ගෝඨා වෙනුවට වල් නබී එනවලු

pallewatte

Member
Jan 11, 2019
41
3
0
ගෝඨා වෙනුවට වල් නබී එනවලු

ගෝඨාට බැරි වුනොත් අජිත් නිවාඩ්!
29 September 2019 05:43 pm


කිසියම් හෝ හේතුවකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති වුවහොත් ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

හික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් ලිඛිතව මෙම ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවේග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්විම වීම සඳහා උත්සාහයක් පවතින අතර එම අරමුණ ඉටුනොවුන හොත් සියලු උපක්‍රම යොදා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කිරීමට කිරීමට දැඩි පරිශ්‍රමයක් යොදනු ඇති බව එම භික්ෂූන් වහන්සේලා සඳහන් කරයි.



එපමණක් නොව සිංහල බෞද්ධ ජන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩීම සඳහා විවිධ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමද විරුද්ධවාදීන් විසින් සිදුකරමින් පවතින අතර එහි නවතම උත්සාහය වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද හිතවතෙකු වන හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම බවද උන්වහන්සේලා පෙන්වාදෙයි.

මෙවැනි අභියෝගාත්මක පසුබිමක කිසියම් හෝ ලෙසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලකුන හොත් ඊට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස එම භික්ෂුන් වහන්සේලා කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇත්තේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සාමය තුළ රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමකට ගෙන එමින් රටේ මූල්‍ය හා බැංකු පද්ධතිය ස්ථාවරව තබා ගැනීමට කබ්රාල් මහතාට හැකි වූ බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.

භිකෂුන් වහන්සේලාගේ මෙම ඉල්ලීම කෙසේවෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉලක්කය මේ වන විටත් 100%න් සහතික වී නොමැති අතර ඉදිරියේදී රාජපක්ෂ මහතාට එරෙහිව යළි නඩු ගොන්නක් ඉදිරිපත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

එමෙන්ම වාර්තා වන අන්දමට තවමත් ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධ ගැටළුවද විසඳී නොමැති බව සඳහන්.
.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොට්ට අවේ නැතිනං ඒ එන්නෙත් රාජපක්ස හෝ වික්‍රමසිංහ කෙනෙක්

    කබ්බාල් කියන්නේ මොන සොන්නයෙක්ද බං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නම් කරන ටොයෝට කාර් එකක සෙන්සර් ටික කිට් එකක් විදිහට ගන්න පුලුවන්ද ?