ගෝඨා තාම ඇමරිකානුවෙක්.

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා තාම ඇමරිකානුවෙක්.

    ගෝඨා තවම ඇමරිකානුවෙක්..! අතේ සහතිකයක් නෑ..! 'මං ජනාධිපති ‌වෙන නිසා නඩු අහන්න එපා' -‌ගොනාට ඇන්ද ගෝඨා කැලිෆෝනියාවේ දැමූ මෝසමෙන් ‌හෙළිවේ..! මෙන්න සාක්කි..!

    (ලංකා ඊ නිව්ස් -2019.සැප්.05, ‌පෙ.ව.5.20) ගෝඨාභය රාජපක්ෂ පොළොවේ පස් කකා කීවද, හිස මත දෑත තබා දිවුරා කීවද ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කළා යැයි නීත්‍යාණුකූල ලියැවිල්ලක් ඔහු සතුව නොමැත. ඒ බව ඔහු විසින්ම ඉතා හොඳින් තහවුරු කරන ලේඛන රාශියක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ.

    ඒ අන් කිසිත් නොව ඔහුට එරෙහිව අහිම්සා වික්‍රමතුංග සහ රෝයි සමන්තානම් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ පවරා ඇති නඩුකර දෙක විභාගයට ගැනීම අත්හිටුවා කල් තබන ලෙස ගෝඨාභය රාජපක්ෂ තම නීතිඥයන් මගින් ඉදිරිපත් කර ඇති මෝසම් සහ ඇමරිකානු අධිකරණවල නඩුකර විභාගවන ස්වරූපය අනුව පැමිණිලි පාර්ශවය සහ විත්ති පාර්ශවය ඒකාබද්ධව ලබා දිය යුතු ප්‍රකාශය අනුව ය.

    ගෝඨාගේ මැජික් සහතිකය ඇමරිකාවටත් හංගලා..
    එකී ලේඛන වල කිසිදු තැනෙක ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළා යැයි සඳහන් වන්නේ නැත. ඒ වෙනුවට සඳහන් කර ඇත්තේ ගෝඨාභය තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඇමරිකානු ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව පමණය. එපමණක් නොව විත්තිකාර ගෝඨාභයගේ නීතිඥයන් සහ පැමිණිලිකාරයන්ගේ නීතිඥයන්ගේ අත්සන් සහිතව ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් වන්නේ ජුනි 30 වෙනිදා නිකුත් කරන ලද ඇමරිකානු ෆෙඩරල් ආදායම් බදු රෙජිස්ටරයේ පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ නාමලේඛනයේ ගෝඨාභයගේ නම නැති බවයි. එනම් ගෝඨාභය තමන්ගේ පුරවැසි භාවය තවමත් නීත්‍යානුකූලව ඉවත් වී නැති බව ඇමරිකානු අධිකරණය හමුවේ පිළිගෙන තිබේ. ඔහු මෙකී ඒකාබද්ධ ප්‍රකාශනය කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය අගෝස්තු 19 වෙනිදා ය. ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇති ගෝඨාභයගේ නීතිඥයා වන්නේ ‘ආනල්ඩ් ඇන්ඩ් පෝටර්’ නීතිඥ සමාගමේ ‘ජෝන් සී උලින්’ නමැති නීතිඥයෙකි. (එකී ඒකාබද්ධ ප්‍රකාශය මෙහි ඇති ඉමේජ වල දැක්වේ)

    ගෝඨාභයගේ ලංකාවේ හෙංචා ජඩමාධ්‍ය මගින් පෙනෙන නොපෙනන ගානේ පෙන්වන පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක් ගෝඨාභය සතුව තිබෙන්නේ නම් ඔහුගේ නීතිඥයන් කැලිෆෝනියා අධිකරණයට එය ඉදිරිපත් නොකර ඉන්නේ නැත. මෙයින් පෙනී යන්නේ ගෝඨා තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළා යැයි ලංකාවේ බලධාරීන්ට සහ ජනතාවට පමණක් නොව මහින්දලාට බැසිල්ලාට පවා ‘ගෝනි සෙල්ලමක්’ පෙන්වා ඇති බවයි.

    ගෝඨා තවම ඇමරිකානුවෙකි. තමන් සතුව ඇතැයි කියන ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ නීත්‍යානුකූල සහතිකය හැකිනම් ජනමාධ්‍ය ඉදිරියේ පෙන්වන ලෙස අපි නැවත වතාවක් ඔහුට අභියෝග කරමු. ‌

    ගෝඨාභයගේ මෝසමින් හෙළිවන අනෙකුත් කරුණු මෙසේය..
    අහිම්සා සහ රෝයි පවරා ඇති නඩු ද්වය විභාග කිරීම අත්හිටුවන්නැයි ඉල්ලන්නේ අපූරු කාරණාවක් මතු කරමිනි. එනම් තමා ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඉන් ජය ගන්නා බව ස්ථිර බැවින් එවිට රාජ්‍ය නායකයෙකුට හිමිවන මුක්තිය ( head-of-state immunity) තමාට ද හිමිවන නිසා නඩු ඉදිරියට අසා පලක් නොවන බව කියමින් දැන්ම නඩුව ඇසීම නවත්වා දමන ලෙස ගෝඨා කැලිෆෝනියානු අධිකරණය ඉදිරිපත් කර ඇති මෝසම් වල දැක්වේ. (අහිම්සාගේ නඩුවට ඉදිරිපත් කර ඇති ගෝඨාගේ මෝසම පමණක් මෙහි අවසානයේ ඇති දිගුවේ දැක්වන අතර අනෙකද ඊටම සමානය.)

    එනම් ගෝඨා ලංකාවේ ජනාධිපතිවරණය කැඳවීමටත් පෙරම ජනාධිපතිවරණයෙන් ජයගෙන හමාරය. ‘හෙඩ් ඔෆ් ස්ටේට්’ වීත් හමාරය. අහෝ., ඇඳගෙන තිබෙන තරමක මහත..!

    මෙහිදී තවත් ප්‍රශ්නයක් පැන නගී. ගෝඨා මහජන මුදලින් අම්මා අප්පලාගේ සොහොන් හැදූ නඩුව ලංකාවේ ඔක්තෝම්බර් 15 වෙනිදා සිට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගයට ගැනේ. නමුත් කැලිෆෝනියා නඩු වලදී මෙන් ඒ නඩුව අත්හිටුවන්නැයි ගෝඨා මෝසමක් ඉදිරිපත් කර නැත. ලංකාවේද රාජ්‍ය නායකයාට මුක්තිය හිමිය. එසේ නම් ගෝඨා සොහොන් නඩුව අත්හිටුවන්නැයි මෝසමක් ඉදිරිපත් නොකෙළේ ඇයි..? ඒ අන් හේතුවක් නිසා නොව ‘මං ජනාධිපතිවරණය ජය ගන්නවා ස්ථිර’ යයි කැලිෆෝනියාවේ උන්ට කීවාම පිළිගත්තා වුවද ලංකාවේ උන් දෙකොනින් හිනාවෙන බව ගෝඨාම දන්නා නිසා ය.

    අනෙක් පසින් තේරුම් ගත යුත්තේ ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රටට වැඩක් කිරීමට නොව තමාගේ නඩු වලින් බේරීම සඳහා බවයි.

    ගෝඨා ‌වෙනුවට මාලින්ද කඩේ යයි..
    ගෝඨාගේ මෝසම් වලින් හෙළිවන තවත් කාරණාවක් වන්නේ ගෝඨා එහිදී කිසිදු දිව්රුම් ප්‍රකාශයක් දී නැති බවයි. මෝසමකට දිව්රුම් ප්‍රකාශයක් අවශ්‍යම වුවද එකී දිව්රුම් ප්‍රකාශය ලබා දී ඇත්තේ ගෝඨා නොව කොහේවත් නැති ‘මාලින්ද සෙනෙවිරත්න’ ය. තමා ජනමාධ්‍යවේදියෙකු යයි කියමින්, ගෝඨා ජනාධිපතිවරණයෙන් ජයගන්නා බව ස්ථිර යැයි කියමින් මාලින්ද සෙනෙවිරත්න ගෝඨා වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශය දී තිබේ.

    නමුත් අහිම්සාගේ පැමිණිල්ල වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශයක් දී ඇත්තේ ජාත්‍යන්තර කීර්තිධර නීතිවේදී ජෙස්මින් සූකා ය. ඇයගේ දීර්ඝ දිව්රුම් ප්‍රකාශය කියවා, මිනීමරුවන්ට සට්ටැඹිකම් නොකර හරිහමන් දිව්රුම් ප්‍රකාශයක් දිය යුත්තේ කෙසේදැයි මාලින්ද සෙනෙවිරත්න ඉගෙන ගත්තා නම් යහපත් ය.

    අහිම්සාගේ නඩුවට ඉදිරිපත් කර ඇති ගෝඨාගේ මෝසම පහත දිගුවේ දැක්වේ (මාලින්දගේ දිව්රුම් ප්‍රකාශය වැදගැම්මක් නැති බැවින් ඉදිරිපත් කර නැත
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඒ කියන්නේ ගෝඨා මුව හම.ශිරන්ති දුවන මුවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    පල UNP සොන්නයා යන්න
    තොගේ අම්මට ^&@#$%& කෑ* වේ#
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කියන්නේ එහෙනං සජිත් සර්ගෙ ජයග්‍රහනේ ස්ථිරයි :love:


    32.gif


    ජයග්‍රහනය කරන්නත් නාම යෝජනා දෙන්න එපැයි ආයිබෝං....
    එයාල මීටින් තියන්නෙත් නායකයන්ට.....
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා එන්නේ නෑ.ඇමරිකන් එම්බසි එක සහ ඇමරිකාවේ බුද්ධි අංශ ආන්ඩුවට රහසිගතව දැනුම් දීලා තියෙනවා ගෝටා තාම ඇමරිකන් ජාතිකයෙක් කියලා. ඒවා කෙලින්ම දාන්න එක හරි නැති නිසා එහෙම කරලා තියෙන්නේ.ඒ අනුව ගෝඨා නෙවෙයි වෙන එකෙක් පොහොට්‍ටුවෙන් එන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝටා එන්නේ නෑ.ඇමරිකන් එම්බසි එක සහ ඇමරිකාවේ බුද්ධි අංශ ආන්ඩුවට රහසිගතව දැනුම් දීලා තියෙනවා ගෝටා තාම ඇමරිකන් ජාතිකයෙක් කියලා. ඒවා කෙලින්ම දාන්න එක හරි නැති නිසා එහෙම කරලා තියෙන්නේ.ඒ අනුව ගෝඨා නෙවෙයි වෙන එකෙක් පොහොට්‍ටුවෙන් එන්නේ.


    hari ban danuwath una :baffled:
     

    Similar threads