ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

    ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශෝක හඳගම කාදිනල්ට කියන කථාව.

    ashoka-hadagama-and-cardinal.png

    මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.
    මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි.

    පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත් වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම් හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට, අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන් සිටියි.

    නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින් වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින් මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.
    මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල් රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්, පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. ‘බැලුම්ගල හෙලිදරුවෙන් පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි’ කියා නෙත් ප්‍රවෘති කියන්නා උද්දාමයෙන් වාර්තා කරනු ඇසිනි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල් දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල කුඩා ව්‍යවසායකයින් ය

    – අශෝක හඳගම

    Source - http://aperata.net/
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මුගේ ගෑනිගෙන් ඈහුවානම් කියයි මුගේ පෑටීකිරිය.. අපි නොදන්න හදගම.
     
    • Like
    Reactions: Miami-Vice

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රටක ඔය වගේ දේවල් තියෙන්න ඕන.
    ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයිනේ ගහන්න ගියේ.
    නත්තල් ගහට අර්ජුණගේ පුද්ගලික සල්ලි ඇන්ඩ් තව ස්පොන්සර්ස්ලා බර ගානක් හිටියා.
    ගෝල් ෆේස් එක ගාව තියන හොටෙල්ස් ඔක්කෝම වගේ ස්පොන්සර් කරා.
    ඔච්චර ලොකු ටෝල්ක් දෙනවා නම් පල්ලි වලට යන විදුලි බිල , ජල බිල , මිනිස්සුන්ගේ වෙලාව එහෙම වැය වෙන නිසා පල්ලි වහලා සල්ලි එකතු කර කර ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදන්න ඕන.
    ජේසු හිටියානම් ඕක තමා අද කියන්නේ.
    නත්තල් ගහ හදන්න එපා කියන හැමෝම අනිවා අරක්කු , සිගරට් , මස් , මාලු එහෙම කනවනේ.
    ඒ සල්ලි ඉතුරු කරලා දුප්පතුන්ගේ බඩගින්නට දීලා පාන් කාපල්ලකෝ.
    නත්තලට පට්ටෙට වියදම් කරන් පාටි දානවා , අරක්කු බොනවානේ .
    ඒ සල්ලි දීපල්ලාකෝ අනාත නිවාසෙකට.
    ගෙදර බත් තියෙද්දි හිතුනාම අපි කඩෙන් කෑම ගෙනත් කන්නේ නැද්ද?
    ගෙදර බත කාලා කොත්තු ගන්න සල්ලි හිගන්නෙක්ට දෙන්න එපැයි.
    අපේ මෝඩයන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ.
    රටක ෆෙස්ටිවල් වලට වෙනසක් වෙන දෙයක් තියෙන්න ඕන.
    එපා අරකයි මේකයි බයිලා ගහලා වැඩක් නෑ.
    පර්සනල් සල්ලි වලින් කරනවානම් ඒ දේවල් වලට නෑ , බෑ කියන්න බෑ කාටවත්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් දැන් ලොකයේ ලොකුම දේවල් ගොඩක් අපේ රටේ හදන්න පටන් අරන්, ඔය නත්තල් ගහත් මම මේ ටිකේම දැක්කා, ඕකට වියදම් කරන්නේ අන්ඩුවේ සල්ලි නෙමෙයි, අනිවා ගොඩක් ලොකු බිස්නස් කාරයෝ, ඒ වගේම ලොකු හොටෙල්ස් වලින් තමයි ස්පොන්සර් කරනවා ඇත්තේ, දැනටමත් යකඩ ප්‍රෙම් ටික ගහලා ඉවරයි, ඒ කියන්නේ භාගයක් විතර වියදම් කරලා, දැන් ඕක නැවැත්තුවා කියලා ඔය ස්පොන්සර් කරන අය ඔය සල්ලි ටික දෙයිද දුප්පත් අයට බෙදලා දෙන්න කියලා. අන්තිමට නත්තල් ගහටත් සල්ලි නැහැ, දුප්පතුන්ටත් සල්ලි නැහැ.

    ඔය නත්තල් ගහ වටේ එකතු වෙන්න තිබිච්ච පොඩි පොඩි බිස්නස් ටිකටත් සොරිම තමයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔක හදන්නේ වරායේ සේවකයෝ උන්ට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් තමයි යකඩ ,පැස්සුම් උපකරණ ,ඉන්‍ඡිනේරු සහය සියල්ල වරායේ .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔක හදන්නේ වරායේ සේවකයෝ උන්ට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් තමයි යකඩ ,පැස්සුම් උපකරණ ,ඉන්‍ඡිනේරු සහය සියල්ල වරායේ .

    වරායේ තියන වැඩ දාලා සේවකයෝ ඕක හදන්නේ නෑ නේ බන්.
    ඒ මිනිස්සුන්ගෙන් බලෙන් වැඩ ගන්නෙත් නෑ නේ.
    නත්තල් ගහට වැඩ කරන මිනිස්සුන්ට ස්පොන්සර්ස්ලාගේ සල්ලි වලින් සලකනවා හොදට.
    අනිත් එක උපකරන ගැන නම් කියන්න දන්නේ නෑ.
    ඉන්ජිනේරු සහය කියන දේ නම් වරායෙන් ලැබෙනවා.
    එහෙමයි කියලා වරායේ වැඩ කරන ඉන්ජිනේරුවෝ වරායේ වැඩ නවත්තලා ඕක කරන්නේ නෑ නේ.
    ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න තමනුත් දායක උනා කියන මානසික තෘප්තියක් තියනවා ඒ මිනිස්සුන්ට උනත්.
    හැමදේම එක පැත්තකින් බලලා වැඩ කරන්න බෑ බන්.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ප්‍රශ්නය ගරු මැල්කම් රංජිත් හිමිපාණන මේක බාගයක් ගසනා තුරු නිහඩව සිටීමය. එක්කෝ මේක කරවන උන් කතෝලිකයන් අතර ඉහලම තනතුර දරන උන්වහන්සේ හරි හැටි දැනුවත් කළ යුතුය. නැතිනං දැන්වත් දැනුවත් කළ යුතුය. බාගෙට කොට නැවැත්තූ විට කිසිම කෙංකජ්ජක් සිදු නොවන බව තේරුම් ගත යුත්තේ ගරු මැල්කම් රංජිත් හිමියන් මෙන් ම මේක කරවනා උන් යන දෙගොල්ලමය.

    මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත.

    හොකොස් ය....
    හදයා ගේ ෆුල් ෆැන්ටසි සිහින කොහොමත් මෙහෙම නිසා මේ ගැන මම මුකුත් ම නොකියමි. නමුත් ෆැන්ටසිය පිටුපස ඇත්තේ පොර වීමේ වුවමනාව පමණක් බව ද කියමි.

    අමුතු සිනමා නිර්මාණයක් කොලා ය කියා පොර වෙන්නට තමන් ගේ බිරිද ගේ නිරුවත, තම දියණියන් ගේ මව ගේ නිරුවත විකුණු පිමිපියෙකු ගැන මෙපමණවත් කෙටීමට මහන්සි විය යුතු නැත.............
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වරායේ තියන වැඩ දාලා සේවකයෝ ඕක හදන්නේ නෑ නේ බන්.
    ඒ මිනිස්සුන්ගෙන් බලෙන් වැඩ ගන්නෙත් නෑ නේ.
    නත්තල් ගහට වැඩ කරන මිනිස්සුන්ට ස්පොන්සර්ස්ලාගේ සල්ලි වලින් සලකනවා හොදට.
    අනිත් එක උපකරන ගැන නම් කියන්න දන්නේ නෑ.
    ඉන්ජිනේරු සහය කියන දේ නම් වරායෙන් ලැබෙනවා.
    එහෙමයි කියලා වරායේ වැඩ කරන ඉන්ජිනේරුවෝ වරායේ වැඩ නවත්තලා ඕක කරන්නේ නෑ නේ.
    ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න තමනුත් දායක උනා කියන මානසික තෘප්තියක් තියනවා ඒ මිනිස්සුන්ට උනත්.
    හැමදේම එක පැත්තකින් බලලා වැඩ කරන්න බෑ බන්.

    හිරු නිවුස් වලට දැම්මේ වරායේ සේවක‍යෝ වැඩ කරන්නේ කියලා‍්‍. උන්ට පඩි දෙන්නේ වරායේ අදිකාරියෙන් නැතුව වරායේ සේවකයින් පෞද්ගලික වැඩ වලට දාල වෙන එවුන් සල්ලි දෙනව නම් ඒත් වැරදියි.එත් උන්ට සල්ලි දෙන්නේ නෑ වෙනම උන් ස්වෙඡ්ඡාවෙන්ලු වැඩ කරන්නේ ස්වෙඡ්ඡාවෙන් වැඩ කරන්න පුලුවන්ද වරායේ සේවකයින් වැඩ කරන දින වල‍.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කාදිනල් කිව්වහම එක පාරයි. හාමුදුරුවෝ කෙනෙක් කිව්වා නම් කීයටවත් බෞදධයාට අදාල දෙයක් වත් නවත් වන්නේ නැ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හිරු නිවුස් වලට දැම්මේ වරායේ සේවක‍යෝ වැඩ කරන්නේ කියලා‍්‍. උන්ට පඩි දෙන්නේ වරායේ අදිකාරියෙන් නැතුව වරායේ සේවකයින් පෞද්ගලික වැඩ වලට දාල වෙන එවුන් සල්ලි දෙනව නම් ඒත් වැරදියි.එත් උන්ට සල්ලි දෙන්නේ නෑ වෙනම උන් ස්වෙඡ්ඡාවෙන්ලු වැඩ කරන්නේ ස්වෙඡ්ඡාවෙන් වැඩ කරන්න පුලුවන්ද වරායේ සේවකයින් වැඩ කරන දින වල‍.

    උබ මාර කතානේ බන් කියන්නේ.
    ඔෆිස් එකක උනත් පාටියක් තියේ නම් ඒ වෙනුවෙන් වැඩ කරන ඒකට කැමති සේවකයෝ ඉන්නවානේ.
    උන් පාටියේ වැඩ කියලා ඔෆිස් වහන්නේ නෑ නේ.
    වරාය කියන්නේ සේවක අතිරික්තය ටිකක් තියන තැනක්.
    ඒ වගේ තැනක සේවකයෝ දෙන්නෙක්ගේ වැඩ එක සේවකයෙක් කරා කියලා අව්ලක් වෙන්නේ නෑ.
    වරාය වහලා ඕක කරනවානම් අන්න ඒක වැරදියි.
    අනිත් එක නත්තල් ගහ හැදුවාම ඒකේ අයිතිය සහ කීර්තිය අපේ රටේ හැමෝටම ලැබෙනවා.
    එහෙම වැඩකට ඉතින් සේවකයෝ සිය කැමැත්තෙන් එනවා කියන එකේ වරදක් නෑ.
    අනිත් එක මම කිව්වේ සේවකයින්ට ස්පොන්සස්ලා සලකනවා කියලා මිසක් සල්ලි දෙනවා නෙවෙයි.
    සලකනවා කියන්නේ මෙඩිකල් , කෑම බීම වගේ දේවල් හොදට දෙනවා කියන එකයි.

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    රටක ඔය වගේ දේවල් තියෙන්න ඕන.
    ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයිනේ ගහන්න ගියේ.
    නත්තල් ගහට අර්ජුණගේ පුද්ගලික සල්ලි ඇන්ඩ් තව ස්පොන්සර්ස්ලා බර ගානක් හිටියා.
    ගෝල් ෆේස් එක ගාව තියන හොටෙල්ස් ඔක්කෝම වගේ ස්පොන්සර් කරා.
    ඔච්චර ලොකු ටෝල්ක් දෙනවා නම් පල්ලි වලට යන විදුලි බිල , ජල බිල , මිනිස්සුන්ගේ වෙලාව එහෙම වැය වෙන නිසා පල්ලි වහලා සල්ලි එකතු කර කර ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදන්න ඕන.
    ජේසු හිටියානම් ඕක තමා අද කියන්නේ.
    නත්තල් ගහ හදන්න එපා කියන හැමෝම අනිවා අරක්කු , සිගරට් , මස් , මාලු එහෙම කනවනේ.
    ඒ සල්ලි ඉතුරු කරලා දුප්පතුන්ගේ බඩගින්නට දීලා පාන් කාපල්ලකෝ.
    නත්තලට පට්ටෙට වියදම් කරන් පාටි දානවා , අරක්කු බොනවානේ .
    ඒ සල්ලි දීපල්ලාකෝ අනාත නිවාසෙකට.
    ගෙදර බත් තියෙද්දි හිතුනාම අපි කඩෙන් කෑම ගෙනත් කන්නේ නැද්ද?
    ගෙදර බත කාලා කොත්තු ගන්න සල්ලි හිගන්නෙක්ට දෙන්න එපැයි.
    අපේ මෝඩයන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ.
    රටක ෆෙස්ටිවල් වලට වෙනසක් වෙන දෙයක් තියෙන්න ඕන.
    එපා අරකයි මේකයි බයිලා ගහලා වැඩක් නෑ.
    පර්සනල් සල්ලි වලින් කරනවානම් ඒ දේවල් වලට නෑ , බෑ කියන්න බෑ කාටවත්.

    Brain Washed UNP සිත්තමණියෙක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිත් එක ලෝකේ උසම කෘතිම නත්තල් ගහ හදලා තියෙන්නේ චීනයේ මීටර් 55 (අඩි 180) ඒක තමයි ගිනස් වාර්ථාව එත් ලංකාවේ හදන එක මීටර් අනුවකට ආසන්නයි අඩි 295 යි එච්චර ලොකුවට අනිත් රටවල වත් හදන්නේ නැතුව ලංකාවේ වගේ දුප්පත් රටක් මේවා හදන එක විකාරයක් .