
"මහින්ද රාජපක්ෂ ඇතුළුව ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව අපි කලින් තබා තිබ්බ තක්සේරුව වැරදියි කියලා පිළිගන්න වෙනවා. ඒකට හේතුව ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැටියට අපිට හම්බවුණේ. එක පැත්තකින් ඔහු පවුලේ මානසික බාධාවල සිරකරුවෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ බලාපොරොත්තුව තියෙනවා මේකෙන් විශ්‍රාම ගිය දවසට තමාගේ මුනුපුරන් දරුවන් සමග ඇමරිකාවේ ජීවත් වෙන්න අවස්ථාව උදාකරගන්න. එතුමාගෙ බිරිඳටත් ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසා. ඒ නිසා ඇමරිකාව තරහා නොවී සිටිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි ඔහු හැමදෙයක් දිහාම බැලුවෙ. ඒ වගේම දේශපාලන වශයෙන් තිබිච්ච අපරිණතකම නිසා පී.බී ජයසුන්දරලාගේ ගොඩක් ලණු ගිල්ලා. මහින්ද රාජපක්ෂ කෙරෙහි තිබූ තක්සේරුව හරි. හැබැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා ඒ අනුව කළ තක්සේරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වලංගු වුණේ නැහැ.
හිටපු ජනාධිපතිවරයා මානසිකව සිරකරුවෙක් වෙලා හිටියා. පවුලෙන් එන බැඳීම්වල හිරකාරයෙක් වුණා. මොන රටේ ජනාධිපතිද තමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ගේට්ටුවක් වහගෙන එන යන එකට බාධා කරනකොට ඒකට ඉඩ දෙන්නෙ. ඇයි එකත් ඉවසුවේ ඒ මහා මනුෂ්‍යය ගුණාංගයක් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මම හොඳටම දන්න කාරණයක් ඇමරිකානු තානාපති ඇවිල්ලා සතියට තුන්වතාවක් විතර අහනවා අහවලා අයින් කරලාද ඉන්නෙ? නෑ කියනවා. මම කව්ද කියලා කියන්නෙ නැහැ. මම හොඳටම විශ්වාස කරනව මේ ගේට්ටුව ළගින් කට්ටිය අයින් නොකළේ එවැනි මානසික බාධවක් නිසා. ලෝකයේ කිසිම ජනාධිපතිකෙනෙක් එහෙම කරන්නෙ නැහැ. ඒ වගේ දේවල්වලින් ඔහු පෙන්නුවෙ ඒ මානසික බැරියර් එක ඇතුළෙ ජීවත් වෙන කෙනෙක්ගේ චරිතයක්.
"
- https://www.gossiplankanews.com/2022/09/wimal-weerawansa.html