චන්ද බිල්ලක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,374
    14,281
    113
    පෘථිවිය

    ඡන්දයට ගමේ යද්දී පවුලකට සිදුවූ අනතුරින් දෙදරු මව මරුට​


    පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීමට දරු දෙදෙනා සහ බිරිය සමග සිය ගම් ප්‍රදේශය බලා ත්‍රිරෝද රියකින් යමින් සිටියදී මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටී ඊයේ (12) දහවල් සිදුවූ අනතුරින් බිරිය මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.


    අනතුරින් මිය ගොස් ඇත්තේ මිද්දෙණිය කුඩුගල්ආර බැද්දේවත්තේ පදිංචිව සිටි 34 හැවිරිදි ජි.ඒ. චම්පිකා උදයාංගනී නමැති දෙදරු මවකි.ඇයගේ සැමියා හා අවුරුදු හතක පුතා සහ වයස අවුරුදු හතරක දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


    අනතුරට පත් එකම පවුලේ පිරිස පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර මෙම 14 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ ඡන්දය දැමීම සඳහා ගම් ප්‍රදේශය බලා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය කියයි.

    130915149.jpg


    130915148.jpg
     

    Similar threads