ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.
අපෙ සර් සාමන්‍යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.
“ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”
මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.
මෙහෙම කිව්වෙ මාතර අනිල් හෙට්ටිගේ..
ඒ වෙලාවෙ මමත් සර්ගේ ක්ලාස් එකේ හිටියෙ..මට හිතෙන්නේ 2003 දි විතර..