේ දුරකථනය ඔස්සේ නෙමෙයි... මම ඔබලා හමු වන්නෙ මුහුණට මුහුණ දීලා... මම වැඩ කරන්නෙ එහෙමයි...
    මම ඔබලාට විකල්ප දෙකක් ලබා දෙනවා...
    පළවෙනි එක... කරුණාකරලා මෙම අසාධාරණ වැඩ වර්ජනය නවත්තලා ඔබලාගේ ඉල්ලීම නියම විදියට ඉදිරිපත් කරන්න... බලන්න... මේ වැඩ වර්ජනය හින්ද අපේ ගුවන් සේවයට මිලියන ගාණක පාඩුවක් වෙලා තියෙනවා... රටේ කීර්ති නාමය පලුදු වෙලා... ඒ හින්ද රට ගැන හිතලා වැඩට එන්න...
    දෙවෙනි විකල්පය.. ඔබලා එසේ වැඩ එන්න සුදානම් නැත්නම් කරුණාකරල ගෙදර යන්න.... මම Singapore Airlines ගුවන් සමාගම වහලා දාලා අලුතෙන්ම ගුවන් සේවයක් ආරම්භ කරනවා... මම ඒකට අලුතෙන්ම ගුවන් නියමුවන් ලෝකයෙන් හොයා ගන්නවා... මට ඒක අමාරු දෙයක් නෙමෙයි...
    පළමු තීරණය ඔබ අතේ... දෙවැනි සහ අවසාන තීරණය මගේ අතේ..."

    කිසිදු වචනයක් නොපවසා ලී ක්වාන් යූ මහතාගේ කාර්යාලයෙන් නික්ම ගිය වෘත්තීය සමිති නායකයන් මිනිත්තු 65 කාලයක් තුලදී නැවත සේවයට පැමිණීමට තීරණය කරා !!!
    ඇයි ඔවුන් එසේ සේවයට පැමිණීමට තීරණය කලේ? ඔවුන් දන්නවා අන්තිමේදී පරදින්නේ ඔවුන් කියලා. ලී ක්වාන් යූ මහතාගේ නායකත්වය ගැන ඔවුන් හොඳට දන්නවා.

    වැඩ වර්ජනය සාර්ථකව අවසාන කිරීමෙන් පසු ලී ක්වාන් යූ මහතා මෙසේ ප්‍රකශ කලා.

    "ඔවුන් දැන ගෙන හිටියා මම ගුවන් සේවය වහලා දාන්න සූදානම් කියලා... ඒ එක්කම ඔවුන් දන්නවා ඔවුන් නොමැතිව මට අලුත් ගුවන් සේවයක් පටන් ගන්න පුලුවන් කියලා... හොඳට මතක තියා ගන්න... සිංගප්පූරුවට ඕන යකඩ හස්තයක් තියෙන පාලකයෙක්... මම සිංගප්පූරුව හැදුවෙ මුලු ජීවිතයම කැප කරලා... මම ඒක කාටවත් නැති කරන්න දෙන්නෙ නෑ..."

    මේ දේශාභිමානී ලී ක්වාන් යූ මහතාගේ කියමනයි.
    _________________

    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    (වෙනත් විකල්ප පුද්ගලයෙකු සිටී නම් කරුණාකර ඒ කවුරුන්දැයි පවසන්න )

    https://mothership.sg/2017/11/lee-kuan-yew-singapore-airlines-union/
    1621716160227.png
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    දැන් කවුරු ආවත් රට වලපල්ලටම යනවා කියන කොටසක් ඉන්නවනෙ.එයාලට කියන්නේ ඉතින් කවුරු ආවත් වෙන්න එකම දේම නිසා.. එක එක එක්කෙනාට රට දීලා බලමු.. ගෝටාභයගෙන් පටන් ගමු.:cool::cool:
    skeleton-meme.gif