ඝාතකයෙකු_අභියස​

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඝාතකයෙකු_අභියස​

ඝාතකයෙකු අභියස​



cute_cartoon_serial_killer_sticker-r650ef5f4bfc94f8ab27733ea9ef591fd_v9waf_8byvr_512.jpg


ඔහු මිනීමරුවෙකි. සාමාන්‍ය ඝාතකයෙකු නොව තමන් ගේම නැගෙනියගේ ගෙල කපා ඇයව මරා දැමූ කෘර මිනිසෙකි. ඔහු මා ඉදිරියේය​. ඔහුව අත් අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ තුවාල නිසා ඔහුව අපගේ වාට්ටුවට ගෙන එන ලදි. ඔහුගේ එක් පයක් රෝහල් ඇඳේ යකඩ බටයකට තබා විලංගු දා තිබේ. ඔහු එක් ඇළයකට පමණක් හැරී සිටින්නේ පහසුව සඳහාය​. ඇඳ අසල පුටුවක වාඩිවී අවි ගත් පොලිස් නිලධාරියෙකි. පොලිස් නිලධාරියා තමාගේ අත් අඩංගුවේ සිටින පුද්ගලයා දෙස උකුසු ඇසින් බලා සිටියි. එහෙත් සිරකරුවා තුල පලා යාමේ අදහසක් නොමැති බව පෙනේ. එසේ අදහසක් තිබුනද එය ක්‍රියාවට නැගීම පහසු නැත​. බරැති රෝහල් යකඩ ඇඳක් පයේ ලූ විළංගුවත් සමග ඇදගෙන ඔහුට දිව හැකිද ? ඇරත් ඔහුගේ ශරීරයේ තැලීම් සලකුණු තිබේ. ඔහුගේ වම් ඇසිපිය උඩ තුවාලයකි. එයට ප්ලාස්ටර් කෑල්ලක් අලවා ඇත​. රෝගියාගේ මොලයට තුවාල සිදුවී ඇත්දැයි මම පරික්‍ෂා කොට බැලුවෙමි. එහෙත් හෙඩ් ඉන්ජරියක සලකුණු නොමැත​.

[FONT=&quot]සිරකරුවා සිවිලිම දෙස බලාගෙන සිටියි.මම ඔහු වෙත යමි. මේ පුද්ගලයාගේ ඉතිහාසය රෝහලේ පොලිස් මුර පොලේ රාළහාමි විසින් මට දැණුම් දී තිබේ. ඔහු තියුණු පිහියකින් තම නැගනියගේ ගෙල වෙන් වන තෙක් කපන ලදි. මෙවැනි සහාසික අපරාධයක් ඔහු විසින් කරන ලද්දේ මන්ද ? ඔහු මානසික රෝගියෙකු නොවේ. මා විසින් ඇසූ ප්‍රශ්න වලට ඔහු නිරවුල්ව පිලිතුරු දුන්නේය​. තම නැගනිය සමග මෙතරම් දරුණු කෝපයක් ඔහු තුල ඇති වූයේ කෙසේද​? ඉඩම් ආරවුලක් වූයේද ? තම සිත් නොගත් අයෙකු සමග නැගනිය ඇසුරු කලේද ? මම නොදනිමි. එහෙත් ඔහු තම දෙමාපියන්ට දාව උපන් දරුවෙකු ඝාතනය කරන ලදි. ඔහු සිවිලිම දෙස බලා කල්පනාකරන්නේ කුමක් ද ? නැගනියගේ අවසන් මොහොත ගැනද ? ඔහු ඒ ගැන සිතමින් පසුතැවිලි වෙනවාද ?

ඔහුගේ තුවාල ගැන මා ඇසූ පැණයට ඔහු පිලිතුරු දුන්නේය​. මතුපිටින් ඔහු ශාන්තය. කිසිදු කලබලයක , චිතාවේගීය නොසන්සුන්තාවක ලක්‍ෂණ ඔහු කෙරෙන් දිස් නොවේ. එහෙත් ඔහුගේ සිත තුල චණ්ඩ මාරුතයක් හමා යයි.


මිනිස් ඝාතනයක් කොට තවම පැය විසි හතරක් වත් ගතවී නැත​. ඔහු අත් අඩංගුවේය​. රෝහලින් ටිකට් කැපූ පසු ඔහු කෙලින්ම යන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයටය​. අධිකරණ ක්‍රියාදාමයන් ගෙන් පසු ඔහු සිර ගෙට යනු ඇත​. ඔහු සිරගතවන්නේ තමන් ගේම නැගෙනිය මරා දැමූ ඝාතකයා වශයෙනි. මොහු මිනීමරුවෙකු වූවද මට ඔහුව විනිශ්චය කල හැකිද ? මම ඔහුගේ වෛද්‍යවරයා මිසක විනිසුරු නොවේ. ප්‍රතිකාර වලින් පසු ඔහුව රෝහලින් ගෙන යනු ඇත​. ඉන් පසුව යලි කිසි දිනෙක අප හමු නොවනු ඇත​. ඒ කෙටි කාලය තුලදී මම ඔහුව විනිශ්චයට ලක් කරන්නේ මන් ද ? මට ඔහු රෝගියෙකු මිස ඝාතකයෙකු නොවේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග
[/FONT]