චන්දිමාල් පන්දුව පළුදු කලාද? - Video
ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ල විය.
මෙයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළු කණ්ඩායම පිටියට නොපැමිණ පැය දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩාගාරයේ රැඳී සිටියේය.
කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා කළමනාකාරීත්වය මැදිහත් වීමෙන් පසු ක්‍රීඩකයින් යළි තරඟයට අවතීර්ණ වී තිබුණි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ චන්දිමාල් වැරදිකරු ලෙස තීන්දු කර නොමැති බවත් තරඟය අවසානයේ විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත්ය.
කෙසේවෙතත් ඊයේ තරඟය අතරතුර චන්දිමාල් සිය කලිසම් සාක්කුවෙන් යමක් රැගෙන කටේ දමාගෙන එය භාවිතා කරමින් පන්දුව ඔප දමන සජීවී රූපරාමු විකාශනය කර තිබෙනවා.
මේ අනුව චන්දිමල්ට පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා යම් රසායන ද්‍රව්‍යක් භාවිතා කිරීමේ චෝදනාව එල්ල විය හැකි බව පැවසේ.