ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම්

    හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

    ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ තමා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

    පෙත්සමේ වගඋත්තරකරුවන් වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රජයේ ඇමැතිවරුන් 39 ක්‌ සහ පොලිස්‌පති ඇතුළු සියලු වගඋත්තකරුවන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

    පෙත්සම් විභාගය ලබන ඔක්‌තෝබර් 06 දා පැවැත්වීමටද නියම කෙරිණි. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ තහනම මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ක්‍රියාත්මක වනු ඇත.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12(1), 13(1), 14(1) එච් යන වගන්තිවලින් සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනය වී තිබේද? උල්ලංඝනය වීමේ අවදානමකට පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා මුහුණ පා සිටීද නැද්ද යන්න පෙත්සම් විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇත.

    පෙත්සමට විරෝධතා ඇත්නම් ඒවා ලි�තව ජුලි 7 වැනිදාට පෙර රෙජිස්‌ට්‍රාර්වරයා වෙත භාර දෙන ලෙසද වගඋත්තකරුවන්ට නියම කෙරිණි.

    ඊවා වනසුන්දර, සරත් ද ආබෲ සහ බුවනෙක අළුවිහාරේ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවන ලදී.

    ඒ තිදෙනාගෙන් විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා පුද්ගලික හේතූන් මත පෙත්සම් විභාගයට සහභාගි නොවන බව දැනුම් දුන්නේය.

    විනිසුරු මඬුල්ලේ අනික්‌ සාමාජිකයන් දෙදෙනා වන ඊවා වනසුන්දර මහත්මිය සහ සරත් ද ආබෲ මහතා හමුවේ පෙත්සම සලකා බැලීම සිදුකෙරිණි.

    විනිසුරු මඬුල්ල හමුවේ මුලින්ම කරුණු ඉදිරිපත් කළේ පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

    ගෝඨාභය රාජපක්‌ෂ මහතා සාධාරණ හේතුවක්‌ නැතිව අත්අඩංගුවට ගෙන හිර කර තැබීමේ ඉතා සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් පෙත්සම ඉක්‌මනින් විභාගයට ගෙන ඔහුට සහනයක්‌ ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා කරුණු දක්‌වමින් ඉල්ලා සිටියේය.

    link

    ටොයියො කට ඇරගෙන හිටියනේ දැන් ශේප් එක හෙමීට පරෙස්සමට කටවල් වහගනිල්ල , බ්‍රේක් නැති මැස්සො කටේ රින්ගයි
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ඕකට තමයි කියන්නේ යහපාලනේ කියලා. ෆොන්සේකාට කළේ මොකද කියලා මතකයි නේද ? එකපාරට ඇවිත් ගෙනියන්නේ කොහේද ගෙනියන්නේ මොකටද කියලාවත් නොකිය බිම දිගේ ඇදගෙන ගිහින් හිරේ දාලා දුන්න වධේ මතකයි නේද ? මේකෙන් හොඳටම පැහැදිලියි දැන් රටේ ස්වාධීන අධිකරණයක් තියනෙවා කියලා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,563
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලා මහජන මුදල් කොටින්ට දුන් ටිරාන් හා ලලිත් ද මානව හිමිකම් පෙත්සම් ගොනු කරයි ද?

    උතුරේ වැසියන්ට ගෙවල් හදන මුවාවෙන් මහජන මුදල් රුපියල් මිලියන 167ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ‍එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් ටිරාන් අලස්ගෙන් හා ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කර තිබේ. ටිරාන් අලස් වනාහි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ රාඩා (Reconstruction and Development Agency) ආයතනයේ අධ්‍යක්ෂවරයා ය. ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස සේවය කළ සාලිය වික්‍රමසූරිය මේ වන විට අත්අඩංගුවේ ය.

    සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස හදා දීමට වෙන් කරන ලද මෙම මුදල්වලින් එක ද නිවසක් හෝ තනා නැත. නිවාස ලබා දීම සඳහා එම මුදල් ලබා දී තිබෙන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට නොව ඇඟලුම් කර්මාන්තකරුවන් දෙදෙනෙකුට ය.

    මේ මුදල් කොටි සංවිධානය ලබා දී තිබේ. ඒ 2005දී ජනාධිපතිවරණ වර්ජනය ඔස්සේ රනිල් වික්‍රමසිංහට උතුරින් ලැබෙන ඡන්ද වළක්වා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කර දීම වෙනුවෙන් කප්පමක් ලෙසයි.

    දැන් තිබෙන අලුත් ම ප්‍රවණතාව අනුව මෙම සැකකරුවන් තමන් අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික හිමිකම් පෙත්සම් ගොනු කර අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා සිටින්නට පුළුවන. අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝග ලබාගන්නටත්, නඩු දීර්ඝ කාලයකට කල් යන්නටත් ඉඩ ඇති බව පෙනේ.

    19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා තිස්ස අත්තනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වැනි නඩු තීන්දුත් සමග අධිකරණයට ආණ්ඩුවේ බලපෑම් නැති බව පෙනෙන්නට ඇතත්, තවමත් පැරණි බලපෑම් අවසන් වී නැති බවට අනුමාන කරන්නට හේතු වන තත්වයන් දැන් දැකිය හැකි ය.

    http://www.w3lanka.com/2015/05/blog-post_66.html
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකට තමයි කියන්නේ යහපාලනේ කියලා. ෆොන්සේකාට කළේ මොකද කියලා මතකයි නේද ? එකපාරට ඇවිත් ගෙනියන්නේ කොහේද ගෙනියන්නේ මොකටද කියලාවත් නොකිය බිම දිගේ ඇදගෙන ගිහින් හිරේ දාලා දුන්න වධේ මතකයි නේද ? මේකෙන් හොඳටම පැහැදිලියි දැන් රටේ ස්වාධීන අධිකරණයක් තියනෙවා කියලා.

    :lol::lol::lol::lol:

    ෆොන්සේකා කියන්නෙ හමුදා නිළධාරියෙක්. ෆොන්සේකාට දඩුවම් දුන්නෙ හමුදා අධිකරණය. හමුදා අධිකරණයයි, සිවිල් අධිකරණයයි පටල ගත්ත උන්නෙ කොමෙන්ට් කරන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕකට තමයි කියන්නේ යහපාලනේ කියලා. ෆොන්සේකාට කළේ මොකද කියලා මතකයි නේද ? එකපාරට ඇවිත් ගෙනියන්නේ කොහේද ගෙනියන්නේ මොකටද කියලාවත් නොකිය බිම දිගේ ඇදගෙන ගිහින් හිරේ දාලා දුන්න වධේ මතකයි නේද ? මේකෙන් හොඳටම පැහැදිලියි දැන් රටේ ස්වාධීන අධිකරණයක් තියනෙවා කියලා.

    පිස්සුද බන් ආණ්ඩුවෙන් හාවට විද්දට වැදිල තියෙන්නෙ පඳුරට
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    :lol::lol::lol::lol:

    ෆොන්සේකා කියන්නෙ හමුදා නිළධාරියෙක්. ෆොන්සේකාට දඩුවම් දුන්නෙ හමුදා අධිකරණය. හමුදා අධිකරණයයි, සිවිල් අධිකරණයයි පටල ගත්ත උන්නෙ කොමෙන්ට් කරන්නෙ...

    පිස්සුද බන් ආණ්ඩුවෙන් හාවට විද්දට වැදිල තියෙන්නෙ පඳුරට

    මොන දළනීරියෙක් උනත් බිමදිගේ ඇදගෙන යන්නෙ නැහැ හිටපු හමුදාපති වෙන සීන් එකක් ගියේ. මොක උනත් මහින්දයාව එක්කරගෙන ඡන්දෙයක් කරලා මහින්දයාව මන්ත්‍රීකමේ තියන එක තමයි කරන්න ඕනේ. මහින්දයා නැත්තං පක්ෂෙ කඩනවා වෛරයට.
    විමලයලා වගේ උන් දේශපාලනෙන් අතුගාලාම දාන්න ඕනේ.

    ජනාධිපතිකමේ මහින්ද වගේ හිටියා නම් ඔය මොකුත් නැහැ ඇතුලෙ.
    අර 19ට අයිතිවාසිකම් කියන්න අැවිත් බන්ධුලයට හර්ෂ කිව්වේ 18 සම්මත කරපු විදිහ දවසෙන්. ඌ ඒක අහගෙන තොලකට ලෙවකාපු හැටි.

    මහින්දගේ කාලෙ තිබුනෙ මපරානීතියක් මිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතියක් නෙවේ.
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    නීතියෙන් බැරිනම් ඒවට බෙහෙත් තියෙනවා
    master_tigress_2_by_imphyman-d4iuj3o.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන දළනීරියෙක් උනත් බිමදිගේ ඇදගෙන යන්නෙ නැහැ හිටපු හමුදාපති වෙන සීන් එකක් ගියේ. මොක උනත් මහින්දයාව එක්කරගෙන ඡන්දෙයක් කරලා මහින්දයාව මන්ත්‍රීකමේ තියන එක තමයි කරන්න ඕනේ. මහින්දයා නැත්තං පක්ෂෙ කඩනවා වෛරයට.
    විමලයලා වගේ උන් දේශපාලනෙන් අතුගාලාම දාන්න ඕනේ.

    ජනාධිපතිකමේ මහින්ද වගේ හිටියා නම් ඔය මොකුත් නැහැ ඇතුලෙ.
    අර 19ට අයිතිවාසිකම් කියන්න අැවිත් බන්ධුලයට හර්ෂ කිව්වේ 18 සම්මත කරපු විදිහ දවසෙන්. ඌ ඒක අහගෙන තොලකට ලෙවකාපු හැටි.

    මහින්දගේ කාලෙ තිබුනෙ මපරානීතියක් මිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතියක් නෙවේ.

    උඹ මුලින්ම කියපන් බිම ‍දිගේ ඇදන් යනව දැක්කද කියල? අනික ආමි එකේ දෙන පෝරියල් දන්නැතුව තමයි උඹ කතා කරන්නෙ. ආමි එකයි සිවිල් සමාජයයි පටල ගන්න එපා.

    පක්ශෙ කඩන්න දෙයක් නැහැ. කැඩිලා ඉවරයි. මිනිස්සු චන්දෙ දෙන්න මහින්දට මිසක් පක්ශෙට නෙමේ.

    ඇයි විමලයාව දේශපාලනෙන් අතුගාන්න ඔිනි උ මොන වැරැද්දක් කලාටද?

    ඇයි දැන් තියෙන්නෙ අමුතු නීතියක්ද? මහින්දගෙ කාලෙ තිබ්බ නීතියම තමා දැනුත් තියෙන්නෙ? සැකද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol::lol:

    ෆොන්සේකා කියන්නෙ හමුදා නිළධාරියෙක්. ෆොන්සේකාට දඩුවම් දුන්නෙ හමුදා අධිකරණය. හමුදා අධිකරණයයි, සිවිල් අධිකරණයයි පටල ගත්ත උන්නෙ කොමෙන්ට් කරන්නෙ...

    මිලිටරි පොලිසියෙන්ද අත්ඩංගුවට ගත්තේ ??
     
    Similar threads