චන්දිමාල්ව_කපලා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    චන්දිමාල්ව_කපලා

    "ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්න් අගේන් ආගමික බලපෑම බරපතලයි" අසන්තලා, දිමුත්ලා එක්වී චන්දි ටෙස්ට් කණ්ඩායමෙනුත් කපා දමයි.!

    රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදි ආරම්භ වුනා. මෙහිදි ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. පසුගිය කාලයේ පටන්ම දක්ෂතා අතර පසුවූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොදම පිතිකරු වශයෙන් පරාජයට පත් වීමට ගිය බොහෝ තරග ප්‍රතිඵලය වෙනස් කළ ක්‍රීඩකයෙකි.

    එවන් ක්‍රීඩකයෙකු ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් කණ්ඩායමට ගෙන්වා ඇත්තේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ නායක දිමුත් කරුණාරත්න විසින් ලබා ගත් තීරණයක් නිසා බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

    ඒත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා පිළිකාවක් ලෙස වැඩී ඇති 'බෝර්න් අගේන්' නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුව තිබෙනා බවට චෝදනා එල්ල වී තිබෙනවා.

    මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිළධාරියෙක්, පුහුණුකරුවෙක් හෝ තේරීම් කමිටු සාමාජිකයෙකු වීමට අනිවාර්ය සුදුසුකම වී ඇත්තේ මෙම 'බෝර්න් අගේන්' නිකායේ සාමාජිකයෙකු වීමයි. මේ බවට කණ්ඩායම තුලින්ම චෝදනා එල්ල වූ අතර හිටපු කළමණාකරු චරිත් සේනානායකද කණ්ඩායමෙන් ඉවත් වූ අවස්තාවේ මෙම බෝර්න් අගේන් මාෆියාව පිළිබඳ හෙළිකර සිටියා.

    මෙම ආගමික නිකාය නියොජනය කරනා නිළධාරීන් විසින් වෙනත් ආගම් සහ විශ්වාසයන් යුත් ක්‍රීඩකයන් අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කරන බවට දිගින් දිගට චෝදනා එල්ල වන අතර දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් විසි වීම පසුපස මෙම ආගමික අන්තවාදය ප්‍රබලව පවතින බවට චෝදනා එල්ල වනවා.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    818669.html


    ආගම නිසා WorldCup එකට නොගත්ත අකිල අද විකට් 5ක්ම ගත්තා
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    චන්දිමාල් කියන්නෙත් මෙලො වැඩක් නැති එකෙක්.ඌට දුන්න චාන්සස් නිසා හුගක් කෝච්ලට සෙලෙක්ටර්ස්ලට ජොබ්ස් නැති උනා.:P
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පසුගිය කාලයේ පටන්ම දක්ෂතා අතර පසුවූ දිනේෂ් චන්දිමාල්

    :rofl: