ඝාතනය කෙරුණු ගඩාෆිගේ ඡායාරූප එළි දැක්වෙය

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ඝාතනය කෙරුණු ගඩාෆිගේ ඡායාරූප එළි දැක්වෙය

    14875464f302a2cb9c104314a3305ebd75a9ea9e.jpg


    දශක හතරක් පමණ ලිබියාව පාලනය කළ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ඝාතනය කෙරුණු බවත් ගඩාෆිගේ අවසන් බලකොටුව වූ ඔහු උපන් සර්ට් නගරයද අද අත්පත් කරගත් බවත් ලිබියානු කැරළිකරුවන් අද සඳහන් කළේය.
    ඝාතනය කෙරුණු බව පවසන ගඩාෆිගේ මෘත දේහය දැක්වෙන වීඩියෝ දර්ශන වලින් උපුටා ගත් ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් එළි දක්වා තිබෙන අතර ලේ හැලුණු ඔහුගේ මුහුණ එයින් පැහැදිලිව දැකගත හැකිය.
    රොයිටර් පුවත් සේවය මුලින් වාර්තා කර තිබුණේ කැරළිකරුවන් විසින් ගඩාෆිව බ්‍රහස්පතින්දා අළුයම අල්ලාගත් බවත් ඒ අවස්ථාවේදී ඔහුගේ දෙපා වලට වෙඩි වැදී තිබුණු බවයි.
    මෙම අවස්ථාවේදී ඇතිවූ ගැටුමේදී ඔහුගේ හිසට සිදුවූ වෙඩි තැබීමකින් ලිබියානු නායකයා මියගිය බව පසුව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

    ඡායාරූපය- රොයිටර් පුවත් සේවය