වෙළෙඳපොළට තඩි බෑවට උත්තර දෙන්න කෙනෙක් නෑ.
වාමාංශික ව්‍යාපාර උදේ හවා වෙළෙඳපොළට බැන්නට උත්තර දෙන්න කියලා බලය ලත් කෙනෙක් වෙළෙඳපොළ පාර්ශ්වයෙන් නැති නිසා ඔවුන්ට නිසි පිලිතුරු නොලැබී යෑම මත වෙළෙඳපොළ ගැන ඔවුන් පතුරන අනිසි බිය ජනතාව අතරට යනවා. ඉන් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු වෙළෙඳපොළ ගැන හදා ගන්නා වැරදි අවබෝධය මත ඔවුන්ටම වෙළෙඳපොළ හසුරුවා ගැනීමට සහ ඉන් ප්‍රතිලාභ දිනා ගැනීමට නොහැකි වීම.
මේ අවුරුද්දේ කැවිලි ගණන් ගිය එක වෙළෙඳපොළේ වැරැද්දක් ලෙස ඔවුන් හුවා දක්වනවා. ඒත් ඒක එහෙම නෑ. මිළ ඉහළ යෑම වෙළෙඳපොළේ අවුලක් නෙවෙයි. ඒක රාජ්‍ය පරිපාලනයේ අවුලක්. අපි උදාහරණයක් අරගෙන බලමු.
කැවිලි හදන්න ගන්න මූලික අමුද්‍රව්‍ය දෙක තමයි පිටියි පැණියි. අපි හිතමු 2019 ලංකාවට කැවිලි හදන්න පැණි බෝතල් 1000 ක් ගියා කියලා. ආසන්නව 2023 ත් අපිට ගියේ ඒ ප්‍රමාණයම කියලා උපකල්පනය කරමු. පැණි බෝතල් 1000 පැණිම තමයි මොන අවුරුද්දේත්. හැබැයි මේ කාලය තුල රටේ මුදල් අච්චු ගැසීම් සීග්‍රයෙන් උනා. එවිට මුදල් ප්‍රමාණය වැඩි උනාට පැණි නිශ්පාදනය වැඩි උනේ නෑ. ඒ නිසා එක පැණි බෝතලයක මුදල් වටිනාකම ඉහළ යනවා.
පාං පිටි එන්නේ රටින්. ඩොලර් එකේ මිළ ඉහල ගියාම පිටි මිළ වැඩි වෙනවා. ඒ වගේම ලෝක අර්බුද තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළ තුලත් පිටි මිළ ඉහළ ගියා. ඔය කරුණු නිසා පිටි මිළත් ඉහළ ගියේ වෙළෙඳපොළ තුල අවුලකින් නෙවෙයි.
ඒ වගේම තෙල් මිළ ඉහළ ගියා. තෙල් මිළේ ඉහළ යෑම සමස්ථ ආර්ථිකයට බලපානවා, කරන්ට් බිල, සහ ප්‍රවහන වියදම නිසා. ඒවා සියළුම යෙදවුම් වලට දැනෙනවා. මේ එක්කම ශ්‍රමයට කරන ගෙවීමත් ඉහළ යනවා. මේ ආකාරයට සමස්ථ ක්‍රියාවලිය තුල නිශ්පාදන වියදම් ඉහළ යනවා. එහි ප්‍රතිඵලය තමයි කැවිලි වල මිළ ඉහළ යන එක.
පැණි හදපු තැන ඉඳලා කැවිලි වෙලා ගෙදරට එනකං සමස්ථ සැපයුම් ජාලය තුල වෙළෙඳපොළ ව්‍යාපාර සිය ගණනක් ඉන්නවා. ඒ සියල්ල සම්බන්ධීකරණය වෙලා ක්‍රියාත්මක වීමෙන් තමයි අවසන් නිශ්පාදනය මේසෙට එන්නේ. මේවා අතරේ කාටවත් මොනොපොලි නෑ. කුඩා කුඩා වෙළෙඳපොළ සැපයුම් කරුවෝ. ඒ අය ක්‍රියාත්මක වෙන්නේ අධික තරඟකාරීත්වය මත අවම ලාභයක් තියා ගෙන. මින් කෙනෙකුට අධික ලාභයක් ලබා ගන්න හැකියාවක් ඒ තුල ලැබෙන්නේ නෑ. ඒ කුඩා ලාභය තමයි ඔවුන් මේ නිශ්පාදනය මේසෙට එනකං ගේන උත්තේජනය වෙන්නේ.
දැන් මේක ඇතුලේ එකිනෙකා පාලනය වෙන්නේ වෙළෙඳපොළ සාධක මත මිසක් රජයෙන් දාපු නීතියක් නිසා නෙවෙයි.
මුදල් අච්චු ගැසීම, අධික පොළිය, අධික බදු බර එක්ක උද්ධමනය ඉහළ ගිහින් තියෙන එකට, ලෝක අර්බුද වලට වෙළෙඳපොළට කරන්න දෙයක් නෑ. ඒ සාධක මත මිළ තීරණය වෙනවා. මේ සාධක පාලනය කිරීමයි රජයෙන් කළ යුත්තේ. එසේ නොවී මිළ පාලනය කිරීමක් කරන්න බෑ.
මේ වෙළෙඳපොළ ආර්ථිකයක තත්ත්වය තේරුම් නොගෙන ඔබ මිළට බැන බැන සිටීමෙන් පලක් වෙන්නේ නෑ. පැණි ගන්න යනකොට ඒ වෙළෙන්දටත්, පිටි ගන්න යනකොට කඩේ මුදලාලිටත් බැනලා වෛර කරලා තේරුමක් නෑ. ඒ විශාල සැපයුම් ජාලයක පොඩි පුරුක් විතරයි. ඒ සමස්ථ ක්‍රියාවලිය පාලනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නෑ. රජයට වත්. රජයක් කළ යුත්තේ ඒ වෙළෙඳපොළ සාධක දැඩි වෙනස් වීම් වලට යා නොදී නියාමනය කර ගැනීම පමණයි.
ඒ නිසා වෙළෙඳපොළ ගැන බොරු බිල්ලෝ මවන අයට රැවටෙන්න එපා. ඔවුන්ට ඒ ගැන අදහසක් නෑ. හුදෙක් ඔබේ හිතේ ඔබේ මේසයට කෑම බීම එවන සැපයුම් ජාලයට වෛරය ඇති කිරීමක් පමණයි ඔවුන් කරන්නේ.
වෙළෙඳපොළ කියන්නේ ලක්ෂ සංඛ්‍යාවක් මිනිස්සු එකතු වෙලා හදන සම්පත් බෙදා ගන්නා යාන්ත්‍රණය. ඒකට බැනලා ඒක රජයේ පාලනයට යටත් කිරීම කරන්න බැරි දෙයක්. ඒක ඉබේ පාලනය වෙනවා. හැබැයි රජයකට තියෙන්නේ අවම කාර්යභාරයක් එහි සාධක නියාමනය කරන්න. ඒ වගකීම ඉටු නොකරන රජයක් නිර්මාණය කරලා, වෙළෙඳපොළට බැනීම මුව හමට තැලීම වගේ තමයි.
වෙළෙඳපොළට බැන්නට උත්තර දෙන්න නියෝජිතයෙක් නෑ. මොකද වෙළෙඳපොළ කියන්නේ හැමෝගෙම පොදු අවකාශයක් මිසක් කාගෙවත් පාලනයේ තියෙන එකක් නෙවෙයි. පොල් පැණි හදන මාමට, කැවුම් හදන නැන්දට වෛර නොකර රස කැවිළි රස විඳින්න.
ජය!
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්