මට හිතා ගන්න බැරි අපේ බොහෝ මිනිසුන්ගේ මානසිකත්වය.මම පසුගිය කාලයේ එක්තරා සමීක්ෂණයක් කලා ආගම් ගැන.අදහන අය ගැන.රෝමානු කතෝලික අය සම්ප්රදායික,ඉංග්රීසි බසින් වැඩ කරන්න කැමතියි.ඇංග්ලිකානු පල්ලිය ඊට ටිකක් වැඩි යම් ගර්වයකින් යුත් අය.ජෙහෝවා සාක්ෂිකරුවෝ ඉතා හිතවත්ව සැලකුවා.බැප්ටිස්ට් පල්ලියට යන අයත් හිත්වත්.මේ හමෝම තමන් ලඟට එන ආගන්තුකයාව ආදරයෙන් පිලිගන්නවා. නමුත් විකල්ප අදහස් බෑ. ඔක්කොම අන්තවදියෝ. එකියන්නේ බහුතර අදහස් අන්තවාදී ස්වරුපයක් ගන්නේ. හිංදු අය ගත්තම යාපනේ දෙමළ අය කියන්නේ උසස් රදළ,උඩ රට දෙමළ ජනයාව පහත් කරනවා. හින්දු භක්තියකයොත් 99 % මිත්යාව කරපින්නාගෙන ඉන්න අය. සිංහල බෞද්ධ මීට වෙනස්.මතුපිටින් නොව ඇතුලාන්තයෙන්ම තැන්පත් වියයුතු උනත් බහුතරය එසේ නෑ.ඉතින් මෙවන් පරිසරයක හැදෙන පුද්ගලයා බොහෝවිට ආවේගශීලීයි.මොළෙන් නොව ඇඟෙන් තමයි වැඩ.
අපේ පන්තිවල හිටපු හමුදාවට,පොලීසියට ගිය බොහෝ යාලුවෝ කොහොමද?මාන්නය,කුහකකම මම දැක්කා.අපිට කියනේ වීර කතා,වීරයෝමයි.බලවතා ඉදිරියේ නැවෙන හැටි දකිද්දී මරේ මරු උන්.රටේ ඉන්න බහුතරය ඔහොමයි.සරල බව අහලකවත් නෑ.පශ්චාත් යුද සමාජයක මෙවැනි පුද්ගලයින් ගැන නිසි විදියට සොයා බැලිය යුතු තමා.නමුත් කාටවත් මේවා වැදගත් නෑනේ.නව ව්යවස්තාව,සයිටොං,ක්රිකට් ගහන උන් සහ උන්ගේ ලොක්කන්ගේ මාපිය සිහිකිරීම්,දේශපාලකයිගේ හා උන්ගේ මාපිය වන්දනා අන්තිමටම කීවොත් හැම එකාම හැම එකාගෙම මාපියන් සිහි කරනවාමයි දැන් මෙහේ. අපි දැන් නිවන් සැපේ ! !!
88-89 කාලයේ ත්රස්තවාදීන් විසින් ‘දේශද්රෝහීන්ට මරණය‘ කියා ලියා තිබුනා සේ මේ දේශද්රෝහීන්ට ද මරනය ලබා දිය යුතු යැයි පවසන කමල් ගුණරත්න ඉන් නොනැවතී 88-89 කාලයේ දී එසේ මරා දැමූ අයගේ මිනිය දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගියා සේ අගෞරව කළ යුතු බවද පැවසීය.
කතාවේ මුල් කොටසේ දී එදා හමුදාව ජනතාවට බොරු කී බවද කමල් ගුණරත්න පාපෝච්ඡාරණය කළේය. යුද්දයේ දී මිය ගිය හමුදාවේ අය ගැන හමුදා ප්රකාශයක බොරු කී බවත් නිවැරදි ගණන දැන ගෙන සිටියේ මල්ශාලා හිමියන් බවත් ප්රකාශ කරන කමල් ගුණරත්න ‘අපි ඔබට කොපමණ බොරු කීවාදැයි‘ පැවසීය.
මේ ප්රකාශ කරද්දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉදිරියේ සිටියේ ය. මෙවැනි උම්මත්තක ප්රකාශයක් කළ කමල් ගුණරත්න බ්රසීලයේ තානාපති කාර්යාලයේ සේවයේ සිටියදී එහි සේවකයෙකුට යකඩ පොල්ලකින් ගසා මරා දමා ඝාතනය යට ගසා දමා තිබේ. වත්මන් යහපාලන ආණ්ඩුව කාලයේ දී ඒ ගැන පැමිණිලි ලැබුනද ලංකා ඊ නිව්ස් විසින් සාක්කි සහිතව හෙළිදරව් කළද ජනාධිපති නියමයෙන් ඒ පරීක්ෂණය යලිත් යට ගසා දමා ඇත.