ඝෝටා , බැසිල්. මයිත්‍රී

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඝෝටා , බැසිල්. මයිත්‍රී

    මහමැතිවරණයේ එජනිස නාමයෝජනා සැකසීමේදී තිරයෙන් පිටපස ප්‍රධාන කාර්යභාරයක් සිදුකළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට එජනිස මැතිවරණ කටයුතුවලින් ඉවත්ව තිබේ. එයට හේතුව එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් අතර ඇතිවූ මතගැටුමයි.

    එජනිසයේ 'අනාගතයට සහතිකයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික කරුණු සකස් කිරීම කණ්ඩායම් දෙකක් විසින් සිදුකළ අතර ඒ බැසිල්ගේ
    කණ්ඩායම හා ගෝඨාභයගේ කණ්ඩායම වශයෙනි. ජගත් වැල්ලවත්ත, ධම්ම දිසානායක, විජිත නානායක්කාර, නිමල් බණ්ඩාර හා සංජීව එදිරිමාන්න බැසිල්ගේ කණ්ඩායම නියෝජනය කළ අතර දයාන් ජයතිලක, නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පිරිසක් ගෝඨාභයගේ කණ්ඩායම නියෝනය කළේය.

    මෙම කණ්ඩායම් දෙක කෙටුම්පත් දෙකක් සකස් කළ අතර මුලින් තීරණය තිබුණේ බැසිල්ගේ කණ්ඩායම සැකසූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමටයි. එහෙත් එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මෙයට විරෝධය දක්වමින් බැසිල්ගේ කෙටුම්පත පුච්චා දමන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ තෝරාගැනීම වී ඇත්තේ ගෝඨාභයගේ කණ්ඩායම සැකසූ කෙටුම්පතයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කොට ඇත්තේ මෙම ගෝඨාභය කණ්ඩායමේ කෙටුම්පත වන අතර එයට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන ඉදිපත් වූ ප්‍රතිපත්තිද ඇතුළත් කොට 'අනාගතයට සහතිකයක්' නමින් එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් මෙම කොටස පිළියෙල කර ඇත්තේ අශෝක අබේගුණවර්ධන, ශිරාල් ලක්තිලක, මලිත් ජයතිලක ඇතුළු පිරිසකි.

    මෙයට විරෝධය පළකරමින් බැසිල් රාජපක්ෂ පවසන්නේ ගෝඨාභය හා ජනාධිපතිවරයා අතර රහස් ගනුදෙනුවක් පවතින බවයි. ජනාධිපතිවරයාගේ කරුණු ද ප්‍රතිපත්ති ප්‍රකාශයට එක්කොට ඇත්තේ ඒ හේතුවෙන් බව ඔහු පවසයි. මේ වනවිට මුළු රටම දන්නා මහින්ද රාජපක්ෂ ගෞරවනීය සමුගැනීමක් ඉල්ලා සිටි කතාන්දරය පිටුපස සිටින්නේද ගෝඨාභය බවට බැසිල් රාජපක්ෂ චෝදනා කරයි.

    ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව නිසා බැසිල් මේ වනවිට සම්පූර්ණයෙන් මැතිවරණ කටයුතුවලින් ඉවත්ව තිබේ. මෙය එජනිස කණ්ඩායමේ දෙදරායාමට හේතුවී ඇති අතර බැසිල්ට හිතවත් කණ්ඩායම හා ගෝඨාභයට හිතවත් කණ්ඩායම දේපාර්ශ්වයට චෝදනා කරමින් සිටී. මෙම ගැටුම හේතුවෙන් එජනිස කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ අගමැති සිහිනය තවදුරටත් බොඳවී තිබේ. ඔහු ගෝඨාභය බැසිල් දෙදෙනාටම චෝදනා කරමින් පවසන්නේ තමා ජනවාරි අටවැනිදා පරාජයවීමට මෙම දෙදෙනා ප්‍රබල හේතුවක් වූ බවත් තම සහෝදරයන් නිසා ඉදිරි මැතිවරණයේදී තමා අන්ත පරජයක් අත්කරගන්නා බවත්ය.

    බැසිල් රාජපක්ෂ සඳහන් කරන පරිදි ගෝඨාභය සහ ජනාධිපතිවරයා අතර රහස් ගනුදෙනුවක් පවතින අතර එහි ප්‍රතිඵල මැතිවරණයෙන් පසු රටටම දැකගත හැකිවනු ඇත. කොළඹ නගරයේ පිරිසිදුකම සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයා තම නොසතුට පළකර තිබෙන අතර මැතිවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මැතිවරණයෙන් පසු කොළඹ නගරය පිරිසිදු කිරීමේ සහ අලංකරණය කිරීමේ කටයුතු ජනවාරි අටවැනිදාට පෙර සිදුවූ ආකාරයෙන් සිදුකිරීමට කටයුතු යොදන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.:baffled::baffled:
     

    waligamaya

    Well-known member
  • ඔය ප්‍රතිපත්තිය මොකක් දුන්නත් මොකෝ. මිනිස්සු ඔය පතශවලට චන්දෙ දෙන්නේ ඕව කියවලයි. ඕම ප්‍රකාශනය දුන්නත් අන්තිමට වෙන්නේ උන් මේක කබසිනා කරලා යනඑකනේ
    :lol::lol::lol::lol::lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔය ප්‍රතිපත්තිය මොකක් දුන්නත් මොකෝ. මිනිස්සු ඔය පතශවලට චන්දෙ දෙන්නේ ඕව කියවලයි. ඕම ප්‍රකාශනය දුන්නත් අන්තිමට වෙන්නේ උන් මේක කබසිනා කරලා යනඑකනේ
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:eka nam atta ban..aduma tharamin pashe unwat kiyawanne nane..dakke nadda UNP ekek satanata awith adagena nawa mega policy gana kiywanna gihin :lol::lol::lol::lol: