චන්ද්‍රිකාගේ ආරක්ෂක ප්‍රධානියා අධිකරණ&#
පාතාල කල්ලි නායකයෙකු වූ බැද්දගානේ සංජීව නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවලට හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශ ප්‍රධානී නිහාල් කරුණාරත්න අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. ඒ අනුව ඔහුට දඩුවම් නියම කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ විසින් මේ මස 25 වන දිනට කල් තබනු ලැබ ඇත. 2000 වසරේ පෙබරවාරි මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පාතාල නායකයෙකු වූ බැද්දගානේ සංජීව නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක සමුද්‍රජීව ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමට තර්ජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිහාල් කරුණාරත්න නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
නීතිපතිවරයා පවරා තිබු නඩුවට අදාළ චෝදනාවලට විත්තිකරු වරද පිළිගත් අතරල ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම මහාධිකරණ විනිසුරුවරිය විසින් කල්දමනු ලැබ තිබේ.