ගෝදම්බ රොටී හදන්න දන්නවද?

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මෙන්න ගෙදරදීම පිරිසිදුවට, රසට ගෝදම්බ රොටී හදාගන්න විදිහ
    අවශ්‍ය දෑ


    • පිටි ග්‍රෑම් 500ක්
    • බිත්තර 1යි
    • ලුනු
    • තෙල් කෝප්ප 1 1/2ක්
    • වතුර
    සාදන ක්‍රමය

    1.පිටි භාජනයකට දමා, මැද වලක් හදා, බිත්තරයක් එක් කරන්න. ගෑරුප්පුවකින් තරමක් බීට් කරන්න. මෙයටම ලුනු තේ හැන්ඳක් පමණ සීතල වතුර කෝප්ප බාගයක දියකර එක්කරන්න. ඉන්පසු ගෑරුප්පුවක ආධාරයෙන් මිශ්‍ර කරන්න. වෙන වතුර එක්කරන්න එපා. හොඳින් මිශ්‍ර වූ පසු (සමහරවිට මෙය ස්ක්‍රම්බල් එග් වගේ කෑලි කෑලි විය හැකිය) පැය භාගයක් වසා තබන්න.
    හින්ට්: මෙය සමහරවිට එකට එක්කරන්න පුලුවන් ගුලියක් නොවෙන්න පුලුවන්. ස්ක්‍රම්බල්ඩ් එග් වගේ කෑලි කෑලි තමා එන්නෙ. ඒ තමා පදම.
    2.පැය භාගකින් පමන පසු තවත් වතුර කෝප්ප භාගයක් දමා හොඳින් මිශ්‍ර කරන්න. එවිට සාමාන්‍ය රොටී මිශ්‍රණය තරමට එනු ඇත. තවත් පැය භාගයක් වසා තියන්න.
    හින්ට්: වතුර කෝප්ප බාගෙ මදිනම්, තව ටිකක් එක් කරන්න, සාමාන්‍ය රොටී පදමට හෝ ඊට ටිකක් තෙතට තිබිය යුතුයි. රස්නෙ වතුර පාවිච්චි කරන්න එපා. මමනම් මික්ස් කරන්නෙ ගෑරුප්පුවෙන්. කැමතිනම් අතින් මික්ස් කලාට වරදක් නෑ. අවශ්‍යනම් පමණක් තෙල් බිංදු කිහිපයක් දාන්න. මමනම් දාන්නෙ නෑ.
    3.ඉන්පසු, පොඩි ගුලි සාදා, පැතලි භාජනයක අතුරා, තෙල් කෝප්පයක් වත්කර, වසා, පැය හතරක් තබන්න.
    හින්ට්: වැඩිය ලොකු බාජනයක් ගන්න එපා. අඩුම තෙල් ප්‍රමාණයකින් වැඩිම කවරේජ් එක ගන්න බලන්න. ඒ නිසා වඩා සුදුසු, ගුලි හදලා, බාජනේකට ලඟින් ලඟින් අහුරන්න. එක ලේයර් එකකට. ඊ ළඟට තෙල් වක්කරන්න. කඩේනම් ගුලියම වැහෙන්න තෙල් දානවා. මමනම් දාන්නෙ කෝප්පයයි වැඩිම උනොත්. මෙය හොඳින් වසා තබන්න.
    4. පැය හතරකින් පමණ පසු, පිටි ගුලියක් ගෙන තෙල් බේරෙන්නට ඇර, තුනී කරන්න. මේ වනවිට පිටි ගුලිය හොඳින් ඇදෙමින් ලේසියෙන් තුනී වන බව ඔබට දැනේවී.
    (හැකිනම්, පිටිගුලි තෙලෙන් ගොඩගෙන, ස්ටීල් රැක් එකක අතුරා හැකිතරම් තෙල් බේරෙන්නට අරින්න. මේ තෙල් සියල්ල නැවත පාවිච්චි කල හැකියි.)
    ඉන්පසු කොන් හතර නවාගන්න.
    5. රත්වූ තැටියක පුච්චා ගන්න.
    Serves: කුඩා ප්‍රමාණයේ(අඟල් 8 x 8) තරමේ ගෝදම්බ රොටී 16ක් සෑදිය හැකිය.

    Godamba_Roti.jpg

     
    • Like
    Reactions: Casinoboy