ගෝලීය උණුසුම

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගෝලීය උණුසුම​
    ~~~~~~~~~~~~~

    පහුගිය දවස් වල තිබුන අදික උණුසුම නිසාම "ගෝලීය උනුසුම" ගැන නූලක් දාන්න හිතුනා...​


    Image6.jpg


    පෘථිවිය උණුසුම් වීම යනු පෘථිවිය මතු පිටට ආසන්න වාතයේ හා සාගරවල මධ්‍යන්‍ය උෂ්ණත්වයේ වැඩි වීමයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත.

    පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32) ප්‍රමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්‍යයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් IPCC නිර්ණය කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්‍යන්‍ය උෂ්ණත්වය‍න්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්‍රණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්‍රපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්‍රභේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී.

    මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්‍රධාන කාර්මික රටවල්වල සියලු ජාතික විද්‍යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්‍යාත්මක ඇකඩමි හා විද්‍යාත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්‍යාඥයින් IPCC හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන් එකඟතාවය පල කොට ඇත.



    -460.png



    Global_Temperature_Anomaly_1880-2010_%28Fig.A%29.gif

    ගෝලිය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්වය 1961 සිට 1990 දක්වා කාලපරාසයට සාපේක්ෂව අක්‍රමවත් වී ඇත.


    දේශ ගුණික ආකෘති අනාවැකි IPCC මගින් සංක්ෂිප්ත කරන ලදුව දක්වා තිබෙන්නේ ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය තවත් 1.10 සිට 6.40 දක්වා 21 වන ශතවර්ෂය තුළදී වැඩි වනු ඇති බවයි. එම අගය පරාසයන් විවිධ ගෝලීය හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ගුරුපොත් හා විවිධ දේශ ගුණික සංවේදීතාවයන් ඇති ආකෘතික භාවිතයෙන් ලද ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යයනයන් අතරින් බහුතරයක් 2100 දක්වා කාල පරාසවලට නාභිගත වී ඇත. නමුත් උණුසුම් වීම සහ මුහුදු මට්ටමේ වැඩිවීම‍ තවත් වසර දහසකට වැඩි කාලයක් හරිතාගාර වායු මට්ටම් ස්ථායීකරණය වුවද වැඩිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමතුලිතතාවයට එළඹීමට ප්‍රමාද වන්නේ සාගරයන් තුළ ඇති විශාල තාපධාරිතාවය හේතුවෙනි.

    ගෝලීය උෂ්ණත්ව වැඩිවීම මුහුදු මට්ටම් වැඩිකිරීමට හේතු වනු ඇත. එමෙන්ම ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ සහ වර්ෂාපතන රටාවන්ගේ හා ප්‍රමාණයන්ගේ ත්‍රීව්‍රතාවයන් වෙනස් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ගෝලීය උණුසුම්වීමේ වෙනත් ආචරණයන්නම් කෘෂිකාර්මික අස්වැන්නේ වෙනස්වීම් වෙළඳ රටාවල වෙනස්වීම් ගැලැසියර දියවීම් විශේෂ වදවීම් එමෙන්ම රෝග වාහකයන්ගේ පරාසයන් වැඩිවීම් අන්තර්ගත වේ.


    පවතින විද්‍යාත්මක අවිනිශ්චිතතාවයන් තුළ අන්තර්ගත වන්නේ අනාගතයේදී අපේක්ෂිත උණුසුම් වීමේ ප්‍රමාණය හා උණුසුම් වීම හා ඒ හා අදාල වෙනස් වීම් ලෝකය පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නේ කෙලෙසද යන කරුණුයි. බොහෝ ජාතික රජයන් කියතෝ සන්දානය අත්සන් කොට හා අනුමත කොට ඇත. එය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම හා සම්බන්ධය. නමුත් මේවන විට දේශපාලනික හා ප්‍රජා විවාදයක් ලෝකය පුරා ඇතිව තිබේ. ඒ අනාගත උණුසුම් වීම සම්බන්ධයෙන් එය අඩු කිරීමට හෝ ආපසු හැරවීමට ක්‍රියා කළ යුතුද එසේ නොමැති නම් අපේක්ෂිත ප්‍රතිඵලවලට අනුවර්තනය විය යුතුද යන්න පිළිබඳවයි.


    1200px-GISS_temperature_2000-09_lrg.png

    1940 සිට 1990 කාලපරාසය තුළ මධ්‍යන්‍ය උෂ්ණත්වයන්ට සාපේක්ෂව 1995 සිට 2004 වර්ෂය දක්වා මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්වය අක්‍රමවත් වී ඇත.


    2003 වර්ෂයේ ගීෂ්ම සෘතු‍වේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය, ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ. වසර 60කට පසු බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්‍රිතාන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25). හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්‍වයෙන් මිය ගිය ප්‍රමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25). ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්‍වය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්‍රංශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්‍ය තත්‍වයක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත.

    දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්‍රදේශ වලට පවා සංක්‍රමණය වන අතර එමගින් මැලේරියාව සහ ‍ඩෙංගු රෝගය වැළදීම සීඝ්‍රයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ‍ඩෙංගු වඩාත් ව්‍යාප්ත වීම නිසා මිය ගිය සංඛ්‍යාව එක් ලක්‍ෂ පණස් දහසකි. ගෝලීය උෂ්ණත්‍වය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්‍රමණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක භූමි ප්‍රමාණයක වෙසෙන මිලියන 50ක් ‍ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ 580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි) ඊට අමතරව වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්‍වසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්‍වයන් ඇති වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු දූෂණ නිසා දරුණු රෝගී තත්‍වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්‍වයන් දක්නට ලැබේ. පැතිර යමින් පවතින අධික උෂ්ණත්‍වය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්‍ර වීමේ ලක්‍ෂණ ‍බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද ඇති වේ. ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්‍වයේ වැඩි වීම් ප්‍රථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස් සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිතයි.

    වායුව උණුසුම් වීම නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත් මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි ස්‍වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී.


    [ඉස්සුවේ : විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්]

    ඉතින් යාලුවනේ පරිස්සරය ගැන ඉස්සරටත් වඩා සන්වේදිව හිතන්න කාලය හරි නේද....


    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන ගියට තරහ නෑ හොඳේ...
    300px-Robin_Hood_logo.svg.png
     
    Last edited: