චන්දෙන් පස්සේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මට හිතෙන්නේ බන් ලංකාවේ මිනිස්සු ඉන්නේ පට්ට stress එකෙන්.
    යෙක නිසා මොකක් හරි දෙයක් අල්ලගන්නවා. උදා. චන්දයක් එහෙම නැත්නම් ඉරජ්ගේ අලුත් සින්දුවක් මොකක් හරි කමක් නැ.

    ෆේස් බුක් එකට ගියාම චන්දෙට දාලා තියෙන ඒවා දැක්කම එපා වෙනවා. එකට ඉස්කෝලේ බත් එක කාලා පන්ති කට් කරපු උන් කුණුහරපෙන් බැන්නගන්නවා මහින්දයි රනිල්ගෙයි පැත්තට වෙලා. හැබැයි බන් අද හවසට රනිල් සහ මහින්දයි එකතු වෙලා හින්ටන් එකේ අඩියක් ගහලා අපිට හිනා වෙනවා ෂුවර්.

    අපේ ගමේ නම් කම්බ හොරෙක් ගොඩ ගියා මහින්ද මහත්තයා හින්දා.
    ගමේම පාරවල් ටිකට තාර දාපු එකා පරාදයි රනිලා සහ උන්ගේ ගොන් *කයන්ගේ වැඩ නිසා.

    ගමේ ඉන්නේ එච්චර හිතන්න බැරි අය හිතන් ඉන්නේ එයාල චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට කියලා. හූ අන් පි උන් සද්දයක් නැ. :rofl: ජවි පෙ උන් නම් ගමෙන් ගිහින් වගේ.

    පුද්ගලයෙක් විදියට මහින්ද මහත්තයට කැමති. නමුත් අපේ පැත්තෙන් ඉල්ලපු එකා නම් පට්ට හොරෙක්.

    එහා ගමේ නම් යු අන් පි උන් පැරදුන එකමයි හොද. මුන් අපිට යන්න තියෙන පාරවල් වහගෙන රැස්වීම් තිබ්බේ. අපි කටු කන්න ඕනේ උන් නිසා. එන්න කලින් මෙහෙම නම් අවොත් කොහොම තියෙයි ද ?


    අන්තිමට කියන්න තියෙන්නේ. මොකා ආවත් රතු ලයිට් ගහන ඩිෆෙන්ඩර් එද්දී අපි බයික් එක කාණුවට කපාගන්නා ඕනේ. නැත්නම් වෙඩි තමයි කන්න වෙන්නේ. :sorry:



    චන්දෙ දැම්මේ නෑ කාටවත්. අවලංගු චන්දයක් දැම්මේ මම.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo
    ඕක නිකන් ලංකාවට විතරක් අදාල දෙයක් වගේ නිකන් බබා පාර්ට් දාන්න එපා, හැම රටකම වගේ ඔහොමයි, මිනිස්සු එහෙම ඉන්න එක හොඳයි