චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මං මහින්දට චන්දෙ දෙන කෙනෙක් හැටියට කියන්නේ
    දෙපැත්තෙම කොටින්ට සම්බන්ධ වුනු අය ඉන්නවා
    දැන් කොටි කියලා පිරිසක් නෑ රටේ

    ඒ නිසා අපි අරූ කොටියා මූ කොටියා කිය්නවට වඩා බුද්දිමත්ව හිතලා රටේ අනාගතය ගැන හිතලා චන්දෙ දෙන්න ඕනි

    මන් මහින්දට චන්දෙ දෙන්නේ මට යූ ඇන් පී එකේ ආර්තික ප්‍රතිපත්ති හරියන්නෑ
    ඒකයි

    නෑ මචං කොටි තාම ඉන්නවා. එකම වෙනස උන් අතේ ආයුධ නෑ. ඒත් කාලය එනකල් උන් බලන් ඉන්නවා. මොකද කොටි සමූලඝාතනය වුණෙ නෑනෙ.

    ඒත් ඔවුන් ආයුධ මගින් පාලනය කරන්න ඕන කියල මම කියන්නෙ නෑ. ඔවුන්ගේ මතයේ ඇති වැරැද්ද පෙන්වා දෙමින් ඔවුන් අනතුරෙන් ගලවා ගැලීමයි කළ යුත්තේ.
    මේ ළඟදි එහෙම පුනරුත්ථාපනය කළ කොටි සාමජිකයන් පිරිසක් නැවත දෙමව්පියන්ට බාර දුන්නා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජවිපෙ පමණක් නෙමෙයි
    ජවිපෙ කල මෝඩකම රනිල්ට යන රට මහින්දට භාර දුන්නු එකද?

    ඒක නෙමේ , යුද මෙහෙයුම් අවසානයක් කරා ලන්වෙද්දි සහයෝගය නොදී , වෙනම ප්‍රතිපත්තියකට යාම , මමනම් හිතන්නේ නොර්වෙන් වගේ හොද කුට්ටියක් හම්බෙන්න ඇති අයවැය පරාජය කරල දෙන්න කියල
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් මෙක මගෙ පලවෙනි ජනාදිපතිවරන චන්දය........
    හරි ශම්මි කියන්න්නෙ සටන් විරාම ගිවිසුම රට පාවා දුන්න ගිවිසුමක් නෙමෙ කියන එක ද........මොකද ගිය පාර එකෙ සටන් විරාම ගිවිසුම කියන එක මහින්ද ලගෙ ප්‍රදාන සටන් පාටයක් උනා නෙ....

    නෑහෑ..මොකද එතකොට බලයෙ හිටියෙ සන්දාන ආන්ඩුවක්....රනිලට කිසිම බලයක් නෑහෑ...සන්දාන අන්ඩුව යටතෙ ඔය කියන ගිවිසුම තිබුනා එතකොට....

    එයා කියන්නෙ අලි - කොටි ගිවිසුමක් තියනවා කියලා මුලු රටෙම කියලා කියපු එකට...හෑබයි එතකොටත් අර ගිවිසුම බලයෙ තිබුනා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ආණ්ඩුවට වඩා සහන මණ්ඩලේ වටිනවා කිව්වෙ මයිත්‍රීපාල

    චන්ද්‍රිකාගේ ගෝල බාලයෝ වෙන්න ඇති
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඒක නෙමේ , යුද මෙහෙයුම් අවසානයක් කරා ලන්වෙද්දි සහයෝගය නොදී , වෙනම ප්‍රතිපත්තියකට යාම , මමනම් හිතන්නේ නොර්වෙන් වගේ හොද කුට්ටියක් හම්බෙන්න ඇති අයවැය පරාජය කරල දෙන්න කියල

    නෑ මචන් මන් නම් දකින්නේ ජෙප්පොන්ට මහින්ද එක්ක තරහක් තියෙනවා
    උන්ට පොරොන්දු ඉටු කලේ නැති එකට
    අය වැය පරදින්න ඉඩ තිබුනු වෙලේ උන් චන්දය නොදී හිටියා
    මතකනේ අන්තිම මොහොත වෙනකන් කිව්වේ නෑ
    ආණ්ඩුවට අති බහුතරයක් තිබුනු වෙලේ උන් විරුද්ද්ව චන්දෙ දුන්නා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    එහෙම කරන්නෑ
    නමුත් මහින්ද තමන්ට උදවු කරපු අයව හලනවා

    හරි බන් සරත්ට හෑම දාම හමුදා පති වෙලා ඉන්න බෑනෙ........ එයා එයා ගෙ රාජකාරිය හරියටම රට වෙනුවෙන් කලා එච්චරය්....... මෙ යුද්දෙ කරද්දි දහස් ගානක් හමුදා සෙබලු මෑරුන නෙ.......ඈ කට්ටියගෙ ගෙවල් වල මිනිස්සු එනවද ද මෙ රටෙ වෑඩි අය්තිය් අපිට තමා තියෙන්නෙ කියල කියා ගෙන...... තම තමන් තමන් ගෙ රාජාකාරිය හරියට කරා එච්චරය්.... එත් ඈ හෑම දෙනෙක්ම අපෙ හදවත් වල ඉන්නව.......
     
    May 17, 2006
    3,632
    90
    0
    සුනාමි සහන මණ්ඩලය ගිවිසුමක් තමා. ඒක තමා ඒකෙ භයානක කම දැනගත් දේශප්‍රේමී බලවේග එය ක්‍රියාත්මක කරන්න දුන්නෙ නැත්තෙ.
    ස්වාමින් වහන්සේලා උපවාස කළා. මිනිස්සු උද්ඝෝෂණ කළා. අන්තිමට චන්ද්‍රිකාට ඒක අකුලගන්න සිද්ධ වුණා.
    මතකද ඒ දවස් වල හැමදාම පිටකොටුවෙ පාරවල් වහල. කඳුළු ගෑස්. කලට වෙලාවට ගෙදර යා ගන්නත් බැරි වුණා :D

    අන්න හරි එතකොට කියන්න ඔකට විරුද්ද උනෙ කව්ද?
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නෑ මචං කොටි තාම ඉන්නවා. එකම වෙනස උන් අතේ ආයුධ නෑ. ඒත් කාලය එනකල් උන් බලන් ඉන්නවා. මොකද කොටි සමූලඝාතනය වුණෙ නෑනෙ.

    ඒත් ඔවුන් ආයුධ මගින් පාලනය කරන්න ඕන කියල මම කියන්නෙ නෑ. ඔවුන්ගේ මතයේ ඇති වැරැද්ද පෙන්වා දෙමින් ඔවුන් අනතුරෙන් ගලවා ගැලීමයි කළ යුත්තේ.
    මේ ළඟදි එහෙම පුනරුත්ථාපනය කළ කොටි සාමජිකයන් පිරිසක් නැවත දෙමව්පියන්ට බාර දුන්නා.

    මොන බොරුද බන්
    පෙරෙදා විමල් කිව්ව ලොකුම ප්‍රශ්නය නිට්ටාවටම සුව කලා කියලා
    ඊයේ අමුණුගම කියනවා තාම යුද්දේ ඉවර නෑලු
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    නෑහෑ..මොකද එතකොට බලයෙ හිටියෙ සන්දාන ආන්ඩුවක්....රනිලට කිසිම බලයක් නෑහෑ...සන්දාන අන්ඩුව යටතෙ ඔය කියන ගිවිසුම තිබුනා එතකොට....

    එයා කියන්නෙ අලි - කොටි ගිවිසුමක් තියනවා කියලා මුලු රටෙම කියලා කියපු එකට...හෑබයි එතකොටත් අර ගිවිසුම බලයෙ තිබුනා

    රනිල්ට බලෙ නෑත්තම් කොහොමද චන්ද්‍රකා අමාත්‍යන්ශ 3 ක් පවර ගන්නෙ...... එව චන්ද්‍රකා යටතෙ තිබුනනම් අයෙත් අමුතුවෙන් පවර ගන්න දෙයක් නෑනෙ.......

    May 17, 2006
    3,632
    90
    0
    ඒක නෙමේ , යුද මෙහෙයුම් අවසානයක් කරා ලන්වෙද්දි සහයෝගය නොදී , වෙනම ප්‍රතිපත්තියකට යාම , මමනම් හිතන්නේ නොර්වෙන් වගේ හොද කුට්ටියක් හම්බෙන්න ඇති අයවැය පරාජය කරල දෙන්න කියල

    මචන් ජෙවිපි එක අය වෑයට විරුද්ද උනාද?...මට මතක නෑහෑ එකයි මෙ ඈහුවෙ
     
    mm890920

    Member
    Jul 25, 2009
    6
    2
    0
    අනේ අනිච්චං.. රටට ගිය කල....

    ඇයි හත්ඉලව්වේ.. ජන්දෙ ඇර වෙන දෙයක් ගැන කථා කරපල්ලකෝ...
    පාරට ගියත්, වලක් බැස්සත්, ground එකට ගියත්.. මොන රෙද්ද කරත් ජන්දේ... ජන්දේ...
    එකෙක්ට එකෙක් මඩ ගහනවා.. උන් ගහ ගන්න මඩ අපි නාගන්නවා.. ය‍කෝ මෙහෙම ගියොත් හෙට අනිද්දට
    දොට්ට පිලට යන තැනට ගියත් එතනත් POSTER එකක් BANNER එකක් තියේවි,,
    අලුත් දෙයක් හිතපල්ල බං.. 70/80 මිනිස්සු වගේ ජන්දේ මත්තේ නැහෙන්න එපා...
    තම තමන්ගේ ජන්දේ 26 වෙනිදට පාවිච්චි කරලා එක එකාට නෙවෙයි, මුළු රටටම හොද දෙයක් කරපල්ලා..
    ඒත් හත්පලේ ගාගන්න එපා..
    :no: :no: :no: :no: :no: :no:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හරි බන් සරත්ට හෑම දාම හමුදා පති වෙලා ඉන්න බෑනෙ........ එයා එයා ගෙ රාජකාරිය හරියටම රට වෙනුවෙන් කලා එච්චරය්....... මෙ යුද්දෙ කරද්දි දහස් ගානක් හමුදා සෙබලු මෑරුන නෙ.......ඈ කට්ටියගෙ ගෙවල් වල මිනිස්සු එනවද ද මෙ රටෙ වෑඩි අය්තිය් අපිට තමා තියෙන්නෙ කියල කියා ගෙන...... තම තමන් තමන් ගෙ රාජාකාරිය හරියට කරා එච්චරය්.... එත් ඈ හෑම දෙනෙක්ම අපෙ හදවත් වල ඉන්නව.......

    මහින්දටවත් සරත්ට විතරක්වත් යුද ජයග්‍රහන අයිති නෑ
    ඒත් බන් මන් කියන්නේ සරත්ව ඇයි අර ලොකුගේගෙ ලේඛම් කෙරුවේ
    ඒක මීඩියා වලට දෙන්න කලින් අහන්න තිබුනා නේද?
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔයාගෙ දෑනුවත් කම....පිල්ලෙයාන්ලා අන්තිමට පිටරට ගිහින් තියපු සාකච්චා පත්තර වල තිබ්බා දෑක්කෙ නෑද්ද?.....

    එතකොට සතාසිවම් කනගරත්නම්/ඩග්ලස් ගෑන මොකද කියන්නෙ...
    මම කලින් කීව වගේ සන්ධානයේ සියළුම පාර්ශව ඒකීය බව රැකීම ප්‍රධාන සාධකයක් කරගත් මහින්ද චින්තනය හා එකඟයි. ‍පිල්ලෙයාන් නම් වැඩි කල් මහින්ද එක්ක ඉන්න එකක් නෑ. මොකද මිනිහගෙ හිතේ තාමත් ෆෙඩරල් විසඳුම හොල්මන් කරනව කියල මට හිතෙනවා. ඒත් මහින්ද එක්ක ඉන්නකල් ඒ සෙල්ලම් බෑ

    ඩග්ලස් ගැන කියනවනම් මිනිහ මොනව අන්තර්ජාලයට දැම්මත් මොන පෝස්ටරේ ගැහුවත් ඒ අරමුණු ඉෂ්ට වෙන්නෙ නෑ. එහෙමනම් දැන් අවුරුදු කීයක් මහින්ද එක්ක ඉන්නවද? කෝ තාම එහෙම කතාවක්වත් ගියාද? මේ චෝදනා ආවෙත් මැතිවරණය කිට්ටු වෙලානෙ

    අනික කරුනා/පිල්ලෙයාන්ට දෙශපාලනයට එන්න අවස්තාවක් දිලා බෑලුවා වගෙ ඈයි දෙමල සන්ඩානයට දෙන්න බෑරි...
    ඒක තමා මහින්ද ඔවුන් සමග සාකච්ඡා කළේ. ඒත් ඔවුන්ගේ බෙදුම්වාදී අදහස් වලට මහින්ද නැමුණේ නෑ

    දෑන් කරන්න ඔන ජතිවාදය අව්සන එක නෙවි බන්..අපෙ රටෙ ජතින් අතර සමගිය ඈතිකරන එක...

    මම ප්‍රශ්නයක් අහනම් උබලගෙන් ද්‍රවිඩ සන්දානය මහින්ද මහත්තයා එක්ක එකතු උනානම් උබලා සරත්ට ඡන්දය දෙනවද?[/COLOR][/SIZE]
    ද්‍රවිඩ සංධානයෙ කොන්දේසි වලට එකඟ වෙලා නෑනෙ මචං. එහෙම වුණානම් ඒක ජාතියේ අවාසනාව කියල හිත හදාගෙන ගිහන් ඡන්දෙ කටුගාල එනවා.
    නමුත් මහින්ද ඒවට එකඟ වෙලා ෆොන්සේකා මංගල මනෝ වගේ රට බෙදන්න හදන අය ඈත් ක‍ළානම් බොහොම සතුටෙන් ගිහින් ෆොන්සේකට ඡන්දෙ දෙනවා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    නෑ මචන් මන් නම් දකින්නේ ජෙප්පොන්ට මහින්ද එක්ක තරහක් තියෙනවා
    උන්ට පොරොන්දු ඉටු කලේ නැති එකට
    අය වැය පරදින්න ඉඩ තිබුනු වෙලේ උන් චන්දය නොදී හිටියා
    මතකනේ අන්තිම මොහොත වෙනකන් කිව්වේ නෑ
    ආණ්ඩුවට අති බහුතරයක් තිබුනු වෙලේ උන් විරුද්ද්ව චන්දෙ දුන්නා

    බම්බුව බහුතරේ..
    වංශයා මාරුවුනේ නැත්නම් ඒ වෙලේ ආණ්ඩුවෙන් විපක්ෂෙට යන්න මේ ආණ්ඩුවෙම කට්ටිය(ඇමතිවරු) පෝලිම් ගැහිලා හිටියේ..බම්බුව රට උන්ට .ඔය කියන රට ගැන කැක්කුම ඔය 225 න් අති බහුතරයකට නෑ
    අනුර විතරයි ඉක්මන් උනේ...ඌ මාරු වුනා,,ගොනානේ අනික් උන් මොලේ පාවිච්චි කරලා ශේප් වුනා..තව කාලයක් තම බඩ උදෙසා රැකුණා
    :baffled:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මහින්දටවත් සරත්ට විතරක්වත් යුද ජයග්‍රහන අයිති නෑ
    ඒත් බන් මන් කියන්නේ සරත්ව ඇයි අර ලොකුගේගෙ ලේඛම් කෙරුවේ
    ඒක මීඩියා වලට දෙන්න කලින් අහන්න තිබුනා නේද?

    අනිවා මචන් මෙ යුද්දෙ කරේඑ දෙන්න විතරක් නෙමෙ....... නමුත් සමහර අය එකෙ අය්තිය තනියෙන් ගන්න හදන එක තමා වෑරදි...... අඉ බන් ආරක්ශක මාන්ඩලික ප්‍රදානි තනතුර SF ට දුන්න නේද.......

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මොන බොරුද බන්
    පෙරෙදා විමල් කිව්ව ලොකුම ප්‍රශ්නය නිට්ටාවටම සුව කලා කියලා
    ඊයේ අමුණුගම කියනවා තාම යුද්දේ ඉවර නෑලු

    අමුණුගම අදහස් කළ දේනම් මම දන්නෙ නෑ.
    ඒත් විමල් කීවෙ මම කලින් කියපු දේ. ආයුධ රැගත් ත්‍රස්තවාදය නැමති රෝගය නිට්ටාවටම සුවයි