ගෝඨාභය සහ සජිත්
ශ්‍රී ලංකාවේ 7 වෙනි ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්. ඔහු බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල් කඩක් බඳු ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ පළමු රාජ්‍ය නායකයා වීම විශේෂ සිද්ධියකි. ඔහු අභිමුඛව ඇති රට නව යුගයක් කරා ගෙන යාමේ භාරදූර කාර්යයට අප සියලු දෙනාගේම ආශීර්වාදය මෙන්ම ජාති සහ ආගම් වාදවලින් තොරව සහයෝගය ලැබිය යුතුය.
ඒ සමගම ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා පෙන්වූ මහාත්ම දේශපාලන ගුණය අපගේ පැසසුමට ලක් විය යුතුය. ඔහු ලබා දුන් මෙම ආදර්ශය අනිකුත් ‘දේශපාලකයන්’ පිළිපදිනු ඇතැයි බලාපොරොත්තු වෙමු.