චමල්_කියයි_මලයා_ගැන

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
චමල්_කියයි_මලයා_ගැන

‘මලයා පැරදුනේ රටේ වාසනාවකට' - චමල් කියයි!

chamal.jpg


‘මේ රටේ තාමත් දෙය්යො බුදුන් කියල කොටසක් ඉන්නව කියල මට තේරුනේ මගේ මලයා පැරදිච්ච දවසෙ. මගේ මලයා නෙමෙයි කවුරු කරත් වරද වරදමයි. ජනාධිපතිතුමා මේ ගමන දින්නනම් අපේ රටට මොනව වෙයිද කියල මට හිතාගන්නවත් බෑ. නමුත් තාම මේ රටට දෙවියන්ගෙ බුදුන්ගෙ ඇල්ම බැල්ම තියෙනවා. ඒ නිසා තමයි අපේ මලය පැරදුනේ' යනුවෙන් පෙරේදා (14) ශ්‍රී ජයවර්ධනපුර කථානායක නිල නිවසට රැස්වූ ශ්‍රීලනිප ජේෂ්ඨයින් අමතා කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
‘ඔහෙල කාටවත් කොන්දක් තිබුන්නෑ ජනාධිපතිතුමා වරදක් කරන කොට ඒක පෙන්නල දෙන්න. ඔහෙල හැමෝම කලේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉදපු එක විතරයි. අපි කව්රුවත් හිතුවෙ නෑ මෛත්‍රීට මේවගේ කොන්දක් තියෙන මනුස්සයෙක් කියල. බැරිවෙලා පැරදුනානම් මෛත්‍රී මෙලහට ෆොන්සේකා වගේ ඇතුලෙ. මෛත්‍රී විතරක් නෙමෙයි චන්ද්‍රිකා මැඩම්ටත් දෙන්න තමයි මේ ගොල්ලො ප්ලෑන් කරන් හිටියෙ. නමුත් අපේ රට වාසනාවන්තයි' යනුවෙන් කථානායකවරයා මේ බැව් සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන තෙක් ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමග තේ පානය කරමිනි. ඒ වන විටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කථානායක නිල නිවසේ වෙන කාමරයක සිට ඇත. කථානායකවරයාගේ මෙම ප්‍රකාශයට විරුද්ධව කිසිවෙක් අදහස් දක්වා නැති අතර ජේෂ්ඨයින් සියළුම දෙනා නිහඬවම කථානයකවරයාගේ ඉහත ප්‍රකාශය අනුමත කර ඇත.
 

NeoStar

Banned
Jan 10, 2015
157
47
0

‘ඔහෙල කාටවත් කොන්දක් තිබුන්නෑ ජනාධිපතිතුමා වරදක් කරන කොට ඒක පෙන්නල දෙන්න. ඔහෙල හැමෝම කලේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉදපු එක විතරයි. .

අනේ චමලෝ අපිටත් හොඳ කොන්දක් තිබ්බ. එත් වැඩක් නැහැ එක පෙන්නලා දෙන්න ගියොත් කෙලින්ම ඔයාගේ අනෙක් මලයා සුදු වෑන් වලින් අපිට ලිෆ්ට් එකක් දෙනවනේ