ගෝඨා නම් කරාට පස්සේ රටට හෙන අපලයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා නම් කරාට පස්සේ රටට හෙන අපලයි

    වැසි - සුළං හේතුවෙන් 12000ක් පීඩාවට
    (ඩයනා උදයංගනී)

    දිවයිනේ ප‍්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 18ක පවුල් 3110කට අයත් 12,343 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    තද වැසි සමඟ ඇතිවූ ජල ගැලීම්, සුළං හේතුවෙන් සිදුවූ නිවාස හානි, නායයෑම් අවදානම්, පස්කඳු කඩාවැටීම්, අකුණු අනතුරු ආදිය හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව ඇති අතර මෙම ආපදා තත්ත්වයෙන් මරණ දෙකක් සිදුවී 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවකු අකුණු සැර වැදීමකින් මියගොස් ඇති අතර නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එයට යටවූ අයෙකු ද මියගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.

    මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සබරගමු පළාතට වන අතර එහි කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි පවුල් 1000කට අයත් 3,995 දෙනකු පීඩාවට පත්ව සිටිති.

    මීට අමතරව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත‍්‍රිකක්යන්හි පවුල් 886කට අයත් 3,831 දෙනෙක්, දකුණු පළාතේ ගාල්ල, හම්බන්තොට සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි පවුල් 539කට අයත් 1,954 දෙනෙක්, වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවල පවුල් 369කට අයත් 1,356 දෙනෙක්, මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මහනුවර දිස්ත‍්‍රික්කවල පවුල් 229කට අයත් 983 දෙනෙක්, නැගෙනහිර පළාතේ මඩකලපුව සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවල පවුල් 39කට අයත් 117 දෙනෙක්, උතුරු පළාතේ වව්නියාව, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත‍්‍රික්කවල පවුල් 21කට අයත් 77 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පීඩාවට පත්වූවන්ට සහන සහ වන්දි ලබාදීම සඳහා පියවර ගෙන තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂවරයා කීවේය.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මිනීමරු අලුගෝසුවො මේ රටට හෙන මූසලයි.අපලයි.ගෝඨා නම් කරා සතියේ පලවෙනි දවසේ ඉරිදා.දැන් දවස් හතරක් යන්න කලින් ගංවතුර,නාය යෑම, සුලි සුලන් අනතුරු.. මුන්ගේ අපල ඔයාල බාර ගන්න එපා.රටත් අඳුරුයි.:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොට රට පාලනය කරන්න පටන් අරන්ද ? නියමයිනේ :rofl::rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    6HOK7cE.gif
    6HOK7cE.gif
    6HOK7cE.gif
    6HOK7cE.gif
    6HOK7cE.gif
    6HOK7cE.gif
    6HOK7cE.gif