ගෝඨා රනිල් හමුවක්

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    ගෝඨා රනිල් හමුවක්

    ගෝඨා රනිල් හමුවක් හා සජිත් සිරිසේන හමුවක්

    zvuzgFs.jpg


    AzzamAmeen:BBC
    https://twitter.com/AzzamAmeen/status/1058031673378394112

    Dq-qQPOUcAAZlzn.jpg


    Dq-qQPmVsAAxImq.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    ගෝඨා රනිල් හමුවෙයි : සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් !

    01 November 2018

    ජනාධිපතිවරයා තමන්ට 113 ක පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

    මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

    එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය.

    එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත.

    ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.


    - https://newstube.lk/news/4285-2018-11-01-12-19-05


    ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!!

    මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

    මහින්ද රාජපක්ෂට අගමැති ලෙස කටයුතු කිරීම සඳහා බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛාවක් ඇති බව මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුදු එය ඉ‍ටු කිරීමට ඔහු අසමත්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

    අගමැතිවරයා පවසා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව ‍රැස් කර එහිදි තීන්දුවක් ගන්නා ලෙසය.


    - https://www.lankadaily.com/latestnews/item/9795-2018-11-01-12-04-23

    ...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Monson Bro gonson wenne nathiwa umbe wedak karapan umba kade giyata mukuth hambenne na. E wele wedak athi deyak karanna
     
    • Like
    Reactions: arrow445

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.


    බොහෝ විට එම දිනය නොවැම්බර් 17 හෝ 19 විය හැකිය.

    නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    යාළුවන්ටත් බලන්න share කරන්න

    උපුටා ගැනීම ලක්බිම