උඹට හිතුන හිතුන සීට් දීලා හරියන්නේ නෑ. හාමුදුරුවෝ බස් එක නවත්තපුගමන් පිටවීමේ දොරෙන් ඇතුල්වෙලා ජෙට් එක වගේ වඩින්නේ ඉස්සරහා සීට් එකට. (දොර දෙකේ බස්වල) එතනටම වාඩිවෙන්න හේතුව තමයි බහිනකොට සෙනග අස්සේ තෙරපෙන්නේ නැතිව පහසුවෙන් බැහැගන්න පුළුවන් වීම හා ඒ අය සඳහා විශේෂයෙන් වෙන්කරතිබීම.
සෙනග නෑ අරක නෑ මේක නෑ කතා නෑ. උඹ අල්ලපු ගෙදර මිනිස්සු නෑ කියලා එහේ ගිහිං නිදාගන්නේ නෑ වගේ සාමාන්‍යයෙන් ගමකන් යන මිනිහෙක් සීට් එකක් නැතිම වුනොත් තමයි ඔය සීට් එකේ වාඩිවෙන්නේ. මොකද දුර ගමකන් යනකොට හරි හාමුදුරුකෙනෙක් නැග්ගොත් හිටහෙන තමයි ඉතින්.
සීට් තුනේ කතා මම දන්නේ නෑ සාමාන්‍යයෙන් හාමුදුරුවොත් එක්ක සම අසුනේ කොහොමත් ගෑනු අය වාඩිවෙන්නේ නෑ.
ලිංගික කරුණු වලට බාල මහලු කතා නෑ, වෙන එකක් තියා මේකේ පැස්බරෙක් දැකලත් ඉජැකුලේට් වෙච්ච කුකුලෙක් හිටියා![]()
දැන් උබ කියන එකට ස්ත්‍රී පුරුශ කියලත් නෑනෙ එතකොට,එතකොට පිරිමි අයටත් යන්න හොද නෑ,හාමුදුරුවන්ට විතරක් නෙමෙයි අනික් ආගම් වල (කතෝලික වගේ) පුජකයොත් විරුද්ද ලින්ගිකයෙක් එක්ක සම අසුනෙ ඉද ගන්නෙ නැහැ.එතකොට එහෙම බැලුවොත් ඒ අයට වෙනම අයිසො ලේටට් කරපු සීට් දෙන්න වෙනවා.





