චතුරාර්ය සත්‍යය
නවකථා පොතක් කියවන්නකුට වෙහෙසක් නැති ව අර්ථයත් කථා රසයත් ලැබෙන සේ ලෙහෙසියෙන් අර්ථය හා ධර්ම රසය ලැබෙන හැටියට ගැඹුරු ධර්මයන් පිළිබඳ පොත් සම්පාදනය නො කළ හැකිය. එබැවින් කථිකයන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින් ම ගැඹුරු ධර්මයන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නො වී, ධර්මය අවබෝධ කර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතුය. චතුරාර්‍ය්‍ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකථා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නො දමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතුය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතුය. එසේ කළ හොත් සියල්ල දත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත හැකිවනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝ ම උත්සාහ කරත්වා.
රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිත ''චතුරාර්‍ය්‍ය සත්‍යය''
https://pitaka.lk/books/rc/Chathurarya_Sathya.htm