මිනිසා නොදියුණු සමාජයක ඉදන් අවුරුදු මිලියන ගානක් ජිවත් උන පිරිසක් නේ. ඒ නොදියුණු කාලෙට අයිති කතාත් නෑ . වදවෙලා ගිය විශාල සත්තු හිටපු කාලත් නෑ. ලෝක අතර ගමන් කරන්න පුලුවන් තරම් දියුණු "ආභිස්සර බඹලොවින්" ආපු මිනිස්සු එතන ඉදන් නොදියුණු සමාජයක ඉදල ආයිත් අවු මිලියන ගානක් දියුණු වෙලා වගේ. හැබැයි බුද්ධ කාල 3කුත් ගෙවිල කල්පයට අදාළ.
මචන් මේක තියෙන්නේ
අග්ගඤ්ඤ සූත්‍රයේ.
මේ සූත්‍රයේ විශ්වයේ ආරම්භය ගැන නෙමෙයි තියෙන්නේ. පෘතුවියට ජීවය එන එක ගැන. පෘතුවියේ ජීවයක් පටන් අරගෙන නෑ. වෙන කොහෙන්හරි තමයි ජීවය ඇවිල්ලා තියෙන්නේ.
ඒ වෙනකොට පෘතුවියේ තිබ්බේ දිය කදක් කියලා තියෙන්නේ. ඒකේ තිබ්බේ ආහාර තමයි මුලින්ම පරිභෝජනය කරලා තියෙන්නේ. ආහාරවල රසට තෘෂ්ණාව තමයි මුලින්ම ජීවීන්ට තිබිලා තියෙන්නේ.
ඊළගට ආහාර හොයාගෙන භූමියට ඇවිල්ලා. ඒ වෙනකොට පොලොවේ තිබිලා තියෙන්නේ හතු( දිළීර ) එවත් පරිභෝජනය කරද්දි තව සෑහෙන්න කාලෙකින් තමයි පැළෑටි හටගෙන තියෙන්නේ.
මේ වගේ process එකකින් තමයි ජීවය පැවතගෙන එන්නේ කියලා තමයි ඒ සූත්‍රයේ කියන්නේ.
දැනට මම දන්න තරමින් මේකේ සමහර කරුණු විද්‍යාත්මකවත් හොයාගෙන තියෙන්නේ.
අපිට විද්‍යාවෙන් අපේ ජීවිත කාලේ ඇතුලේ මේ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න පුලුවන් වෙයිද බැරිවෙයිද දන්නේ නෑ. ඒ උනාට චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ දේවල් ජීවිතේට අදාල කරගෙන බලන්න පුළුවන් ඇත්තද කියලා. ඒක නිසා ඒ වෙනුවෙන් කාලය ටිකක් යොදවලා බලන්න පුළුවන්නන් වටිනවා.