ඝාතනය කෙරුණු ගඩාෆිගේ ඡායාරූප එළි දැක්වෙය
දශක හතරක් පමණ ලිබියාව පාලනය කළ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ඝාතනය කෙරුණු බවත් ගඩාෆිගේ අවසන් බලකොටුව වූ ඔහු උපන් සර්ට් නගරයද අද අත්පත් කරගත් බවත් ලිබියානු කැරළිකරුවන් අද සඳහන් කළේය.
දශක හතරක් පමණ ලිබියාව පාලනය කළ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ඝාතනය කෙරුණු බවත් ගඩාෆිගේ අවසන් බලකොටුව වූ ඔහු උපන් සර්ට් නගරයද අද අත්පත් කරගත් බවත් ලිබියානු කැරළිකරුවන් අද සඳහන් කළේය.
ඝාතනය කෙරුණු බව පවසන ගඩාෆිගේ මෘත දේහය දැක්වෙන වීඩියෝ දර්ශන වලින් උපුටා ගත් ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් එළි දක්වා තිබෙන අතර ලේ හැලුණු ඔහුගේ මුහුණ එයින් පැහැදිලිව දැකගත හැකිය.
රොයිටර් පුවත් සේවය මුලින් වාර්තා කර තිබුණේ කැරළිකරුවන් විසින් ගඩාෆිව බ්‍රහස්පතින්දා අළුයම අල්ලාගත් බවත් ඒ අවස්ථාවේදී ඔහුගේ දෙපා වලට වෙඩි වැදී තිබුණු බවයි.
මෙම අවස්ථාවේදී ඇතිවූ ගැටුමේදී ඔහුගේ හිසට සිදුවූ වෙඩි තැබීමකින් ලිබියානු නායකයා මියගිය බව පසුව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ඡායාරූපය- රොයිටර් පුවත් සේවය
ඡායාරූපය- රොයිටර් පුවත් සේවය