චන්දන මෙන්ඩිස් සහ ෂර්ලොක් හෝම්ස් මහතා

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    චන්දන මෙන්ඩිස් සහ ෂර්ලොක් හෝම්ස් මහතා

    චන්දන මෙන්ඩිස් මහත්මයා ෂර්ලොක් හෝම්ස් කතා මුල්වරට පරිවර්තනය කරන්නේ 90' දශකය වගේ කාලේදී.ඊට කලින් මේ කතා පරිවර්තනය කරපු අය නොහිටියා නෙමෙයි.නමුත් මේ තරම් සාර්ථකව ෂර්ලොක් හෝම්ස් ව ඉදිරියට අරන් යන්න කිසිම පරිවර්තකයෙකුට පුළුවන් උනේ නෑ.මොකද ඒකට දක්ෂතාවය වගේම වෙළදපොල ගැන යම් දැනුමකුත් තියෙන්න ඕනේ නිසා.ඒ වගේම පොත් වලට නාමකරණය කියන කාරණාව ගොඩක් වැදගත්.පාඨකයව ඇද බැද ගන්න විදිහේ නමක් තිබුනේ නැතිනම් ඒ පොතේ අලෙවිය අඩු වෙන්න පුළුවන්.චන්දන මෙන්ඩිස් මහත්මයා එක බොහොම සාර්ථකව කරල තියෙනව කිව්වොත් නිවැරදියි.සුනඛ ශාපය,මහා රෑ ආ මාරයා,ලේ සලකුණ,අන්තරායක අඩවියක,මළගිය ඇත්තෝ සාක්කි දෙති,බිහිසුණු නිම්නය මේ නාමකරණය ගැන ඕනවටත් වඩා උදාහරණ සපයනවා.ඊටත් අමතරව කරන පරිවර්තනය කියවන්නාට පහසු විදිහට කරන එක හැමෝටම කරන්න පුළුවන් දේකුත් නෙමයි නේ.ඒ වගේම බන්දුල හරිශ්චන්ද්‍ර මහත්මයගේ චිත්‍ර මේ පොත් මිලදී ගැනීමේදී යම් පෙලබවීමක් ඇති කළා කිව්වොත් හරියටම හරි.
    ආතර් කොනන් ඩොයිල් මහත්මයා ෂර්ලොක් හෝම්ස් ව නිර්මාණය කරන්නේ 1887 අවුරුද්දෙදි.ඒ මුල්ම කතාව උනේ A Study in Scarletඑහෙමත් නැතිනම් ' ලෝහිත පරීක්ෂණය ' කියන කතාව.ෂර්ලොක් හෝම්ස් සමස්ත කතා ප්‍රමාණය 60ක්.එතනින් කතා 4ක් දීර්ග කතා.අනිත් 56කෙටි කතා.මේ කතා පිළිබද විස්තරේ පහලින් තියෙනව ඕනේ කෙනෙක් ඉන්නවා නම් බලන්න.

    sherlock-holmes-statue.jpg


    ෂර්ලොක් හෝම්ස් දිර්ග කතා 04

    01.ලෝහිත පරීක්ෂණය
    02.සිව් රහස් සලකුණ
    03.සුනඛ ශාපය
    04.බිහිසුණු නිම්නය

    ෂර්ලොක් හෝම්ස් කෙටි කතා 56 පොත් 5ක ඇතුලත් උනා

    01.ෂර්ලොක් හෝම්ස් වික්‍රමයන්
    02.ෂර්ලොක් හෝම්ස් මතක සටහන්
    03.ෂර්ලොක් හෝම්ස් ආපසු එයි
    04.ඔබෙන් සමුගනිමි
    05.ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ සටහන් පොත

    මෙතනදි විශේෂයෙන් යමක් කියන්න තියෙනවා මේ පොත් පහ තුල අන්තර්ගත කතා පනස්හය චන්දන මෙන්ඩිස් මහත්මය පොත් අටක හෝ නමයක වගේ ඇතුලත් කරල තියෙනවා.
    දැන් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා චන්දන මෙන්ඩිස් මහත්මයා ප්‍රධාන කතා හැටම පරිවර්තනය කරල ඉවර වෙලා තිබියදීත් තව කතා පරිවර්තනය කරනවනේ කියන එක.ඔව් එක ඇත්ත.මටත් මේක මුල් දවස් වලදී ප්‍රශ්නයක් තමයි.නමුත් අනිත් අය හිතන ප්‍රමාණයට එහායින් ගිහින් මම මේ ගැන හොයල බැලුව.

    maxresdefault.jpg


    කතාව මෙහෙමයි.කෙනෙක් මිය ගියහම එයාට අයිති දේපල එයා ගේ පවුලේ උදවියට හෝ ලගම ඥාතීන්ට අයිති වෙනව.සාමන්යෙන් පොතක් නම් අවුරුදු හැත්තෑවක් යනකම් ඒ පවුලේ අයට අයිතියි.ඒ කියන්නේ ඒ පොතෙන් එන ආදායම අවුරුදු හැත්තෑවක් යනකම් පවුලේ උදවියට ලබා ගන්න පුළුවන්.ඒ පොත වගේම පොතේ චරිත වලටත් ඒක එක සේ අදාලයි.දැන් එතකොට මේ ආතර් කොනන් ඩොයිල් මහත්මය මිය ගියේ කොයි කාලේද ? හරියටම 1930 ජූලි හත් වෙනිද.ඒ කියන්නේ දැන් ආතර් කොනන් ඩොයිල් මහත්මයා මියගිහින් අවුරුදු අසූ හතරක් 84 විතර වෙනවා.එතකොට 2000 අවුරුද්ද විතර වෙනකොට ඒ දේපල ජනසතු වෙනව කියන එක පැහදිලියි නේ.ඔන්න එතකොට ලෝකේ පුරාම ඉන්න ඉංග්‍රීසි ලේඛකයෝ ෂර්ලොක් හෝම්ස් ව යොදාගෙන කතා ලියන්න පටන් ගන්නව.ඒක හැබැයි නිකන් ම කරනව වෙන්නත් බෑ.ආතර් කොනන් ඩොයිලි පදනමෙන් අවසර අරන් කරනව ඇති ගොඩක් වෙලාවට.ඒ විදිහට ලෝකේ පුරාම නිර්මාණය උන ෂර්ලොක් හෝම්ස් අලුත් කතා ප්‍රමාණය දස දහස් ගණනක්.එත් මේ සම්බන්දයෙන් ලංකාවේ ගොඩ දෙනෙක් ගේ දැනුම අඩුයි.හැමෝම කියන කතාවක් තමා චන්දන මෙන්ඩිස් මහත්මයා ෂර්ලොක් හෝම්ස් කතා අලුතෙන් ලියනව කියන එක.ඒක ඕනෙම මෝඩයෙකුට තේරෙනවනෙ.මොකද පොතේ කෙලින්ම අසංක්ෂිප්ත පරිවර්තනය කියල ගහලම තියෙනවනේ.ඒ වගේම " මේ පොතේ අන්තර්ගත වන්නේ පහත දැක්වෙන කතාවල සිංහල අනුවාදයයි "කියල ඉංග්‍රීසි කතා ටික දාලම තියෙනවනේ.එත් එක දෙයක් අපැහැදිලියි ඒ තමා මේ කතා වල කතුවරුන් කවුද කියන එක.චන්දන මෙන්ඩිස් මහත්මයා ඒ කතුවරුන්ව දක්වන්නේ නෑ.බාගවෙලාවට ඒකෙන් තමන්ගේ පාඨක පිරිසට වැරදි වැටහීමක් එයි කියල බයකුත් ඇති.ඒ කොහොම වෙතත් අන්තර්ජාලය පාවිච්චි කරල ඒ කතා වල කතුවරු කවුද කියන එක හොයා ගන්නත් අමාරු වෙන එකක් නෑ.

    මේ විදිහේ කතා පටන් ගන්නේ මොන පොතෙන්ද ?
    ඒකත් වැදගත් ප්‍රශ්නයක්.ආතර් කොනන් ඩොයිලි මහත්මයාගේ The Return of Sherlock Holmes කියන කතාවේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ සිංහල පරිවර්තනය ෂර්ලොක් හෝම්ස් ආපසු එයි කියන පොත නෙමයි.මේ The Return of Sherlock Holmes කියන පොතේ අඩංගු කතා ඇතුලත් සිංහල පොත තමයි ' මහ රෑආ මාරයා ' කියන පොත.The Adventure of Empty House එහෙමත් නැත්නම් ' අතිදක්ෂ යක්ෂයා ' කියන කතාවෙන් නේ ෂර්ලොක් හෝම්ස් ආපසු එන්නේ.ඒ මහාචාර්ය මොරියාටිත් එක්ක රයිෂන්බාග් දිය ඇල්ල අසල මාරක පොරයෙන් පස්සේ.එතකොට මොකක්ද මේ ' ආපසු එයි ' කියන්නේ.ඒ පොත තමා චන්දන මෙන්ඩිස් මහත්මයා අවසාන වතාවට පරිවර්තනය කරපු ඩොයිලි මහත්මය ලියපු අවසාන ෂර්ලොක් හෝම්ස් කතාව වෙච්ච His Last Bow ' ඔබෙන් සමුගනිමි ' කතාවට පස්සේ චන්දන මෙන්ඩිස් මහත්මයා කරපු අර වෙනත් කතුවරයෙකුගේ පරිවර්තනය.තේරුනේ නැත්නම් ආයේ දෙතුන් වතාවක් කියවල බලන්න.සරලව කිවොත් ලංකාවේදී ඔබෙන් සමුගනිමි කියන පොතෙන් පස්සේ ආපු අලුත් පොත.මේ පොතේ තියෙන කතා වලින් කිසිම එකක් ඩොයිලි මහත්මය ලියලා නෑ.ඒ හැම එකක් ම ලියල තියෙන්නේ අර 2000 අවුරුදෙන් පස්සේ ආපු අලුත් ලේඛකයෝ විසින්.

    මේ විදිහට ආපු පොත් ප්‍රමාණය කොච්චරක් ද ? ඒ මොනවද ?
    ඒ ගැන වැඩිපුර කිව්වොත් එහෙම චන්දන මෙන්ඩිස් මහත්මයා ලියපු ' ෂර්ලොක් හෝම්ස ආපසු එයි ' කියන කතාවෙ ඉදන් මේ මෑතකදී ආපු 'අද්භූත ආගන්තුකයා ' කතාව දක්වා ප්‍රමාණය මේ කතා ගොන්නට අයත්.
    චන්දන මෙන්ඩිස් මහත්මයා පසුව පරිවර්තනය කරපු ' අභිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ නෞකාව ' කියන පොතේ තියෙන ' අභිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස් ' කියන කතාවෙ ඇතුලත් වෙන්නේ ආර්.එල්.ස්ටීවන්සන් කියන ලේඛකයා ලියපු ' Strange Case of Dr.Jekyll and Mr.Hyde ' කියන කතාවමයි නේද ?
    මෙහෙමයි ලෝකේ පුරාවටම ඉන්නවනේ විවිධ ජාතියේ ලේඛකයෝ.ඒ අතරින් ' සංචාරක ලේඛකයෝ ' කියල කොටසකුත් ඉන්නවා.අන්න ඒ විදිහේ සංචාරක ලේඛකයෙක් වෙච්ච ආර්.එල්.ස්ටීවන්සන් එහෙමත් නැත්නම් රොබට් ලුවිස් ස්ටීවන්සන් කියන ලේඛකයා 1886 ජනවාරි 05වෙනිදා එළිදක්වනවා මහා අමුතුම විදිහේ කතාවක්.මේක විද්‍යා ප්‍රබන්ද නවකතාවක් කියල කියන්න පුළුවන්.ඒ වගේම විද්‍යාව කියන සාධකය මුල් කරගෙන මනුස්සයෙක් මුල්ම වතාවට දෙකට බෙදපු අවස්ථාවත් මේක.මිනිහෙකුගේ ජිවිතයේ ප්‍රදානම අවස්ථා දෙක.එනම් තරහ ගිය අවස්ථාවයි හොද අවස්ථාවයි අරගෙන එක වෙන වෙනම දක්වල කරපු දෙයක්.එහෙමත් නැත්නම් මෙහෙම කියමුකෝ.ඕනෙම මිනිහෙකුගේ ඇග ඇතුලේ හොද මිනිහෙක් වගේම නරක මිනිහෙකුත් ඉන්නව කියන දේ ඉතාමත විශිෂ්ටතම ආකාරයට මතු කරපු අවස්තාව මේක.ඒ කතාවේ ප්‍රධාන චරිත හතරයි.ඒ නීතිඥ අටර්සන්,දොස්තර ජෙකීල්,දොස්තර ලැන්යන් සහ හයිඩ්.හයිඩ් කියන්නේ ජෙකීල්ගේ නරක පැත්ත.මේ කතාව ඇතුලට තමයි ඉතාමත් සියුම් විදිහට ෂර්ලොක් හෝම්ස් ව ඇතුලත් කරල තියෙන්නේ.ඒකනම් ඇත්තෙන්ම විශිෂ්ට ඒ වගේම සූක්ෂම නිර්මාණයක්.අන්න ඒ කතාවට තමයි ' අභිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස් ' කියල කියන්නේ.

    හොදයි එතකොට ලෝකේ පුරාවට තවත් මේ වගේ කතා ඕනේ තරම් හොයා ගන්න පුලුවන්ද ?
    ඔව්.අනිවාර්යෙන්ම.Shadowfall , Sherlock Holmes & Irish Rubells කියන්නෙත් ඒ වගේ කතා වලින් කීපයක්.මේ වගේ පොත් ගැන විස්තර තියෙන facebook පිටුවට මෙතනින් ගිහින් බලන්න.
    ප/ලි : ෂර්ලොක් හෝම්ස් සම්බන්දයෙන් මේ මෑතකදී ආපු හොදම නිර්මාණ තමා රොබට් ඩවුනි සමග ජූඩ් ලෝ චරිත මවන ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට දෙක සහ බි.බී.සී. යේ විකාශය වන ෂර්ලොක් ටෙලි නාට්‍ය.ඒවත් හොයාගෙන බලන්න.​

    Notice : තුවක්කුව බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදි.
    මුල් ලිපියේ අයිතිය දිලීප ගොඩගේ සතු වේ.
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබට හිතෙන්නේ නැද්ද අන්තිමටම වගේ ආපු sherlok හෝම්ස් ගේ පොත් වල චන්දන මෙන්ඩිස් අතින් දාපුවත් තියෙනවා කියලා
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    උබට හිතෙන්නේ නැද්ද අන්තිමටම වගේ ආපු sherlok හෝම්ස් ගේ පොත් වල චන්දන මෙන්ඩිස් අතින් දාපුවත් තියෙනවා කියලා
    ow neda bn...
    hebai meke thiyena widihata trancelation ewa...
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    උබට හිතෙන්නේ නැද්ද අන්තිමටම වගේ ආපු sherlok හෝම්ස් ගේ පොත් වල චන්දන මෙන්ඩිස් අතින් දාපුවත් තියෙනවා කියලා

    :yes::yes::yes::yes::yes: