ගෝනෙක්_මරලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "මේ ඉන්දියාවේ හෝ නේපාපයේ නොවේ.මේ සිරිලංකාවේ නුවරඑළියයි..නුවරඑළිය ලබුකැලේදී වෙඩි තබ‍ා මරාදැමූ විශාල වැඩිහිටි ගෝනෙක් මස්කිරීමට හෝටලය වෙත කුදලාගන යන අවස්ථාවක්.මේ සත්වයාගේ හිස හෝටලය තුල එල්ලීමට වෙනමම කපාගෙන ඇත.බලන්න මිනිසුන් වටවී තම කොටස හෝ මුදල ලබාගැනීමට ඔට්ටුවෙන ආකාරය.මෙම අහිංසක සතා මස්කර අනුභව කොට ලබාගන්නා ආතල් එක ගැන මට අදහසක් නොමැත."

    ෆේස්බුක් වෙබ් අඩවියට ඉහත සටහන ලියමින් හසිත හේරත් පහත ඡායාරුප පෙළ එක්කර තිබුණා.මනෝගරන් මනෝ නැමති අයකු මෙම ඡායාරූප ගත් බවයි එහි සඳහන් වුණේ.
    (under the courtesy of nethfm news web)



    1445158043_1.jpg


    1445158043_2.jpg


    1445158043_3.jpg
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේක කරපු එවුන්ට හෙනම ගහල අකුලෝලම පල. ඇයි බන් මේක නීතියෙන් තහනම් දෙයක් නේද? පොලෝසියට අල්ලන්න බැරිද මුන්ව?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේක කරපු එවුන්ට හෙනම ගහල අකුලෝලම පල. ඇයි බන් මේක නීතියෙන් තහනම් දෙයක් නේද? පොලෝසියට අල්ලන්න බැරිද මුන්ව?

    :( යකෝ මුන්ගේ අම්මා අප්පගේ බුදලයක්ද මේ...

    Thirisan samajayak bihiwela thiyenne dan

    yahapalanaya yakoowwwww

    ගෝන්නු දැන් වද වීගෙන යන්නේ..විශේෂයෙන් මේ අන්දෙක තියෙන පිරිමි සතා..මොකද අන්තට්ටුව ලොකු ගාණකට විකුනන්න පුළුවන්නේ..මුන් කැලේක ඉන්නකොට මොනතරම් ලස්සනද.මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ගේ බඩ ගැන විතරයි..අමනයෝ:growl::(


    Male_Sambar_deer_by_Joseph_Lazer.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෝනා - Sambar Deer (Rusa unicolor)


    DSC00764.jpg+A.jpg

    ඉන්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොනදිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝන කියන්නේ. මෙයා ක්ෂීරපායී සත්වයෙක්.අපිට ලංකාවේදී හම්බෙන්නේ මෙයාලගේ Rusa unicolor unicolor කියන උප විශේෂය.

    සාමාන්‍යයෙන් මෙයාල උරහිස් දක්වා සෙන්ටිමීටර් 102-160ක් විතර ඒ කියන්නේ අඟල් වලින්නම් අඟල් 40-60ක් විතර උසට වැඩෙනවා. ඒ වගේම මෙයාල කිලෝ ග්‍රෑම් 546ක්, රාත්තල් වලින්නම් රාත්තල් 1200ක් විතර බර වෙනවා. මෙයාලගේ හිස සහ ශරීරය මීටර් 1.62 - 2.7ක් විතර දිගට වර්ධනය වෙනවා. ඒකට තව සෙන්ටිමීටර් 22-35ක විතර පුංචි වලිගෙකුත් එකතු වෙනවා.

    සෙන්ටිමීටර් 110ක් විතර වෙච්ච විශාල රළු අං යුගලයක් සම්පූර්ණයෙන්ම වැඩුණු සතුන්ගේ දැකගන්න පුළුවන්. හැබැයි ගොඩක් මුව විශේෂ වල වගේම මෙයාලගෙත් පිරිමි සත්තුන්ට විතරයි මේ විදියට අං යුගලයක් පිහිටන්නේ.

    මොවුන් ප්‍රධාන වශයෙකම වන භූමි වල ජීවත් වෙන අතර වගාවන්, තෘණ වර්ග , කොළ අතු, ජලජ ශාක වර්ග ආදිය උලා කමින් දිවි රැකගන්නවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වගේ රට වල තියෙන ජාතික උද්‍යාන වල වගේම රක්ෂිත වනාන්තර වගේ ආරක්‍ෂිත ප්‍රදේශ වල රංචු විදියට දිවි ගෙවනවා දැක ගන්න පුළුවන්. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුල මොවුන් නිරීක්ෂණයට
    ඇති හොඳම ස්ථානය බවට පත් වෙලා තියෙනවා.

    මොවුන් නිශාචර සත්ව කොට්ටාශයක්, ඒ වගේම සැන්දෑ කාල වලදීත් දැක ගන්න පුළුවන්. පිරිමි සතුන් අවුරුද්දෙන් වැඩි කාලයක් තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් 16ක විතර උපරිමයක් දක්වා වෙනකන් කුඩා රංචු විදියට ජීවත් වෙනවා.

    දිවියන්ගේ ප්‍රියතම ආහාරයක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ රෝගී සතුන් හා
    පැටවුන් කිඹුලන්ගේ වගේම නරියන්ගේ ආහාර බවට පත් වෙනවා. වාසස්ථාන විනාශ වීමත් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වීමත් නිසා මොවුන් තර්ජනයට ලක්වෙලා තියෙනවා.

    ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්විය හැකි සත්වයෙකු ලෙස නම් කරලා තියෙන මේ අහිංසක සත්වයා රැක ගැනීම අපි සියලු දෙනාගේම යුතුකමක් බවට පත් වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: Ashman

    waligamaya

    Well-known member
  • අපේ යල්ලුකුම තමයි ට්‍රිප් ගියහම දඩමස් හොයා හොයා දගලන්නේ. ඕකුන්ව පොලිස්සිඋය අල්ලා දෙන බැරිද. පින්තුරෙන් මුන් මුව මාරුව කියලල ඔප්පු කරන්න බැරිද?
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ලන්කාවෙ වෙන්න අමාරුයි බන්... අනිවා ඉන්දියාවෙ. ඔහොම ප්‍රසිද්දියෙ ඔය වැඩේ කරන්න අමාරුයි. අනිවා ටිප් එක යනවා.

    නැත්නම් අනතුරක් වෙලා, බේරගන්න බැරිඋන සතෙක් අරන් යනවා වෙන්න ඇති. මේක තමා වෙන්න ඇත්තෙ.:yes::yes:


    රටටම බෙර ගහල ඕව කරන්නෙ නැහැ බන්.

    :no::no::no::no::no:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    reputation_neg.gif
    ගෝනෙක්_මරලා 10-19-2015 10:14 AM dawasakata kukullu laksha ganak maranawa, thopi ekekwat ewata katha na


    ගෝනා මරපු එකා මේකේ ඉන්නවා කියලා දැනන් හිටියේ නෑ..:sorry:

    සොන්නයෙක්ද කොහෙද බන්, ගණන් ගන්න එපා. REP+
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මේක කරපු එවුන්ට හෙනම ගහල අකුලෝලම පල. ඇයි බන් මේක නීතියෙන් තහනම් දෙයක් නේද? පොලෝසියට අල්ලන්න බැරිද මුන්ව?
    yes
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    මචන් උබ සත්තුන්ට ආදරේ එකෙක් වෙන්න ඇති, හැබැයි උබ දිල තියෙන අර්ථකතනේ නම් පිලිගන්නම බැහැ. ලංකාව මිලේච්ච රටක විදිහට හදුන්වන්න එපා බන්. ඔහොම සත්තු මරාගෙන කන එව්න් ලංකාවේ නැහැ. ලංකාවේ අගනුවර වෙච්චි කොලබ උනත් වදුරෝම කොච්චර ඉනවද කියපන්? මිනිස්සුන්ට උන්ගෙන් කොච්චර කරදරයක් උනත් උන්ව මරාගෙන කන්නේ හෝ වස දෙන්නේ නැහැනේ බන්.


    සත්තු මරණ පාහරයෝ ඉන්නවා, හැබැයි,උන්ට මෙහෙමෙ ප්‍රසිද්දයේ ඒ වැඩේ කරන්න අවස්ථාවක් ලංකාවේ නැහැ.


    දැන් මේ ෆොටෝ වල කීදෙනෙක් ඉන්නවද කියපන්. ඔක්කොම 30ක් විතර ඇති. ඔක්කොටොම සල්ලි දිඉල, පංගුවක් දුන්න්නොත් ගෙනියන්න ඉතුරු වෙන්නේ නැතුව යනවා.

    හෙල්මට් දාපු උනුත් ඉන්නවා. මේක පාර අයිනේ උන සිද්දියක්.

    සපත්තු දාල ෆුල් කිට් ගහපු උනුත් ඉන්නවා.


    සෑහෙන හිත රිදුන බන් උබේ ත්‍රෙඩ් එක දැකල. වැරදි ච්ත්‍ර මවන්න එපා බන්. මාත් වයිල්ඩ් ලයිෆ් එකත් එක්ක ගොඩක් ළගින් වැඩ කරලා තියෙනවා.
    :(:(:(
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    අපේ යල්ලුකුම තමයි ට්‍රිප් ගියහම දඩමස් හොයා හොයා දගලන්නේ. ඕකුන්ව පොලිස්සිඋය අල්ලා දෙන බැරිද. පින්තුරෙන් මුන් මුව මාරුව කියලල ඔප්පු කරන්න බැරිද?

    :yes::yes::yes:

    Most probably 'YES' !!!

    Because all these faces are nicely captured in high resolution !!

    If Police & Wild Life wants to do their duties let them be.

    But we all know how this 'Jaha Paalanaya' works now ......