ගෝලාන් කඳුකරයේ අර්බුදය

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගෝලාන් කඳුකරයේ අර්බුදය

    මේ වන විට ගෝලාන් කඳුකරයේ අර්බුදය නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ, ඇමෙරිකා එක්සත් ජනපදය ගෝලාන් කඳුකර ප්‍රදේශය ඊශ්‍රායලයට අයිති බව ප්‍රකාශ කිරීමත් සමග ය. එම තීරණය අරාබි ලෝකයේ බලවතුන්ගේ දැඩි විවේචනයට ලක් වෙනවා. පසුගිය මාර්තු 31 වන දා ටියුනීසියාවට රැස් වූ අරාබි ලීගයේ 30 වන සමුළුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධතාවය එල්ල කර තිබෙනවා.

    1967 වසරේ අරාබි රටවල් හා ඊශ්‍රායලය අතර පැවති සය දින යුද්ධයේ දී මෙම ප්‍රදේශය ඊශ්‍රායලය විසින් අල්ලාගැනුණු අතර මේ වන තුරු එය පාලනය කරන්නේ ඊශ්‍රායල රජය යි. සිවිල් වැසියන්ට අමතරව එම ප්‍රදේශය තුළ ඊශ්‍රායල හමුදා බල සේනාංක විශාල ප්‍රමාණයක් රඳවා තිබෙනවා.


    සිරියාවෙන් අල්ලාගත් ගෝලාන් කඳුකර ප්‍රදේශය

    yZxJcUWnowVdnGdD_01.png
    ගෝලාන් සිතියම (BBC)​

    ගෝලාන් කඳුකර ප්‍රදේශයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර 1,800ක් පමණ වෙනවා. එම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලය හා සිරියාව අතර යි.

    1967 වසරේ දී ආරාබි ලීගයේ රටවල් කිහිපයක් දියත් කළ යුධ මෙහෙයුමකින් ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සැරසෙනවා. නමුත් ඊශ්‍රායලය ආරාබි ලෝකයේ රටවල් මෙන්ම මුළු ලෝකයම විමතියට පත් කරමින් සතුරු අරාබි රටවල් සියල්ලම පරාජයට පත්කර සිය බලපරාක්‍රමය පතුරවා හරිනවා.

    මෙම යුද්ධයේ දී ඊජිප්තු හා ජෝර්දාන හමුදා සමග ඉතා නිර්භීතව කටයුතු කරන ඊශ්‍රායල් හමුදාව ඒ අතර තුර ඊශ්‍රායලයේ උතුරු පෙදෙසේ දේශ සීමාව සිරියානු බලමුළුවලින් ආරක්ෂා කරගැනීමට සුළු එහෙත් නිර්භීත භට​ පිරිසක් යොදවනු ලබනවා.

    දරුණු සටනකින් පසු ඊශ්‍රායල් හමුදාවන් සිරියානු හමුදා පරාජය කර මෙම ප්‍රදේශයේ සිය අණසක පතුරවනවා.


    නැවත භාර නොදීම


    tCW4M2HwJ4baEFre_02.jpg

    ගෝලාන් කඳුකරය (LobeLog)

    එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරාබි රටවල් එම ප්‍රදේශය නැවත සිරියාවට භාර දෙන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කළත් එය සාර්ථක වෙන්නේ නෑ. යුධමය වශයෙන් වැදගත් බැවින් මෙම ප්‍රදේශය නැවත භාර නොදීමට ඊශ්‍රායලය කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම එම භූමිය සිරියාවේ හැසිරීම පිළිබඳව නිරීක්ෂණය කළ හැකි, භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙස ඊශ්‍රායලය විසින් හඳුනා ගැනෙනවා.

    1973 වසරේ දී නැවතත් ඊශ්‍රායලය හා අරාබි රටවල් ගැටුණු යෝම්කිපූර් යුද්ධයේ දී මෙම ප්‍රදේශය නැවත තමන් යටතට ගැනීමට සිරියාව සූදානම් වෙනවා. මෙහිදී ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් සිරියානු සෙබළුන් මෙන්ම ඊශ්‍රායල් සෙබළුන් ද විශාල ප්‍රමාණයක් මිය යනවා.

    ඊශ්‍රායලය ගෝලාන් කඳුකරයේ වර්ග කිලෝමීටර 1,200ක් පමණ වූ ප්‍රදේශයක් අත්පත් කරගන්නා අතර තවත් වර්ග කිලෝමීටර් 235ක් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ හමුදා යටතට ලබා ගන්නවා. ඒ 1974 වසරේ ඇති වූ සාම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස යි.

    ඔවුන් විසින් 1981 වසරේ දී මෙම ප්‍රදේශය ඊශ්‍රායලයේ කොටසක් බව නිල වශයෙන් නිවේදනය කරනවා. මේ වන විට ගෝලාන් කඳුකරය ආශ්‍රිත භූමියේ ඊශ්‍රායල ජාතිකයන් විශාල ප්‍රමාණයක් ස්ථිරව පදිංචිව සිටිනවා.


    ට්‍රම්ප්, ගෝලාන් කඳුකරය අයිති ඊශ්‍රායලයට බව ප්‍රකාශ කිරීම

    60EWWmd1yerwlyKG_03.jpg
    ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායල් යුධ ටැංකි (Daily Sabah)​

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතාබහ කිරීමට පසුගිය දිනෙක ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව බලා පිටත් වෙනවා. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අරාබි ලෝකයේ රටවල් මෙන්ම ඊශ්‍රායලය සතුරු අනෙක් රටවල් කෝපයට පත් කරමින් ප්‍රකාශයක් නිකුත් කරනවා.

    2019 මාර්තු 24 වන දා, ගෝලාන් කඳුකර ප්‍රදේශය ඊශ්‍රායලයේ ස්වෛරී ප්‍රදේශයක් ලෙසත් එය සිරියාවට අයිති නොවන ප්‍රදේශයක් ලෙසත් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම ආරාබි රටවල් කෝප කිරීමට සමත් වූ එම සිදුවීම යි. ඒ සමගම ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයට අයිති බව පිළිගත් පළමු රාජ්‍යය බවට ඇමරිකා එක්සත් ජනපදය පත්වෙනවා.


    iRMJo2RGUKM3xOpW_04.jpg
    ට්‍රම්ප් නිල වශයෙන් තීරණය ලබා දීම (DW)​

    මීට පෙර ද ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජෙරුසලම නිත්‍යානුකූලව අයත් විය යුත්තේ ඊශ්‍රායලයට බව ප්‍රකාශ කෙරෙමින් නිවේදනයක් නිකුත් කිරීම ද අරාබි කලාපයේ රටවල් අතර දැඩි විවේචනයට බඳුන් වෙනවා.

    අරාබි ලීගයේ විරෝධතාවය​

    FHy4Lh6tTukPd2Pi_05.jpg
    අරාබි ලීගයේ තිස්වන සමුළුව (Al Jazeera)​

    ලීගයේ 30 වන සමුළුව පසුගිය මාර්තු 31 වන දා ටියුනීසියාවේ දී පැවැත්වෙනවා. එහිදී සහභාගී වූ රටවල් ගෝලාන් කඳුකරයේ අර්බුදය සම්බන්ධයෙන් හා ඇමෙරිකාවේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධතාවය ප්‍රකාශ කර සිතිනවා. මේ පිළිබඳව වහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව යි ඔවුන් විසින් සඳහන් කරන්නේ.

    අරාබි ලීගයේ පොදු විරෝධතාවයට අමතරව සෞදි අරාබිය හා ඉරානය වැනි රටවල් කිහිපයක් මේ පිළිබඳව රාජ්‍ය ත්‍රාන්තික මට්ටමෙන් සිය විරෝධතාවය ඇමෙරිකාව වෙත ප්‍රකාශ කර තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රටවල් කිසිවක් ඇමෙරිකාවේ තීරණයට තම කැමැත්ත මේ වන තුරු පල කර නැහැ. එබැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ද එම තීරණය සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොඩ නැගී තිබෙනවා.


    Source:- roar.media​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරාබි ලීගයේ විරෝධතාවය

    FHy4Lh6tTukPd2Pi_05.jpg


    අරාබි ලීගයේ තිස්වන සමුළුව (Al Jazeera)​

    ලීගයේ 30 වන සමුළුව පසුගිය මාර්තු 31 වන දා ටියුනීසියාවේ දී පැවැත්වෙනවා. එහිදී සහභාගී වූ රටවල් ගෝලාන් කඳුකරයේ අර්බුදය සම්බන්ධයෙන් හා ඇමෙරිකාවේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධතාවය ප්‍රකාශ කර සිතිනවා. මේ පිළිබඳව වහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව යි ඔවුන් විසින් සඳහන් කරන්නේ.

    අරාබි ලීගයේ පොදු විරෝධතාවයට අමතරව සෞදි අරාබිය හා ඉරානය වැනි රටවල් කිහිපයක් මේ පිළිබඳව රාජ්‍ය ත්‍රාන්තික මට්ටමෙන් සිය විරෝධතාවය ඇමෙරිකාව වෙත ප්‍රකාශ කර තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රටවල් කිසිවක් ඇමෙරිකාවේ තීරණයට තම කැමැත්ත මේ වන තුරු පල කර නැහැ. එබැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ද එම තීරණය සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොඩ නැගී තිබෙනවා.



    Source:- roar.media​

    නානලාගේ බොරු ෂෝ..ඔය අරාබි කාරයෝ වැඩි හරියක් දැන් ඊශ්‍රායලය එක්ක හරි හරියට ගනුදෙනු කරනවා.