ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේට වඩා එහා ගිය ප

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක් බව එම පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපති එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

    නමුත් එය කරගත නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේට වඩා එහා ගිය ප්‍රතිඵලයක් අත්වීමේ ඉඩකඩක් ඇති බවද ඔහු කියා සිටියි.

    කෙසේ වෙතත් මෙරට තරුණ පරම්පරාවට කිසිදු වචනයක් කීමට ඉඩ නොතබන සේ තම රජයක් යටතේ වැඩ කටයුතු කරන බවද පැවසූ ඔහු ඊට හේතුව තම අරමුණ හා මෙරට ජනතා අභිලාෂයන් එක සමානවීම බවද කියා සිටියේය.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝටට නම් කෙල උනේ රනිල් 2015 ඇවිල්ලා කරපු දේවල් වල රිටන් එක ආවේ ගොටාගේ කාලේ. ගොටා හැබැයි ඇවිල්ලා ගත්ත ණයක් නම් නෑ.

    කාගෙවත් කරුමයක් කරගහලා නිකම් අවනම්බුවක් උන එක ගෝටාට උනේ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ගෝටට නම් කෙල උනේ රනිල් 2015 ඇවිල්ලා කරපු දේවල් වල රිටන් එක ආවේ ගොටාගේ කාලේ. ගොටා හැබැයි ඇවිල්ලා ගත්ත ණයක් නම් නෑ.

    කාගෙවත් කරුමයක් කරගහලා නිකම් අවනම්බුවක් උන එක ගෝටාට උනේ
    ගෝටා ආපු ගමන් කලේ බදු අඩු පියවර ගත් එක, විශාල වශයෙන් බදු කපා හැරියා, මේක කරන්න එපා කියල ඉහලම ආර්ථික විද්‍යාඥයන් කියා සිටියදීත් එකම කළා. එකෙන් බිස්නස් බූස්ට් කරලා ගන්න උත්සාහ කරන්න ඇති නමුත් එක හරිගියේ නැහැ මොකද කොවිඩ් ඇවිත් රට අවුරුද්දක් වහගෙන හිටි නිසා, වියදම් පියවන්න මුදල් මුද්‍රණය කළා, ඒ නිසා මුදල් සැපයුම වැඩි වෙලා උද්ධමනය ඉහල ගියා, ඊළඟට පොහොර ප්‍රශ්නය, ඕක නිසා කෙලින්ම අස්වැන්න පහළ වැටුනා, පාස්කු බෝම්බයෙන් පස්සේ ඉඳල අවුරුදු 3ක් එක දිගට සංචාරකයන් පැමිණියේ නැහැ, ඔය ඔක්කොම එකතු වෙලා 22 වෙනකොට පීඩනය උපරිම තත්වයකට පැමිණියා. ඔය දේ ම අනුරත් කරන්න යනවා වැට් බද්ද කපා හැරලා, එක බින්දුව කරනවා කියනවා, ඔය සල්ලි කොහෙන්ද ගන්නේ? ණය විදියටද මුදල් මුද්‍රණය කරනවද? ඔය දෙකම කරන්න බැහැ ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව, එහෙනම් කරන්න තියෙන්නේ වියදම් කපන එකත් රජයේ සේවකයන් ඉවත් කිරීමත්, අනවශ්‍ය රජයේ කාර්යාල දෙපාර්තමේන්තු අඩු කරලා ඒවායේ සේවා වෙනත් කාර්යාලවලට පවරලා වියදම් කපන්න ඕන.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අනුර දිනනවා කියල උපකල්පනය කලොත්,
    අනුරට විරුද්ධ කැරැල්ල මුලින්ම ඇතිවෙන්නේ පක්ෂේ ඇතුලෙන්.
    ඌ දීල තියන බොරු පොරොන්දු නිසා ඕකට මිනිස්සුත් එකතු වෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක් බව එම පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපති එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

    නමුත් එය කරගත නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේට වඩා එහා ගිය ප්‍රතිඵලයක් අත්වීමේ ඉඩකඩක් ඇති බවද ඔහු කියා සිටියි.

    කෙසේ වෙතත් මෙරට තරුණ පරම්පරාවට කිසිදු වචනයක් කීමට ඉඩ නොතබන සේ තම රජයක් යටතේ වැඩ කටයුතු කරන බවද පැවසූ ඔහු ඊට හේතුව තම අරමුණ හා මෙරට ජනතා අභිලාෂයන් එක සමානවීම බවද කියා සිටියේය.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

    malli jeppantath campaign karanawa wage
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝටා ආපු ගමන් කලේ බදු අඩු පියවර ගත් එක, විශාල වශයෙන් බදු කපා හැරියා, මේක කරන්න එපා කියල ඉහලම ආර්ථික විද්‍යාඥයන් කියා සිටියදීත් එකම කළා. එකෙන් බිස්නස් බූස්ට් කරලා ගන්න උත්සාහ කරන්න ඇති නමුත් එක හරිගියේ නැහැ මොකද කොවිඩ් ඇවිත් රට අවුරුද්දක් වහගෙන හිටි නිසා, වියදම් පියවන්න මුදල් මුද්‍රණය කළා, ඒ නිසා මුදල් සැපයුම වැඩි වෙලා උද්ධමනය ඉහල ගියා, ඊළඟට පොහොර ප්‍රශ්නය, ඕක නිසා කෙලින්ම අස්වැන්න පහළ වැටුනා, පාස්කු බෝම්බයෙන් පස්සේ ඉඳල අවුරුදු 3ක් එක දිගට සංචාරකයන් පැමිණියේ නැහැ, ඔය ඔක්කොම එකතු වෙලා 22 වෙනකොට පීඩනය උපරිම තත්වයකට පැමිණියා. ඔය දේ ම අනුරත් කරන්න යනවා වැට් බද්ද කපා හැරලා, එක බින්දුව කරනවා කියනවා, ඔය සල්ලි කොහෙන්ද ගන්නේ? ණය විදියටද මුදල් මුද්‍රණය කරනවද? ඔය දෙකම කරන්න බැහැ ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව, එහෙනම් කරන්න තියෙන්නේ වියදම් කපන එකත් රජයේ සේවකයන් ඉවත් කිරීමත්, අනවශ්‍ය රජයේ කාර්යාල දෙපාර්තමේන්තු අඩු කරලා ඒවායේ සේවා වෙනත් කාර්යාලවලට පවරලා වියදම් කපන්න ඕන.

    ඔව් එහෙම එකක් නම් තියෙනවා බන්. මම කිව්වේ 2015 ණය උගුලේ හිර උනේ යහපලනය හින්දා කියලා.
     
    • Like
    Reactions: Jack London