චතුරිකාගේ_තාත්තා
චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා'
“ දුලාංජලී මට හැම තිස්සෙම කතා කර කර කියන්නෙ නංගි තාත්තා පරිස්සම් කර ගන්න කියලා“ දුලාංජලී ප්‍රේමදාසගේ උපදෙස් මත චතුරිකා සිරිසේන සිය ‘ජනාධිපති තාත්තාගේ‘ ජීවිතය ආරක්ෂා කර ගන්නට ඇත. ආරක්ෂා කර ගනිමින් සිටිනවා ද ඇත.
චතුරිකා සිරිසේනගේ ‘ජනාධිපති තාත්තා‘ එකී ‘ජනාධිපති‘ ධූරයට පත් වූයේ රාජපක්ෂ දශකයේ සිදුවූ සාහසික ඝාතන, අතුරුදහන් කිරීම් සහ කෝටි ප්‍රකෝටි ගණනින් වූ මහා පරිමාණ දූෂන, වංචා වලට එරෙහිව උපරිම දඬුවම් පමුණුවන බවට දස අතේ ශපථ කරමිනි. හැට දෙලක්ෂයක් ජනතාව ඔහුට ඡන්දය දුන්නේ එකී අපරාධවලට කිසිම සමාවක් නොලැබෙනු ඇතැයි වූ අචල විශ්වාසයෙනි.
චතුරිකා සිරිසේන තමන් විසින් රචනා කළේ යැයි කියන ‘ජනාධිපති තාත්තා‘ කෘතිය එළිදැක්වීමේ දී දුලාංජලී ප්‍රේමදාස පමණක් නොව, දුලාංජලීගේ තාත්තාගේ නියෝගයෙන් පණ පිටින් පුළුස්සා මරා දමන ලද රෝහණ විජේවීරගේ දියණියද කැඳවා ගෙන තිබිණි. අහෝ ඛේදයකි..! (ආරාධනා කළද හොඳ වේලාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක දියණිය මේ බහුබූතයට සහභාවී වූයේ නැත.)
චතුරිකා සිරිසේන සිය සැමියාගේ හෝ වෙනත් අයෙකුගේ හෝ දැන්වීම් ප්‍රචාරණ උපක්‍රම වලට අනුව බොහෝ හැඟුම්බරව රංගනයක නිරත වෙමින් දුලාංජලීට සිය පියා අහිමි විමත්, ඊෂා විජේවීරට සිය පියා අහිවීමත් ගැන ශෝකාකූල ලීලාවක් මවාගෙන කතා කළාය. එහෙත් චතුරිකා සිරිසේනගේ ‘ජනාධිපති තාත්තාට‘ අමතකව ඇති දහස් ගණනක් වූ දියණිවරුන්ට සිය පියවරුන් අහිමි කළ අපරාධ චතුරිකා සිරිසේනට ද අමතක වී තිබේ. චතුරිකාට වැදගත් වී ඇත්තේ සිංහල දේශපාලන නායකයන්ගේ දියණිවරුන් ගැන පමණි.
දුලාංජලීගේ තාත්තාගේ ආණ්ඩුවෙන් බෙලි කපා, කෝටු වල ගසා, ගං ඉවුරු වල, බෝක්කු උඩ, ටයර් සෑය මත ඝාතනය කළ දහස් ගණනක් පියවරුන් ගැන චතුරිකාට වගේ වගක් නැත. ඊෂාගේ තාත්තා ගේ පුංචි ආණ්ඩුව විසින් දුන් කොළ කෑල්ලේ නියෝග කැඩුවා කියා මරා දැමූ බස් රියැදුරන්ද, පෙට්ටි කඩ කාරයාද, වාමාංශිකයන්ද, කලාකරුවන්ද ඇතුළු දහස් ගණනක් පියවරුන් ගැන චතුරිකාට වගේ වගක් නැත.
චතුරිකාගේ තාත්තා වසර 10 ක් තිස්සේම ගත කළ රාජපක්ෂ ආණ්ඩුව විසින් සාහසික ලෙස ඝාතනය කළ තවත් පියවරු සිය ගණනකගේ දියණියන් ගැනද චතුරිකාට අමතක වී තිබේ. එකී පියවරුන්ගේ ඝාතන ගැන සොයා බලා දඬුවම් කරන වගට ශපථ කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ‘ජනාධිපති තාත්තා‘ වූ පසු ‘රණවිරු‘ මන්තරය ජප කර සියල්ල කුණු කූඩයට විසිකර දැමීමේ වුවමනාව ගැන චතුරිකාට වගේ වගක් නැත.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුව සම්බන්ධව චතුරිකා සිරිසේනගේ ‘ජනාධිපති තාත්තා‘ ප්‍රකාශ කෙළේ කුමක්ද? “කවුරුත් දන්නා නඩුවකට රණවිරුවෝ මාස ගණනාවක් තිස්සේ රඳවා ගෙන ඉන්නවා. මට දැනුම් දෙන්නෙවත් නැතිව රණවිරුවෝ උසාවි වලට දක්කාගෙන යනවා“ යනුවෙනි.
ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් කිරීම ගැන සිය දරු දෙදෙනා කැටිව, වැලහින්නක සේ වසර 8 ක් තිස්සේ උසාවි ගානේ ඇවිද යන සන්ධ්‍යා එක්නැලිගොඩ විඳින වද වේදනා ගැන වගේ වගක් නැති චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා‘ ජනාධිපති අපේක්ෂකයා ලෙස නැගුනු සෑම වේදිකාවක දීම කී වාරයක් නම් ප්‍රගීත්ලාගේ නම් පට්ට ගැසුවේ ද?
ප්‍රගීත් පැහැර ගැනීමට ලක්කර, ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගිය හමුදා සෙබලුන් ගැනත්, එහිදී ප්‍රගීත් බාර ගත් හමුදා නිලධාරීන් ගැනත් සියළු සාක්ෂි සම්පිණ්ඩනය වී තිබියදීත්, ඔවුන්ගේ ඇඹේනියන්ගේ කඳුළු ගැන හද කකියවන චතුරිකාගේ ‘ජනාධිපති තාත්තාට‘ සන්ධ්‍යා එක්නැලිගොඩගේ සහ අසරණ වූ දරු දෙදෙනාගේ කඳුළු ගැන වගේ වගක් නැත.
වසර 8 ක් තිස්සේ උසාවි ගානේ ඇවිද යන සන්ධ්‍යා එක්නැලිගොඩට නිදහසේ උසාවියකට ගොස් එන්නටවත් ඉඩ නොදෙන කහ රෙද්දක් පොරවා ගෙන සිටින ගලගොඩ අත්තේ ඥානසාර නමැති උන්මත්තකයා ඇතුළු අනෙකුත් උන්මත්තකයන් පිරිසට ‘මහා සංඝ රත්නය‘ නමැති ලේබලය යටතේ ‘ජනාධිපති තාත්තාගේ‘ උපදේශකයන්ගේ රැකවරණය ලැබී ඇත. එසේ වන්නේ ඇයිද යන්න ගැන සොයා බැලීමට චතුරිකාගේ ‘ජනාධිපති තාත්තාට‘ කවර හෝ වුවමනාවක් ඇති බව පෙනෙන්නට නැත. එහෙත් ‘රණවිරු‘ ලේබලය යටතේ මිනීමරුවන් රැකීමටත්, ‘මහා සංඝ රත්නය‘ ලේබලය යටතේ බුදු දහමට නිගා දෙමින් කහ රෙදි පොරවාගෙන සිටින පාදඩයන් රැකීමටත් උන්ට උඩ ගෙඩි දිමටත් පපුවට ගසා ගන්නා කතා පවත්වන්නේ ද චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා‘ මිස අන් අයෙකු නොවේ.
ප්‍රගීත් එක්නැලිගොඩ පමණක් නොව, ලසන්ත වික්‍රමතුංග, සම්පත් ලක්මාල්, තාජුඩීන්, උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන්, තවත් සිවිල් පුරවැසියන්, වැලිකඩ බන්ධනාගාරයේදී නම් අඬ ගසා ඝාතනය කළ රැඳවියන් ඇතුළු සිය දහස් ගණනක් සාහසික ඝාතන ‘රණවිරු‘ ලේබලය යටතේ යට ගැසී ඇති තත්ත්වය පිරික්සා එසේ වී ඇත්තේ ඇයිද යන්න සොයා බැලීමට චතුරිකා සිරිසේනගේ ‘ජනාධිපති තාත්තාට‘ වගේ වගක් නැත්තේ ඇයිද කියා ‘ජනාධිපති තාත්තා‘ ගැන පම්පෝරි ගසන චතුරිකා සිරිසේන රටට පැහැදිලි කළ යුතුය.
දුලාංජලීගේ තාත්තා ගැනත්, ඊෂා විජේවීරගේ තාත්තා ගැනත් කඳුළු සලන චතුරිකා සිරිසේනට ඉහත සඳහන් ඝාතනයට ලක් වූ අනේක පියවරුන්ගේ දියණියන් ගැන මව් වරුන්ගේ සැමියන් සහ පුතුන් ගැනත් අංශු මාත්‍රයක වගේ වගක් නැත්තේ තමන් ඒ කුලකයට අයත් නොවන ජනාධිපතිවරයෙකුගේ දියණියක් වූ නිසා විය හැකිය.
යමක් කමක් ලියා ගන්නට හැකි මහින්ද ඉලේපෙරුම විසින් ‘කුරහන් සාටකය‘ ලීවා සේ මෙතෙක් කවර හෝ පත් ඉරුවක වාක්‍ය ඛන්ඩ කිහිපයක සටහනක් ලියා නොතිබුණු චතුරිකා සිරිසේන හදිසියේම මහා ලේඛිකාවක් වූයේ ඉදිරියේ ගැසීමට නියමිත ලොකු අඩව්වක පෙර නිමිත්තක් ලෙස විය යුතුය.
අවසාන වශයෙන් එක දෙයක් ලියා තැබිය යුතුය. ලෝකයේ ජනාධිපතිවරු තම ජීවිත කතා ලියවා ඇත්තේ ජනාධිපති කම් කිරීමෙන් පසුව මිස ජනාධිපති කම් කරද්දී නොවේ. ඒද ඊට සරිලන වියපත් තැන්පත් ගරු කටයුතු ලේඛකයන් ලවා මිස තමන් විසින්ම ජාතක කර කවා පොවා ඇති දැඩි කළ දරුවන් ලවා නොවේ. මේවා ලෝකයා හිනස්සන හතර මර විහිළුය.
-පෝද්දල ජයන්ත විසිනි-
source
සිරාවටම අහන්නේ මචන් පෝද්දල ජයන්ත කියන්නේ එච්චරටම අප්සෙට් පොරක්ද ?
මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි
මේ තියෙන්නේ පෝද්දල ජයන්ත තමන්ට වද දුන් ආකාරය විස්තර කරපු හැටි
"ඇසිල්ලකින් මා ඇතුළට ඇදගෙන දොර වසාදැමූ නාඳුනන මැරයෝ, මා බිම පෙරළාගෙන පණ නැති වන තුරු ලවක් දෙවක් නැතිව පහර දුන්හ. මුහුණට-හිසට-පපුවට-බඩට-යටිබඩට හෙණ පහර සේ පහරවල් සිය ගණනක්. මට මතක හැටියට ඒ ජංගම වධකාගාරයේ මැද අසුනක් තිබුණේ නැත. මා දෑත් දෙඇස් බැඳ පෙරළාගැනුණේ ඒ ඉඩෙහි ය. කිසිදු පුද්ගලික කෝන්තරයක් නොතිබූ මිනිසෙකුට එතරම් කුරිරු අන්දමින් සැලකීමට ඒ මිනිසුන්ට ලැබී තිබුණු පුහුණුව පුදුම සහගතය. ඔවුහු මගේ රැවුළ හා කොණ්ඩය කපා මුව තුළට එබූහ, දෑත්වල ඇඟිලි තැලූහ, අත් අඹරවා දැමූහ. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, කකුල ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ."
පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.
එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .
මම කාටවත් කඩේයනවා නෙවෙයි මගේ මතය ඉදිරිපත් කළා විතරයි

පෝද්දල ජයන්ත විසිනි.......
ලොල් හැත්තෑවයි........
depression වගේ
පොද්දල ජයන්ත් කියනේ ගූ හේරෙක් බන්..
NGO කාක්කෙක්.. එක්නැලිගොඩලා ජයන්තලට ඇත්තටම ඒ කාලේ කොටින්ටකඩේ යනව ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නෑ.
මේ පාර මොකාගේ රෙද්දපල්ලේ ලැගගෙන ඉන්නවද දන්නේ නෑ...
ඕකා ප්‍රභාට වඩා අන්ත තුප්පහියෙක්....

Last edited:
depression වගේ